SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2020 දෙසැම්බර්යේ නත්තලට පෙර දින උදෑසන 7 ට ඇය සිටියේ තම දියණියද සමග ඇෆ්ගන් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් නිල රථය තුලය.

හිටිවනම රථයේ ඉදිරි වීදුරුව බිද දමමින් පැමිණි වෙඩි උන්ඩ ඉදිරි අසුනේ සිටි ඇගේ ආරක්ෂකයාගේද රියදුරාගේද සිරුරුමත පතිතව ඔව්හු වාහනය තුලම ඇද වැටුනු විට, ඊළග උණ්ඩ වටය පසුපස වීදුරු බිඳ දැම්මේය.

ඉලක්කය හරි පැහැදිලිය . භීතියෙන් කෑ ගසමින් සිටි සිය හය හැවිරිදි දියණිය අසුනෙන් ඇද දමා බිමට තල්ලු කරන විටම සිය බඩ හරහා සිරුර විනිවිද ගිය උන්ඩය ඇයව නැවතත් අසුනටම හේත්තු කලද ඇය පහත් වෙමින් සිය ආරක්ෂකයා සතු රයිෆලය ඩැහැ ගැනීමට සමත්විය. එවිට තවත් වෙඩි පහර 4ක් ඇගේ බඩ හරහා සිරුර විනිවිද ගියේය. එහෙත් මේ ගැහැණිය සිටියේ එළැඹ සිටි සිහියෙනි.

AK47 අතැතිව තමා වෙතට ලංවෙන ඉතිරි තිදෙනා ඇයට පෙණිනි. සිය දියණිය බේරාගැනීමට නම් සහතික ලෙසම ඇය හුස්ම ගත යුතුව ඇත. එබැවින් ඇෆ්ඝනිස්ථානයේ අපරාධ, මත්ද්‍රව්‍ය, හා ත්‍රස්තවාදී මර්ධන බලකායේ ප්‍රධානියා වන සබා සහාර් නම් වු ගැහැණිය සිය රයිෆලයේ උන්ඩ ඉවක්බවක් රහිතවම එක පිට එකක් ලෙස ඔවුනට එල්ලකරමින් මුදා හැරියාය.

 

sahar 5

මේ වනවිට ඊට ගෙවල් කිහිපයකට නුදුරින් සහාර්ගේ ස්වාමිපුරුෂයා වන ඉමාල් සාකි වෙඩි තැබීම ඇසෙන විට ඔවුන්ගේ වැඩිමහල් දරුවන් පාසලට සූදානම් කරමින් සිටියේය. ඉදිරි පාරේ සිදුවන්නේ කුමක්දැයි තම බිරිඳගෙන් අසා ගැනීමට හැකිදැයි කල්පනා කළ ඔහු තම දරුවන්ගේ පාසල් සපත්තු ගැටගැසීමට උදව් කරමින් සිටියදීම බිරිඳගේ අංකය ඇමතුවේය.

සබා සහාර් දුරකථනය එක අතකට ගෙන අනිත් අතින් තවමත් කැරලිකරුවන්ට වෙඩි තබමින් සිටියාය. සහාර්ට ඇය ඇයට තුවාල වී ඇති බව කෑගැසූ අතර ඔහුට උදව් ඉල්ලා සිටින්නැයි කීවාය. මිනිත්තු කිහිපයකට පසු ඔහු ඇගේ මෝටර් රථය වෙත ළඟා වන විට තුවක්කුකරුවන් පලා ගොස් තිබුණි.

 

sahar 6

මෝටර් රථයට එබී බැලු ඔහුට ලේ විලක් මැද සිය බිරිඳ එක් අතකින් තුවක්කුවද අනෙක් අතින් දියණියවද අල්ලාගෙන සිටිනු දුටුවේය. ආරක්ෂකයා සහ රියදුරා පවුලේ මෝටර් රථයට ඇදගෙන ගොස් ඔවුන් කෙටි පාරවල් හරහා රෝහල වෙත වේගයෙන් ගමන් කළහ. “අපේ දුව ආරක්ෂිතයි කියා සහතික වන තුරු මගේ බිරිඳ සිහියෙන් සිටියා. පසුව එයාට සිහිනැතිවුනා” ඉමාල් රෝහලේදී මාධ්‍ය වෙත පවසා තිබිනි.

පසුව තම රෝහල් ඇඳේ සිට කතා කරමින් සහාර් පවසන්නේ ඇය ඉලක්කයක් බවට පත්වීම ගැන පුදුම නොවූ බවයි. ඇය එවිටද රංගන වේදිනියකි. ඇෆ්ඝනිස්තානයේ එකම සහ පළමු කාන්තා චිත්‍රපටි අධ්‍යක්ෂකවරියද ඇයම විය . වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක ලෙස ද ප්‍රසිද්ධියක් උසුලන ඇය මෑත වසරවල දී ඇෆ්ගනිස්ථානයේ පොලිස් බලකායේ ඉහළම පෙළේ කාන්තාවක් බවට පත්ව සිටියාය. ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ ජාලයන්ට එරෙහිව විශේෂ ඒකකය සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඇය සතුය. වෙඩි තැබිම සිදුකලේ තලෙයිබාන් සංවිධානයයි. 2020 ජුලි මාසයේදී මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමේ පොලිස් නිලධාරියෙකු වන 23 හැවිරිදි ෆාතිමා ෆයිසි සන්නද්ධ කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබීය. ඇගේ විකෘති වූ සිරුර සති කිහිපයකට පසු වීදිවල තිබී හමුවිය. සහාර්ට පහර දීමට සති කිහිපයකට පෙර, කුන්ඩුස් පළාතේ තවත් කාන්තා පොලිස් නිලධාරිනියක් ආයුධ සන්නද්ධ පිරිස් විසින් ඇයව නිවසින් එළියට ඇද දමා අසල්වැසියන් ඉදිරිපිටදීම ඝාතණය කරන ලදී.

 

sahar 7

2021 ජනවාරි මාසයේ රෝහලෙන් පිටව නැවත සිය කාර්යාලයට ආ සබා සහාර් මාධ්‍යවේදීන්ට මෙසේ පවසා ඇත.

‘‘මම පොදු ජීවිතයේ ඉතා දෘශ්‍යමාන කාන්තාවක් වන අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීමට සහ ආරක්ෂක අංශවලට බැඳීමට අනෙකුත් කාන්තාවන් දිරිමත් කිරීමට මම මගේ ජීවිතය කැප කර ඇත්තෙමි. “දැන් පවා මම බිය නොවෙමි” සන්නද්ධ කණ්ඩායම් වලට ( තලෙයිබාන් ) කාන්තාවන් රැකියාවලට යාම වැළැක්වීමට අවශ්‍යයි. නමුත් “සෑම ඇෆ්ගනිස්ථානුවෙක්ම ආරක්ෂක සේවාවන්හි නියෝජනය කළ යුතුය. අපේ ජීවිතයේ සෑම අංශයකම පිරිමින් ආධිපත්‍යය දරන රටක, අපට පොලිසියේ කාන්තාවන් වැඩි වන තරමට අනෙක් කාන්තාවන්ට යුක්තිය, ආරක්ෂාව සහ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත.

‘‘මගේ රට හැර යාමට තරම් මගේ මනස දුප්පත් නැහැ. මගේ අරගලය සමග මගේ ජනතාව සිටින විට මා පිටවන්නේ ඇයි? මම රැඳී සිටියහොත් මට තලේබාන් සංවිධානය සමඟ සාමයක් ඇති කර ගැනීමට උදව් කළ හැකිය, නැතහොත් ඇෆ්ගනිස්ථානයේ හුදෙකලාව කටයුතු කරන්නෙකු ලෙස මට සටන් කළ හැකිය. ඔවුන්ගෙන් තවත් ප්‍රහාරයකට මම බිය නොවෙමි, නමුත් ඔවුන් සාමකාමීව අප වෙත පැමිණෙන ලෙස මම යාච්ඤා කරමි. එහෙත් ඔවුන් සමඟ සටන් කිරීමට මම බිය නොවෙමි”

 

sahar 4

ඒ 2021 ජනවාරිවලය. මේ 2021 ජූලි මාසයයි. ඇෆ්නිස්තානයේ තත්වයන් සහමුලින්ම වෙනස්වී ඇත. මේ වනවිට ඇෆ්ගන් ප්‍රධාන නගරවලින් 90% ක බලය තලෙයිබාන් සංවිධානය සතුය. තමන්ගේ ප්‍රශ්න තමන් විසඳගන්න කියමින් එක්සත් ජනපදය සිය හමුදා ලහි ලහියේ නැවත තම රටට ගෙන්වමින් සිටි. ආරක්ෂක අංශවල සාමාජිකයෝ ඇෆ්නිස්තානය අවට රටවලට සිය ගිනිඅවි අතෑර පලායමින් හිඳිති. දස දහස් ගණනක් ජනතාව ඇෆ්ඝනිස්තානය අතැර පලා යමින් සිටි. ඒ අතර සුලු ජනවර්ගයක් වන හසාර් ජන වර්ගය ප්‍රධානය. මෙම සතිය මුලදී මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ග්‍රාමීය පළාතක් වන හමාරා ජනවාර්ගික සුළුතරය වෙසෙන බාමියන්හි ඇෆ්ගන් පවුල් 100 ක් තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට බියෙන් කාබුල් වෙත පලා ගියහ.

තලේබාන් සංවිධානය විසින් ඔවුන්ගේ අවසාන පාලනයට විරුද්ධ විය හැකි පුද්ගලයන් ඉලක්ක කිරීමේ රටාවක් පෙන්නුම් කර ඇති අතර එයට මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, අධිකරණ නිලධාරීන්, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය සහ හසාරා වැනි සුළුතර කණ්ඩායම් අයත්වේ. තලෙයිබානුවන් මෙම කණ්ඩායමට එරෙහිව “පූර්වභංග” ප්‍රහාර එල්ල කරනු ඇත. ඔවුහු සාර්ථකව අත්පත් කර ගත් බවක් පෙනෙන්නට ඇති ස්ථානවල හෝ නගරවල, ඔවුන්ට වැඩි වැඩියෙන් අමනාප වන ජනතාව පාලනය කිරීමට ඉඩ තිබේ. ඇෆ්ඝන් ඡනාධිපති Ashraf Ghani, කිසිදු සංවේදනයකින් තොරවම ඇෆ්ගනිස්ථානයෙන් පලා යාමට උත්සාහ කරන පුද්ගලයින් හැඳින්වුයේ “විනෝදකාමී පුද්ගලයන්” ලෙසය . තලෙයිබානුවන් ඔහුට ඉතිරිකර ඇත්තේ ඇෆ්ඝන් අග නගරය කාබුල් පමණි.

ඇෆ්ඝනිස්ථානයෙන් එක්සත් ජනපදය නැමති මහසෝනා යන්නට ගියේය. ඒ වෙනුවට තලෙයිබාන් නැමති රීරි යක්ෂයා පැමින සිටි.

 

@ උපාලි ජයසිංහ

 

marrikkar

නවතම ලිපි