ජනාධිපති සහෝදරයා පසුගියදා ලංකාවේ පෞද්ගලික අංශයේ
ව්‍යාපාරිකයින්ට සහ ව්‍යවසායකයින්ට ප්‍රබල පණිවිඩයක් දෙමින් කිව්වෙ රටේ පරිවර්තනයෙ සම්පූර්ණ බර රජය මත පැටවීමට වඩා, ජාතික ආර්ථිකය නඟා සිටුවන්න තම කාර්යභාරය ඉටු කරන ලෙසත් ය.
ඔහු කිව්වේ, “ආර්ථිකයේ වර්ධනයේ එන්ජිම ඔබයි” කියලා ය.
ඇත්තටම අද අපේ ගොසිප් තීරයෙන් කියන්න ගත්තෙ ජනාධිපතිවරයාගේ මේ කතාව ගැන ම නොවේය.
ජනාධිපති සහෝදරයා මෙහෙම පෞද්ගලික අංශයට කියද්දි ඔහුගේ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් ලංකාවේ පෞද්ගලික අංශයේ ආයෝජකයින් පටන්ගෙන තිබුණු ව්‍යාපෘතිවලට කරපු වැඩක් ගැන කියන්නට ය.
රටේ විදුලිය පරිභෝජනය සම්බන්ධව විශාල අර්බූධයක් අත ලඟය. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට ලංකාව තවමත් හරිහැටි සම්බන්ධ වෙලා නැති ය.
කොහොම උනත් මේ වෙනුවෙන් හම්බන්තොට සෝලා ව්‍යාපෘති ආරම්භකරල තිබුණේ දේශීය ව්‍යාපාරිකයන්ගෙ මැදිහත්වීමෙන් ලුය.
ඊට අදාල ඉඩම් යොදාගෙන තිබුණේ වන රක්ෂිතයට හෝ අලි රක්ෂිතයට අයත් නොවන කෘෂිකර්මාන්තයට යොදා ගන්නත් අපහසු රජයේ ගැසට්ටුවක් මගින් නම් කර ඇති භූමියක් ලුය.
මේ වෙද්දි ව්‍යාපෘතියේ මූලික වැඩ වෙනුවෙන් ආයෝජකයො රුපියල් මිලියන 800කට වැඩි මුදලක් වියදම් කරලාලුය.
කොහොම උනත් මේ ව්‍යාපෘති ඊයෙ පැවති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදි මාලිමා මන්ත්‍රී නිහාල් ගලප්පත්ති තහනම් කරලා ලුය.
හේතුව විදිහට මුලින් කියලා තියෙන්නේ හම්බන්තොට අලින්ට මේක ප්‍රශ්නයක් ය කියලාලු..
ඉන් පස්සෙ කියල තියෙන්නේ සුජාතභාවයක් ගැන ලුය.
තවත් කියලා තියෙන්නේ ජනාධිපති සහෝ යන හැම රටකින්ම ලංකාවට ආයෝජකයො එන්න සූදානම් කතාවක් ය. ඒ නිසා මේවාට එහෙම ආයෝජකයෝ සොයාගන්නට හැකි බවකුත් ය.
දේශීය ආයෝජකයින්ට ඉතිං අබ සරණමය.
මේකට තවත් කතාවක්ද ගොතා අධ්‍යක්ෂනය කරලත් තියෙනවාලුය. ඒ අලි කතාවය. එහෙම පෙන්වන්න අලින්ව අලි රක්ෂිතයෙන් ව්‍යාපෘති ඉඩමට පන්නා හරිමින් හැදූ චිත්තරපටිය වනජීවී නිළධාරියෙක් යොදාගෙන ජනාධිපති සහෝට ඒත්තු ගන්වා තියෙනවාලු ය. කොටින්ම රැවටීමක් ලෙස සාර්ථකව කරල තියෙනවාලු ය.
ඒ කොහොම උනත් අපි හෙව්වෙ හම්බන්තොට ජවිපෙ ගලප්පත්ති උන්නැහේට මේ මොකක් වෙලාද කියාය.
බලද්දි මේක පිටිපස්සෙ ඉන්නෙ අර හම්බන්තොට නගර සභාවේ නගරාධිපති වෙලා මිනින්සුන්ට පොලු මුගුරු වලින් ගහන, වෙඩි තියල සෙල්ලම් දාන හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු උන්නැහේලු ය.
ඉතිං එරාජ් ප්‍රනාන්දු හිටපු නගරාධිපති උන්නැහේගේ මාලිමා ආණ්ඩුවට ඇති සම්බන්ධය හෙව්වම හෙළි උනේ උන්දෑ නිහාල් ගලප්පත්ති සහෝදර උන්නැහේගේ ඥාති සහෝදරයා වගය.
ඥාති සහෝදරයාගේ කීමට ගලප්පත්ති උන්නැහේට මේ ව්‍යාපෘතිය නවත්වන්නට උවමනා මාලිමාව බලයට එද්දි මේ වැඩේ පටන් අරගෙන් හින්ඳා ගානක් කපාගන්න හැටියක් නැතිවෙලා හින්ඳාය කියලා රට්ටු කියනවා ය.
රට්ටුන්ගේ කතා කොහොම උනත් ඩොලර් මිලියන 150ක් කියන්නේ කජු ඇට කොස් ඇට නොවේය.
ක්ලීන් ශ්‍රී ලංකා නිසා ගානක් ඉල්ලන්නටත් බැරිය.
ඒ හින්ඳා අලුතින් දන්න කෙනෙක්ට ප්‍රොජෙක්ට් එක අරන් දෙන්නට කටයුතු කිරීමෙන් ඥාති සහෝදරයා ඒ වගකීම ගන්නට ලෑස්ති ය.
ඒ අනුව මන්ත්‍රී සහෝදරයා දැන් ඒ වැඩේට ගේම දීලා ය.
සංවර්ධන සභාවේ එකම නිළධාරියෙක්ටවත් කිසිම දෙයක් කියන්නට අවස්ථාව දුන්නේ ත් නැතිලු ය.
ජනාධිපති නියමය මේකය කියලා සෝලා වැඩේ තහනම් කරලාලු ය.
අවුරුදු තුනක් තිස්සේ කරපු වියදම් වතුරේලු ය.
දැන් දේශීය ආයෝජකයෝ නඩු මගට යන්නට හදනවා ලුය.
නඩු ගිය ගමන් ගිවිසුමට අනුව ආයෝජකයින්ට වන්දි ගෙවන්නට රජයට සිදු වෙනවා ය.
වන්දි මුදල් නිහාල් ගලප්පත්ති ගේ ගෙදරින් ගේන්නේ නැතිය.
ඒකටත් දෙන්නෙත් ජනතාවගේ බදු මුදල් ටික ය.
ඒ මදිවාට දැන් දැන් ගලප්පත්ති උන්නැහේට තියෙන අමතක වීමේ රෝගය උත්සන්න වෙමින් තිබෙනවාලුය.
හෙට නින්දෙන් නැගිට්ටාට පසු මේ වැඩේ ඔහුට අමතක වෙලා තියෙන්නට ද පුළුවනි ය.
මේ තහනම සිදු කලෙත් මෙතෙක් කරපු වැඩ ගැන අමතක ව ගිය වෙලාවක වන්නටත් ඇති ය.
ජනපති සහෝදරයා රැයක් දවාලක් නින්දක් නැතිව රට ගොඩදාන්නට වෙහෙසනවා යැයි රට්ටු කියනවා ය.
හැබැයි ගලප්පත්තිලාට තියෙන්නේ වෙන වැඩයැයි වටේ ඉන්න පිරිස කනු කුනු ගානවාය.
මොක උනත් ඔහුගේ ඥාති සහෝදරයාගේ නොම්මරය මුළු රටම දන්නේය.
ගලප්පත්ති යනු අතීතයේ ජවිපෙ පක්ෂය වෙනුවෙන් බර උසුලපු, ප්‍රතිපත්ති ගරුක සගයෙක් කියාය.
එහෙත් කරගෙන යන ව්‍යාපෘති වලට ගේම දෙන්නට යෑම වෙනත් එකක් ය.
ඔහේගේ නොම්මරය ඒ ගානට ඩිවලොප් කරගන්නවානම් අපිටත් කියන්නට දේවල් ලෙසටම තියෙන්නේය.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ උන්නැහේලාත් සොයා බැලිය යුතු කාරණා ඇත.
ගලප්පත්ති උන්නැහේට එරාජ් ඥාති සහෝදරයා බව හැබෑවකි.
මේ ඉඩම්වල ගස් ටික කපාගැනීමේ අරමුණක් තිබූ බව දන්නෝ ද දනිති ය.
ඥාති සහෝදරයාගේ අමතක වීමේ රෝගයෙන් නිසි ඵල නෙලා ගැනීම හිටපු නගරාධිපතිට පහසුවක් ය.
එරාජ් කියන්නේ කව්දැයි දන්නා නිසා ගලප්පත්තිගේ පදයට නැටීමට පෙර ප්රශ්නය තේරුම් ගත යුතුව තිබුණේලු ය.
රට්ටුන්ගේ කතා මොක උනත් අනුර සහෝගේ ක්ලීන් ශ්‍රී ලංකාවට කෙලවන්න මේ උන්දැලා අපූරු සන්දර්ශනයක් නම් කරනු ඇති ය.
රටේ මිනිස්සු නම් කතා වෙන්නේ මාලුමාමලාට මොකදෑ මේ වෙලා තියෙන්නේ කියලා ලුය.
2028 විදුලි අර්බූධයට යකාට ගියාවේ ලුය..
ඒ හින්දා හදිසි මිලදී ගැනීම්වලට යන්න වෙද්දි විදුලි බල මණ්ඩලයේ කල්ල මරේ ය.
දැන් ඉතිං තවත් ඉල්ලමක් ලුය.
ඒ අස්සේ නඩුවක් ය.
ක්ලීන් ශ්‍රී ලංකාවට ජය වේවා ලුය.
#Gossip