SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය ඊයේ  (07) පස්වරුවේ පැවැත්වුණි.

සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන ජනපති අපේක්ෂකයන් අද  විවාදයට සහභාගි වන බවට දැනුම් දුන්නත් ඒ සඳහා එක්ව සිටියේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පමණි.

 

''රට ගොඩනගන්නේ කෙසේද'' යන මැයෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සඳහා මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ සජීවී විවාදයේ පළමු දිනය ඊයේ  පස්වරු 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි.

 

ඒ අනුව සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින්  ඊයේ  දිනයේදී විවාදයට සහභාගි වන බවට දැනුම් දී තිබුණි.

විවාදයේ අරමුණ, ජනාධිපති ධුර අපේක්ෂකයින්ට තම අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කිරීම සහ ජනතාවට සුදුසු අපේක්ෂකයෙකු තෝරාගැනීම පහසු කිරීමය.

නමුත් විවාදය ආරම්භ කිරීමට නියමිතව තිබු අවස්ථාවේදී ඒ සඳහා සහභාගී වීමට පැමිණ සිටියේ සර්වජන ජනාධිපති ධූර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පමණි.

කෙසේ වෙතත් අනෙකුත් ජනාධිපති ධුර අපේක්ෂකයින් පැමිණෙන තෙක් ප්‍රමාද කළ විවාදය, සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ සහභාගිත්වයෙන් පමණක් නියමිත වේලාවට මිනිත්තු 40කට පසු, එනම් පස්වරු 3.40ට ආරම්භ විය.

 

එහිදී අදහස් දක්වමින් ව්‍යවසායක දිලිත් ජයවීර පැවසුවේ මෙවැනි විවාදයකට පැමිණිමම තමන්ට ඡන්දය ලබා දීම ප්‍රමාණවත් වන බවයි. 

 

ප්‍රශ්නය - IMF ගිවිසුම ක්‍රියාත්මක වන සන්දර්භයක ඔබ ඒ සඳහා යෝජනා කරන නිෂ්චිත ක්‍රියාමාර්ග තුනක් සඳහන් කරන්න පුළුවන්ද?

 

පිළිතුර - අපි යෝජනා කරලා තියන්නේ ඉතාම සරලව නවෝත්පාදනයකින් තොරව ඒ කියන්නේ සල්ලි හොයන්නේ නැතිව මේ රට ණය උගුලෙන් ගලවා ගන්නට බැහැ. 

2028 ඔය දැනට ලැබී ඇති මොනටෝරියම් එක ඉවර වීමත් සමගම අපිට අවශ්‍ය වෙනවා 2029 ආරම්භයේ සිට ඒ අවුරුද්දට ඩොලර් බිලියන 30කට ආසන්න ප්‍රමාණයක් මේ ණය ප්‍රාග්ධනය සහ පොලිය ගෙවා ගැනීමට.

කිසිම සංවාදයකින් ඒක එළියට එන්නේ නැහැ. ඉතිං අපි වහා උපායමාර්ගයකට ගියේ නැත්නම් ඒ ධනය නිර්මාණය කර ගැනීමට මේ තියන තත්ත්වෙන් ඉතාම පහළට යනවා.

 

ප්‍රශ්නය - මේ රටේ මහා පරිමාණ දූෂණයයි රාජ්‍ය පාලනයේ දුර්වලතාවයෙයි එක් එක් අංශ සඳහා ඔබ ගන්නා නිෂ්චිත ක්‍රියාමාර්ග මොනවාද?

 

පිළිතුර - දූෂණය කියන එකත් මම හිතන්නේ දේශපාලනඥයින් අද මෙතෙන්ට එන්නට බැරි තරමටම ඔවුන් දේශපාලන එකමුතුවක් හැටියට මට පේනවා මේ දූෂණය කියන විෂයේදී.

මොවුන් සියලු දෙනාම මට හිතෙන්නේ නිහඬව එකඟවී තිබෙනවා මේ දූෂණය කියන විෂය සම්බන්ධයෙන්.

දැන් අපි මේකටත් සරල විසඳුමක් දීලා තියනවා. ඒ තමයි දූෂණය තුරන් කිරීම කියන විෂයම යටතේ.

අනන්‍ය පුද්ගල හැඳුනුම් අංකය භාවිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගනුදෙනු එකම ඩිජිටල් පද්ධතියකට යටත් කිරීමෙන් සියලු පුද්ගල හා ආයතනික ගනුදෙනුවල පාරදෘෂ්‍යභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ඇත. මෙය 2024.12.31 වන දින විට ආරම්භ කර මාස 6කින් සියලු කටයුතු නිමා කරනු ඇත. 

ලෝකයේ දූෂණය නැති කරලා නැහැ පනත් වලින්. ලෝකයේ දූෂණය නැති කරලා තියන්නේ අද වෙනකොට නවීන තාක්ෂණය භාවිත කරලා. වියදම් කිරීමේ අවස්ථාවේදී තමයි ඔවුන් ඔය හොරු අල්ලන්නේ. 

මෙන්න මේ අනන්‍ය ඩිජිටල් අංකය අපේ අසල්වැසි ඉන්දියාවෙත් මෝදි රජය විසින් හඳුන්වා දුන්නා. අපි යෝජනා කරන්නේ වහාම මේක කරන්න ඕන.

 

ප්‍රශ්නය - ඇයි දිලිත් ජයවීරට ඡන්දය දිය යුත්තේ ?

 

මට ඡන්දය දිය යුතු පළවෙනිම කාරණය තමයි මේ වේදිකාවට අනිත් කිසිවෙක් ආපු නැති එක. ප්‍රතිපත්ති ප්‍රකාශ 4ක් තියෙනවා, උපායමාර්ගික වැඩපිවෙළක් තියනවා, උපායමාර්ගික වැඩපිළිවෙළ නියෝජනය කරන පුද්ගලයෙක් ඇවිල්ලා තියෙනවා. ඔහුගේ මූණත් වෙනස්, හැසිරීමත් වෙනස්, කතාබහත් වෙනස්, ඔහුගේ වැඩපිළිවෙළත් වෙනස්, ඔහු කොච්චර වෙනස්ද කිව්වොත් මේ වගේ විවාදයකට එන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.

 

උපුටාගැනීම - adaderana