දකුණු කොරියාවේ E 08 රැකියා වීසා ගැටලුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය විසින් පැය 06ක පමණ කාලයක් ඊයේ (21) ප්‍රශ්න කර තිබිණි.
ඊට අදාළව මනූෂ නානායක්කාර හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී ඇත්තේ අපේක්ෂිත ඇපයක්ද අධිකරණයෙන් ලබාගැනීමෙන් අනතුරුවය.
කෙසේ වුවද තමන් මිනිස් ජාවාරමක නිරත වූ බවට ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු සාක්ෂියක් සීඅයිඩීය සතුව නැහැ”
“මට මඩ ගහන අයට විරුද්ධව මම නීතිමය පියවර ගන්නවා”