වසන්ත සමරසිංහගේ මෙම ප්‍රකාශය share කරනුයේ UNP පාක්ෂිකයින් සහ
පෙසප පාක්ෂිකයින් විසිනි. UNP පාක්ෂිකයින් මෙය share කිරීම යථාර්තවාදී වන අතර පෙසප පාක්ෂිකයින් විසින් UNP ය විසින් නිර්මාණය කරන ලද මෙය share කිරීම ඔවුනගේ අමු ගොබ්බ මුග්ධත්වය ප්‍රදර්ශනය කිරීමකි.
ජ.වි.පෙ. ලෝක ධනවාදය සමග හැප්පීම ට ගොස් මේ වන විට ගුණාත්මක සහල් අඩුව ට දී ගත නොහැකි ව හඬමින් සහ ලතවෙමින් සිටී.
ටෙන්ඩරය අසමත් වන්නේ ඇයි?
ගොං පෙ.ස.ප. සිතා සිටිනුයේ සහ ජ.වි.පෙ. සිතා සිටියේ රාජ්‍යය තුලින් මේ දේවල් නිවැරදිව ඉටු කළහොත් පෞද්ගලික අංශයේ ලාභය ද මගහැර අඩුව ට ගුණාත්මක සහල් දිය හැකි බව ය. නමුත් ජ.වි.පෙ. ට යථාර්තය අවබෝධ වන්නේ මේ සඳහා ටෙන්ඩර් දැමීමේ ක්‍රියවලියේ දී ය.
දිගින් දිගට ම රාජ්‍ය සහල් ටෙන්ඩරය අසමත් වීම ට පහත සඳහන් හේතු බලපානු ලබයි:
ප්‍රධාන හේතුව වන්නේ ධනවාදය ට අදාලව යථාර්ථවාදී නොවන නියමයන් සහ කොන්දේසි ටෙන්ඩරය තුල අඩංගු වීම යි. එනම්, රජයේ සහල් ටෙන්ඩරයේ ප්‍රායෝගික නොවන අවශ්‍යතා (ධනවාදය ට අදාලව) හෝ කාලරාමු ඇතුළත් වීම විසින් ලංසුකරුවන් සහභාගී වීමෙන් වළක්වයි. මෙය තවදුරටත් පැහැදිලි කල හැකිය. ලෝක සහල් වෙළඳපොලේ විවිධාකාර ප්‍රමිතීන්ගෙන් යුතු සහල් ඇත. මේවායේ මිල ප්‍රමිතිය ට අදාලව වෙනස් වේ. වත්මන් ආණ්ඩුව ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉහල ම ගුණාත්මකභාවයක් අපේක්ෂා කරන විට ඊට අදාළ සහල් වල මිල ගණන් ඉහල තත්වයක පවතී.
ටෙන්ඩරය අසමත් වීමේ මූලික ම හේතුව මෙයයි (පසුගිය දිනක ගෙන්වන ලද සහල් තොගයක් ආහාරය ට නොසුදුසු බව පවසමින් නැවත හරවා යවන ලදී. එසේම ආනයනික සහල් ඇලෙන ස්වභාවයකින් යුක්ත වීම පිළිබඳව චෝදනා එල්ල වේ. මෙම ඇලෙන සහල් වල ඇලෙන ස්වභාවය හේතුවෙන් අඩු මිලට ආනයනය කිරීම ට හැකි වී ඇත. නමුත් ඇලෙන ස්වභාවය යනු මීට පෙර ආනයනය කරන ලද නො ඇලෙන හාල් මෙන් ආහාරය ට නොසුදුසු තත්ත්වක් නො වේ).
එසේම තවත් හේතු ගණනාවක් ද තිබේ. ලංසුකරුවන් ට, රජයේ නිලධාරීන් ට හෝ ටෙන්ඩර් බලධාරීන් ට අල්ලස් ලබා දීම අනෙක් ප්‍රධාන ආකාරයයි. ආනයනකරුවන් වඩාත්ම සුදුසුකම් ලත් හෝ තරඟකාරී නොවූව ද, ටෙන්ඩරය දිනා ගැනීමේදී ඔවුන්ගේ ලංසුව ඇගයීමේදී හෝ තත්ත්ව පරීක්ෂණ අතරතුර ලිහිල් බව සහතික කිරීම මින් සිදු වේ. ටෙන්ඩරයේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණය ට වඩා අඩු ගුණාත්මක බවකින් යුත් සහල් සැපයීම වැනි නීති රීති මඟ හැරීම ඒ අනුව සිදු කල හැකි ය. ටෙන්ඩරය දිනා ගැනීමෙන් පසු, ප්‍රමිතියෙන් තොර සහල් බෙදා හැරීම හෝ සැපයුමේ ප්‍රමාදයන් වැනි අඩුපාඩු නොසලකා හැරීම සඳහා "පරිපූරකයක්" ලෙස ලංසුකරු විසින් තම ලාභයෙන් කොටසක් නිලධාරීන් ට ආපසු ගෙවිය හැකිය. සමහර ලංසුකරුවන් තම ලාභ උපරිම කර ගැනීම සඳහා අඩු ගුණාත්මක හෝ නුසුදුසු ලෙස ගබඩා කළ සහල් සැපයිය හැකි ය.
සහල් මිල පිළිබඳව සැලකීමේ දී බොහෝ දෙනෙකු නොසලකා හරින තවත් ප්‍රධාන කාරණයක් වන්නේ දේශගුණ විපර්යාස හේතුවෙන් සහල් මිල ඉහල යාම යි. මේ තත්වය ලංකාව ට ද විශාල වශයෙන් බලපා ඇත (පසුගිය දිනවල නියං සහ ගංවතුර හේතුවෙන් සිදු වූ වගා හානි සඳහා රජය විසින් ගෙවූ මුදල ඉතා ඉහලය). ඊට අමතරව ලෝක සහල් වෙළඳපොලේ වෙළඳුන් ට ද ශ්‍රී ලංකා රජය විසින් මෙසේ ප්‍රමිතිගත සහල් ඉල්ලා සිටීම විසින් ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා ප්‍රශ්නයක් ඇති කරයි. එනම්, මහා පරිමාන වාණිජ සහල් නිෂ්පාදනයේදී අනීවාර්ය තත්වයක් වන විවිධාකාරයෙන් ප්‍රමිතිකරණයට ලක්කළ හැකි සහල් නියැදීන් තිබීම අනීවාර්යතාවයකි. ඒ සියල්ල ඔවුන් අලවි කල යුතුව ඇත. ඒ අනුව, උසස් ප්‍රමිතියෙන් යුතු සහල් යුරෝපය ට හෝ එවැනි රටවල ට අපනයනය කරන විට ලංකාව වැනි රටවල් බාල ප්‍රමිතියේ සහල් සඳහා ඉතාම සුදුසු තෝතැන්නකි. මේ තත්වය අර්බුධය ට ලක්වීම ට වෙළඳුන් ඉඩ නොතබනු ඇත. ඒ අනුව "සහල් මාෆියාව" ඩඩ්ලි ඇතුළු දේශීය සහල් ව්‍යාපාරිකයා ට පමණක් සීමා වන තත්වයක් නො වේ.
නමුත් රනිල් බලයේ සිටියේ නම් මෙලෙස සහල් මිල ඉහල නොනගිනු ඇත. රනිල්ගේ ක්‍රමය වන්නේ ඕනෑම ව්‍යාපාරිකයෙකු හට නිදහසේ සහල් ආනයනයට ඉඩ ලබාදීම යි. එහිදී එම ව්‍යාපාරිකයින් තරඟකාරී ලෙස සහල් ආනයනය ට ඉදිරිපත් වී දිය හැකි අඩුම මිල ට සහල් ආනයනය කිරීම සිදු කරයි. රජය විසින් සිදු කරන ආකාරයෙන් නොව ලංසු තැබීමේ ක්‍රියාවලියේ දී කල හැකි සියලු ජිල්මාට් දමා අඩුව ට සහ තමන් ට උපරිම ලාභයක් ලැබිය හැකි පරිදි ටෙන්ඩරය ලබා ගත හැකි ව්‍යාපාරිකයින් සිටී. නමුත්, එම සහල් ස්ථිර ලෙසම ඉතාම දුර්වල ගුණාත්මකභාවයෙන් යුතු වීම අනීවර්යතාවයකි. එහෙත් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මෙම සහල් වල ගුණාත්මකභාවය සහතික කරදීම සඳහා සැදී පැහැදී සිටිනුයේ දේශපාලන තීරණයක් වන එය තීරණය කරනුයේ පවතින ආණ්ඩුව විසින් බැවිනි.
රනිල් ට අනුව ලංකාව වැනි අඩු සංවර්ධිත රටවල අඩු ආදායම්ලාභී "ජනතාව" මෙම සහල් බුක්ති විඳිය යුතුය. ඒ තවමත් ලංකාව සංවර්ධනය කරා යමින් සිටින බැවිනි. නමුත් ඇති හැකි අය ට මිලදී ගත හැකි උසස් තත්වයේ සහල් වෙළඳපොළක් ද රට තුල පැවතිය යුතු ය (CIC, Hayleysවැනි ආයතන කිලෝව 800-1500 වැනි මිල ට වස විස නැති සහල් නිෂ්පාදනය කරයි). රනිල් ට අනුව මෙම තත්වය ජයගත හැක්කේ 2048 වර්ෂයේදීය. ඒ සුද්දා ඔවුන්ගේ විජේවර්ධන පවුල ට රට භාර දී අවුරුදු 100ක් ගිය තැන ය. එවිට දැන් සිටින චාල්ස් රජු ජීවතුන් අතර නොසිටිය ද රනිල්ට වයස 99 දී හෝ රුවන් විජේවර්ධන ට වයස 82 දී විලියම් රජුට රටට ආරාධනා කර තම පරපුර ඉටු කල කාර්ය පෙන්වා සතුටු විය හැක. රනිල්ගේ සිහිනය එයයි.
මෙසේ අඩු මිලට ඉතාම බාල ප්‍රමිතියෙන් යුතු සහල් ගෙන්වීමේදී දේශීය වී ගොවියා සහ ව්‍යාපාරිකයා අර්බුධය ට යාම නොවැලැක්විය හැකි ය. ආනයනික සහල් සඳහා රු. 65ක බද්දක් අය කිරීම සිදු වූයේ එම අර්බුධය විසඳීම සඳහා ය. නමුත් එය රනිල්ගේ ක්‍රමය නො වේ. රනිල්ගේ ක්‍රමය ට අනුව දේශීය වී වගාව සඳහා වැයවන පිරිවැය ඉතාම අධික ය. එබැවින් එය පාඩු ලබන ව්‍යාපාරයකි. ප්‍රමිතිය කෙසේ වෙතත් රනිල් ට අනුව එම පිරිවැයෙන් භාගයක මිල ට ආනයනික සහල් ලබා දිය හැකි ය. ඒ අනුව රනිල් යෝජනා කරනුයේ ලංකාවේ කුඹුරු වල වී වෙනුව ට රෝස විය යුතු බව ය. නමුත් "Regaining Sri Lanka" වැඩපිළිවෙල යටතේ 2002 වසරේ දී ඒ අකාරයෙන් වී වෙනුව ට රෝස වැවීම ආරම්භ වූයේ නම් Covid-19 පැවති සමයේ සහ ආර්ථික අර්බුධය පැවති සමයේ ඇති වන තත්වය කිසිවෙකු ටත් සිතා ගැනීම ට හෝ නොහැකි වනු ඇත.
ඩඩ්ලි ලා රු.250 ට සහල් විකිණුව ද මේවා යේ සත්‍ය මිල මීට වඩා වැඩි විය යුතු ය. ඒ රජය විසින් පොහොර සහනාදාර දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන වගා හානි සහ ගොවි විශ්‍රාම වැටුප් සඳහා ගෙවී ට විශාල මුදලක් වැය කරන බැවිනි (රජය වැය කරන මුදල් යනු නැවතත් මහ ජන ධනය යි). එවිට සාමාන්‍යයෙන් දේශීය සහල් කිලෝවක සත්‍ය වටිනාකම රුපියල් 400 ඉක්මවනු ඇත.
කෙසේ වෙතත් ජ.වි.පෙ. සහ පෙ.ස.ප. යන පක්ෂ දෙක ද ඓතිහාසික භෞතිකවාදය තම ස්ථාවරය ලෙස පිළිගනී. ඊට අනුව ද සමාජ සංවර්ධනයේ නිශ්චිත කාල වකවානු පසු කල යුතු ව ඇත. එය ගුණාත්මක වශයෙන් රනිල්ගේ ස්ථාවරයෙන් වෙනස් නො වේ.
ජ.වි.පෙ. ට දැන් ඇත්තේ, එක්කෝ සහල් මිල වැඩි කර ගුණාත්මක සහල් මෝඩ "ජනතාව ට" කැවීම ට හෝ මෝඩ "ජනතාව" සතුටු කිරීම සඳහා රනිල්ගේ ක්‍රමය අනුගමනය කිරීම යන පිළිවෙත් දෙකින් එකක් තෝරා ගැනීමයි.
@ස්පාර්ටකස් ලිපි