SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චීන සංචාරයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළුතරදී ජනතාව අමතනවා.

චීනයෙන් ලැබුනු සංඥාව නිසා ආර්ථිකය තුළ වඩා ඉදිරි පිම්මක් සහිත සහතිකයක් අතේ තියාගෙන එයා වටේටම වනනවා. විපක්ෂයේ වොයිස් කට් දේශපාලනයත් දිලිත්, රෙනෝගේ මාධ්‍ය මෙහෙයුමත් එයා එක මිටට අරගෙන පොලොවේ ගහනවා.

 

 

NPP ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රතිපත්ති මූලික කරගත් විවේචනයක් නොතිබිච්ච සජී බබා ඇතුලු මුලු විපක්ෂයම එයා හාන්සි කරනවා.

 

 

සමකාලීන ලංකාවේ වසර 30 ක් පමණ විපක්ෂ මතවාදය හසුරවපු JVP එක බලයේ ඉන්න මොහොතක වර්තමාන විපක්ෂය කියන්නේ බැලුම් බෝල පුම්බලා උඩ අරින පොඩි බබාලා සෙට් එකක්. අන්ත දූෂිත වුනු, අතීත ක්‍රියාකාරකම් නිසා මිනිසුන් සංවිධානය කිරීම වෙනුවට වොයිස්කට් දේශපාලනය හරහා මතවාදය පාලනය කිරීමට උත්සාහ කරන තක්කඩි රංචුවක්. මේ කිසිම කෙනෙකුට NPP දේශපාලනය තුළම මුල්බැස ගත් ජනතාව සංවිධානය කිරීමේ යාන්ත්‍රණයට කිට්ටුවෙන්නත් බැහැ. තමන් විසින්ම පසුගිය අවුරුදු 30 විතර කාලය තුළ ගොඩනගා ගත් දූෂිත දේශපාලනය ඇතුලේ ඔවුන් ජනතාවගේ "අනෙකා" බවට පත්වෙලා අවසන්.

 

අනුර ජනාධිපතිතුමා කරන්නේ මේ අතීත මිනී පෙට්ටියේ පියන පොඩ්ඩක් ඇරල ඒකෙන් එන කුනු ගඳ මිනිස්සුන්ට ආශ්වාස කරන්න ඉඩ දෙන එක විතරයි. මාස 2 ක් විතර තිස්සේ NPP ය වටා ඊට එරෙහිව ගොඩනැගෙමින් තිබුනු "බැලුම් බෝල මතවාද" එයා පුංචි ඉදිකට්ටකින් පුපුරවල දානවා. ආර්ථිකය තුළ ප්‍රසාරණය වෙන ප්‍රතිපත්ති හරහා ලැබෙන මූලික ආර්ථික නිදහස පිලිබදව වන අදහස දේශපාලනය තුළදී "සෙල්ලම් දාන්න එපා" කියන තැනකට එයා ගේනවා. චීනය සමඟ යන ගණුදෙනුව ඇතුලේ ලැබුනු සංඥාව හරහා එයාගේ මේ පෙනී සිටීම කියවා ගැනීම වැදගත් වෙන්නේ මෙතනින්.

 

දැන් විපක්ෂයේ සිටින මේ සියලුම දෙනා නොයෙක්, නොයෙක් කාලයන් හිදී ආණ්ඩු බලය දැරූවන් හා ඒ බලය හැසිර වූවන්. ඒ කාලය තුළ සිදුකරන ලද දූෂිත ක්‍රියාවන් නිසාම තමාවටා ඇති සදාචාරවාදී සීමාවන් බිඳ දැමූවන්. එවැනි පිරිසක් NPP හි සදාචාරවාදී සීමාවන් පිළිබඳව ඇති ගැටලු මතුකිරීම ජනතාව කෙරෙහි බලපෑම් සහගත වෙන්නේ නෑ. තමන් විසින්ම බලයට පත්කරනු ලැබූ තමන් වැනිම සාමාන්‍ය මිනිසුන් හා ගැහැනුන් "විඳින විනෝදය" සාමාන්‍ය මිනිසුන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ තුළ ඔවුන්ගේ අනෙකා බවට පත්වීමේ අනතුරක් NPP යට නැහැ. වඩ, වඩා මාධ්‍ය මත විපක්ෂයේ තක්කඩින්ගේ වොයිස්කට් දේශපාලනය මතුවීම ආණ්ඩුවට වාසි සහගතයි. එයින් සාමාන්‍ය මිනිසුන්ගේ සැබෑ අනෙකා පිළිබදව වන අදහස තව, තවත් සුජාතකරණය කරනවා.

 

අනුර කුමාර ජනාධිපතිතුමාගේ කළුතර කතාවේදී ඊට සහභාගී වන ජනයාගේ මුහුණු හා හිනාවන් හරහා කියන්නේ විපක්ෂයේ තක්කඩියන්ගේ දේශපාලනය මේ සාමාන්‍ය මිනිසුන්ව කොපමණ දුරකට ඉන් ඈත්කර තිබේද යන වගයි. අවශ්‍ය වෙන්නේ NPP දේශපාලනයේ සදාචාරවාදය පිලිබදව ප්‍රශ්න කරන විපක්ෂ බබාලා නෙමෙයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා විශේෂයෙන්ම එහි ආර්ථික මූලෝපායන් පිළිබදව වරනගන විපක්ෂයක්. ආණ්ඩුව සමග ගැටිය යුත්තේත් ඔවුන්ව විවේචනය කළ යුත්තේත් එතනින්.

 

අනුරගේ ටයිගැටය හෝ පලදින කබායට වඩා මහින්දගේ විජේරාම නිවස විශාල බව කලුතර ජනතාව අපිට දෙන පණිවිඩය අපි කියවා ගත යුතුයි. ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ මෙවැනි "බබා විපක්ෂයක්" වීම දේශපාලනිකයි.

 

 

@දීප්ති කුමාර ගුණරත්නගේ

Samabima Party ‌පිටුවෙන් උපුටාගති.

නවතම ලිපි