දර්ශන ලියනගේ ලියලා තිබුන අවිටාල් රොනෙල් කියන සුප්‍රකට ස්ත්‍රීවාදී මහාචාර්යවරිය විසින් නිම්රොඩ් රිට්මන් කියන සමලිංගික තරුණයාට බලහත්කාරකම් කළ සිද්ධිය ගැන.
මේක #metoo මූමන්ට් එක කණපිට ගහන එකක් වුනා. මේ #metoo පෙරමුනේ ප්‍රමුඛයෙක් වුනු ජුඩිත් බට්ලර් වගේ අයත් මේ සිද්ධියේදී පීඩිතයා විසින් දුෂ්ට අරමුණු ඇතුව කරන චෝදනාවක් හැටියෙන් දකිමින් රොනෙල්ට එරෙහිව ක්‍රියාකිරීම ගැන විරෝධය පළකලා. ස්ලැවොයි ජිජැක් කියන මහා දාර්ශනිකයාත් මේ වෙලාවෙ හිටගත්තෙ පීඩකයා හෙවත් අවිටාල් රොනෙල්ගෙ පැත්තෙ.
මේක ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇකඩමියානු බලය ගැන ප්‍රශ්නයක්. පුල්ට්සර් සම්මානලාභී ඩියස් විසින් ලේඛිකාවක් සිපගනිමින් තව අයව වාචිකව අපහරණය කිරීම ගැන සිද්ධියකදිත් ඇකඩමියානුවන් හිටගත්තෙ ඩියස් හෙවත් පීඩකයාගේ පැත්තෙ.
ඒ ගොල්ලො විවෘත ලිපියක් ලිව්වා ඩියස්ට විරුද්ධව පෙනී ඉන්න මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිරිස් විවේචනය කරමින්. ඇකඩමියානු වුනත් දේශපාලක, ව්‍යාපාරික කවුරු වුනත් අන්තිමට වැඩකරන්නෙ තමන් හා සමාන උවමනාවන් දරන තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒකෙ දාර්ශනික බවක් නෑ. සමාජ විද්‍යාත්මකව ඒක ට්‍රයිබල් පොලිටික්ස්.
ඔස්ට්‍රේලියානු සමාජ විද්‍යාඥයෙක් වෙන බ්‍රයන් මාර්ටින් මේ ගැන ලියනවා. එයා කියනවා ඇකඩමියාව කියන්නෙත් අනිත් ඕනම බල ධූරාවලියක් වගේමයි කියල. එතනදි බලය අභ්‍යාස වෙන්නෙ තමන්ගේ පුද්ගලික දක්ෂතාවය අනුව නෙමෙයි තමන් දරන නිලය තනතුර අනුවයි කියල. උදා විදිහට මහාචාර්ය කෙනෙක් කිව්වම ඒ පට්ටම ඇති. එයා පෙනී ඉන්න අදහස මොනතරම් ගංකබර වුනත් අදාල වෙන්නෙ නෑ. මේකට බ්‍රයන් කියනවා මෙතනදි ක්‍රියාත්මක වෙන අවිධිමත් සහයෝගී පෙරමුණු ගැන. විවිධ හේතු දක්වමින් මේ සහයෝගී පෙරමුණු තමන්ගේ සාමාජිකයාගේ ක්‍රියාව සුළුකොට තකන අතර එයින් ගැලවීමට උදව් වෙනවා කියල ඔහු පෙන්වා දෙනවා.
වංගීසගේ කාරණයේදී මේ අපචාරී පුරුදු නිසා ඔහුගෙන් සමාජයට ඇති බුද්ධිමය දායකත්වය නොතකා හැරීම වගේ කතන්දර ගේන්නෙත් මේ අනුවමයි. රොනෙල්ගෙ සිද්ධියෙදිත් මේ තර්ක මේ විදිහටම ගෙනාවා. ස්ලැවොයි ජිජැක් මේ සිද්ධියෙදි කිව්වෙ ඒක අපචාරයක් නෙමෙයි නිකං එක්සෙන්ට්‍රික් චර්යාවක් විතරයි කියල. ස්ත්‍රීන්ට සිදුවෙන බලහත්කාරයන් වෙනුවෙන් අටවාගත් metoo පවා ඒ සිද්ධියෙදි තමන්ගේ ස්ථාවරය තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයා වෙනුවෙන් පාවා දෙනවා.
බුද්ධිමය ගෝත්‍රිකභාවය කියන එක දරුණු තත්වයක් මොකද ඒක සාමාන්‍ය සමාජයේ ගෝත්‍රිකභාවයට වඩා ඉහලින් සමාජ බලයක් සහිතව වැජබෙන නිසා.
චින්තන ධර්මදාස