SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නලීන්වාදීන් ඉතා සුලබව කරන එක් කපටිවැඩක් නම් තමන් බටහිරට නොව බටහිර ආධිපත්‍යයට විරුද්ධ බව කීමයි.

එහිම දිගුවක් ලෙස ඔවුනට අනුව ඔවුන් විරුද්ධ බටහිර විද්‍යාවට නොව බටහිර විද්‍යා ආධිපත්‍යයටයි. මෙය ඇත්තටම නම් සිය අනුහාමිකයන්ට, හැකිතාක් දෙබිඩි සහ කුහක ජීවිතයක් ගත කිරීමට මහැඳුරු නලින් විසින් ලබා දුන් අගනා අවසර පත්‍රයකි.

 

ඒ අනුව බටහිර වෛද්‍ය විද්‍යාව පතුරු ගසනා ගමන්ම, තම දරුවන්ට නිසි කලට වේලාවට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට පුළුවන. එමෙන්ම තමන්ට ඇත්ත අසනීපයක් වැළදුනු විගස, ධම්මික පැණිය හා තරංගා පැණිය ගැන කිය කියාම, පුංචි තුවාලයකට බෙහෙත් දැමීමේ සිට හදවත් සැත්කම් දක්වාම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කර ගත හැක.

දවස ගානේ ටීවී, කම්පියුටර්, ස්මාට් ෆෝන්, ඉන්ටර්නෙට් පාවිච්චි කරමින්ම, කොටින්ම ඒවා හරහාම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවට දේශනා කළ හැකිය.

 

තමන් බටහිර විද්‍යාව ඉගෙන ගෙන, ඒ බටහිර විද්‍යාව සරණ කරගෙනම බඩ වියත සරි කර ගැනීමටත් හැකිය. බටහිර විද්‍යාව දන්නේ නෑ කියා අනිත් අයට හිනා වෙන්නටත් හැකිය. තමන්ගේ දරුවන්ට බටහිර විද්‍යාව උගන්වන්නටත් හැකිය. බටහිර සිරිත් විරිත් ඉතා උවමනාවෙන් අනුගමනය කරන්නටත් හැකිය. මොන උපක්‍රමයක් දමා හෝ බටහිර රටකට පැන ගන්නටත් හැකිය. ඒ පැනපු දවසේ සිට සුද්දන්ටත් වඩා හොඳට සුද්දන් වන්නට උත්සාහ කරන්නටත්, තම දරුවන් ඉතා ආයාසයෙන් ඒ සුදු මහත්තුරුන්ගේ දරුවන් හදන විදියටම හදන්නටත් හැකිය. ඉතින් මේ ඔක්කොම කරන ගමන් බටහිරට විරුද්ධව ඇඟ කිළිපොලා යන කතා කියන්නටත් හැකිය.

 

කවුරු හරි මේ දෙබිඩි දිවි පෙවෙත ගැන ඇහුවොත් තමන් විරුද්ධ බටහිරට හෝ බටහිර විද්‍යාවට නොව බටහිර ආධිපත්‍යයට හා බටහිර විද්‍යා ආධිපත්‍යයට යැයි කියා සිටීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඔවුන්ට ඇත. මෙය කිසිසේත්ම ලැජ්ජා බය තිබෙන, ප්‍රතිපත්තිගරුක මිනිසෙකුට සාමාන්‍යයෙන් කළ හැක්කක් නොවේ. ඒ නිසා මෙබඳු මැජික් වචනයක් නිර්මාණය කර දීම සම්බන්ධයෙන්, දැනට ඇත්ත ජීවිතයේ නියම කලු සුද්දන් පිරිසක් ලෙස ජීවත් වන නලීන්වාදීහු සිය කෘතවේදීත්වය, සිය ඇඳුරුතුමාට පුද කළ යුතුමය.

 

@Anuruddha Pradeep Karnasuriya

marrikkar

නවතම ලිපි