SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කිහිපයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර තිබේ.

 

 

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය.

 

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වී තිබෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

 

මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව දන්වා ඇති බවයි.

 

ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇතැයිද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

 

 

 

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇති බව පැවසේ.

 

 

හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම කමිටුව පත්කර තිබුණි.

 

 

නවතම ලිපි