SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම සහ සමාජ සංවර්ධනය පිළිබඳ විවෘත වේදිකාවක්

සකස් කිරීම අරමුණු කරගත් 'මහජන වේදිකාව | Citizen's Platform' විසින් සංවිධානය කෙරුණු "රටේ හෙට" සම්මන්ත්‍රණය  ඊයේ (08) පස්වරුවේ  ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ.

 

 

පසුගිය කාලය තුළ පැවති මැතිවරණයන්හිදී විවිධ හේතූන් නිසා බෙදී වෙන්ව සිටි දකුණේ කඳවුරේ දේශපාලන නායකයින් යළිත් වරක් එක්කරමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

 

ඒ පිළිබඳව එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත වේ.

 

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂීම කාල සීමාව  ගත කරමින් සිටිමු. මහජන ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් මහජන අරගලයකින් බලයෙන් පහ කොට එළඹුණු ඊළඟ මැතිවරණයෙන් 'අරගලයේ මැතිවරණ ප්‍රතිඵලය' අප හමුවේ විද්‍යමාන විය.  මින් පෙර බලයට පත් වූ සියළු පක්ෂ පරාජයට පත් කරමින්, සියළුම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ පැරණි දේශපාලකයන් ප්‍රතික්ෂේප කරමින් මින් පෙර බලය නොදැරූ පාර්ශවයකට ජනතාව බලය ලබා දී තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අරුමය එයයි. තත්ත්වය එසේ තිබිය දී බලයට පත් ආණ්ඩුව සමග සහයෝගයෙන් මෙන්ම ඔවුන් විසින් සිදු කෙරෙන කටයුතු පිළිබඳ සංවේදීව විවේචනාත්මකව සක්‍රීයව දේශපාලනයක යෙදීමට මහජනතාව සතු අයිතිය එලෙසම පවතියි.

 

WhatsApp Image 2025 01 09 at 10.39.46

 

දේශපාලනය කෙරෙහි සංවේදී පුරවැසියන් ලෙස රටේ හෙට දවස, තමන්ගේ හෙට දවස, තම අනාගත පරපුරේ හෙට දවස වෙනුවෙන් රටට සිදුවන්නේ කුමක්ද යන්න සාකච්ඡා කිරීමේ මහජනතාව සතු පූර්ණ ජනතා ස්වාධිපත්‍යය අයිතිය පාවිච්චි කිරීම සඳහා වේදිකාවක් තනා දීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකයින් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ඉතාලියේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්‍ය ජගත් වැල්ලවත්ත මහතා මෙහි අරමුණ පැහැදිලි කරමින් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා 'දේශපාලන පරිවර්තනය' යන තේමාවෙන් ද, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා 'ආර්ථිකයේ ඉදිරි මග' සම්බන්ධයෙන් ද දේශන පවත්වන ලදී.

 

WhatsApp Image 2025 01 09 at 10.39.43

 

 

හිටපු කතානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, පාඨලී චම්පික රණවක, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, මහාචාර්ය චරිත හේරත්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, කරු පරණවිතාන යන  ඇතුළු දේශපාලනඥයන්, විද්වතුන් සහ වෘත්තීයවේදීන් ඇතුලු විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණය සඳහා එක්ව සිටියහ.

 

'රටේ හෙට' සම්මන්ත්‍රණයේ පූරකයා වශයෙන් කටයුතු කරන ලද්දේ 'මහජන වේදිකාව' සංවිධානයේ ලේකම් නීතීඥ රජික කොඩිතුවක්කු විසිනි.

 

WhatsApp Image 2025 01 09 at 10.39.43WhatsApp Image 2025 01 09 at 10.39.44WhatsApp Image 2025 01 09 at 10.39.45
WhatsApp Image 2025 01 09 at 10.39.47WhatsApp Image 2025 01 09 at 10.39.421WhatsApp Image 2025 01 09 at 10.39.431WhatsApp Image 2025 01 09 at 10.39.451

WhatsApp Image 2025 01 09 at 10.39.451

නවතම ලිපි