SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි පොඩි උන් කාලේ "චිත්‍රකතා" පත්තර කියවන්න ලැබෙනවා කියන්නේ පට්ටම ආතල් වැඩක්.

අපේ තාත්තලා මහප්පලා ගැරේජ් තමා කලේ. ඕවයේ වැඩ කරපු කොල්ලෝ හැම "චිත්‍රකතා" පත්තරයක්ම ගන්නවා..  ඒවා සේරම .. විශේෂයෙන්ම " සිත්තර" යි "සත්සිරි" යි සති අන්ත ජාතික පත්තර ටිකයි " සරසවිය" යි "සතුට" යි තත්තා එද්දි අරන් එනවා.

 

අල්ලපු ගෙදර අංකල් " ලේක්හවුස් " එකේ නිසා මුළු ලේක්හවුස් පත්තර ටිකම අපිටත් කියවන්න ලැබෙනවා.. ඔය ගොඩේ තමයි " මධුර" පත්තරේ තියෙන්නේ..

 

ඊටත් අමතරව කුරුණෑගල මහප්පලෑ ගෙදර ගැරේජ් කාමර භාගයක් වහලේ උසට පුරෝලා තිබ්බේ චිත්‍රකතා පත්තර...

හැම වර්ගයකම "52" මිටි. අවුරුද්දට සති 52 යි.. හැම අවුරුද්ද්කටම අදාලව ඒ ඒ පත්තර වෙන වෙනම මිටි ගහලා..

නිවාඩු කාලවල එහෙ යනවා කියන්නේ මරු ඉතින්.

 

ඊටත් අමතරව ත්‍රීවිල් එකකට නැග්ගත් , සැලූන් එකකට ගියත් චිත්‍රකතා පත්තර තමා..

ඔය පත්තර අතරේ පත්තරේ තමා " සත්සිරි "

 

කැමිලස්ගේ ගජමෑන් සමග සත්සිරි.

" බන්දුල හරිස්චන්ද්‍ර , රෆීක් ඩීන්, ගුණපාල ජයලත්, කුමුදු තාරක / තරූ , ඉන්ද්‍රජිත් රන්ජන් , කැමිලස් , ඉෂාන් හේවගේ, අනන්ද දිසානායක තමා පත්තරේ සෙට් එක. ඉතිහාස කතා ඇඳපු සුසිල් ප්‍රේමරත්න වගේ නමකුත් මතකයි..

දයා රාජපක්ෂ, වික්‍රම, සිංහ , පියල් උදය සමරවීර මාමා වගේ අය හිටියේ සතුටේ.

අනුර විජේවර්ධන මධුරේ. බලංගොඩ සරත් මධූ, සිනෙත් බැද්දගේ, තලංගම ජයසිංහ සිඩ්නි වගේ අය අනිත් පත්තර වල...

ඔය පත්තර අතරේ "ට්විස්ට්" එක තමා සත්සිරි එකේ "ගජමෑන්" ..

 

ඒක මරු. සමාජ සිද්දි උපහාසයට නංවපු පට්ට කාටුන් එක.

ඒකට ගහන්න එකක් කිසිම පත්තරේක තිබ්බේ නෑ.

 

 

අවුරුද්දට , නත්තලට වෙනම " ගජමෑන්" කියලම පත්තරයක් එනවා..

ඒකේ සිරිබිරිස්, දොන්සේතන්, ලපයා, මෙරායා, දැක්කොත් පද්මාවතී, සෙල්ලම් සේන, මගෝඩිස්තුමා, ගොඩ්ඩින් ඇතුලු සේරම ඉන්නවා.

 

 

කැමිලස් පෙරේරා ලේක්හවුසියෙන් පටන් ගෙන සිත්තර හරහා සත්සිරි පටන්ගෙන තිබුනේ.. ඩැනිස්ටර් ද සිල්වා මාවත දෙමටගොඩ කොලඹ 9 කියලා දැකලම, තාමත් ඩැනිස්ටර්ද සිල්වා මාවත කිව්වම මතක් වෙන්නේ " ගජමෑන් සමග සත්සිරි".

 

ඔය සේරම අතරේ කැමිලස් පෙරේරා කියන නමත් එක්ක කියවුනු සිංදු වගේකුත් ඇහෙනවා.. ක්ලැරන්ස් ගේ " හද විලේ ඔබ පිපුණා, මාලනී බුලත්සිංහල ගේ " හිමි නැති පෙමකට", රෝහණ සිරිවර්ධන ගේ " දේව මන්දීරේ" , සප්ත කන්‍යා එකේ " උන්මාද වූ ප්‍රේමාදරේ, සනත් ගේ " වාසනා වේවා" "විකසිත වත කමලේ" , ෆීලික්ස් ඇන්ටන් ගේ "ආදර ප්‍රිය ලඳුනේ " , TM ගේ " හදිස්සියේ හනි හනිකට " වගේ සිංදු බර ගාණක රචකයා විදිහට ඇහෙන්නෙත් කැමිලස් පෙරේරා කියන නම.. හැබැයි හිතුනෙම මේ අර කැමිලස් වෙන්න නම් බෑ කියලා.. හරිනේ ... ඒ වෙන කැමිලස් පෙරේරා කෙනෙක්. එයා මැරුණේ 2021 අග.

 

ගොඩක් අය මේ දෙන්නම එක්කෙනෙක් කියලා හිතන හින්දයි ඒක කිව්වේ..

තවත් කැමිලස් පෙරේරෙක් හිටියා ක්‍රිකට් විනිසුරු කෙනෙක්.. එයා 2001 වගේ දැවී ගිහින් තිබුනා..

 

කැමිලස් ගේ ගජමෑන් කියන්නේ ලංකාවේ යුගයක්.

 

@Marlon Jayakody

marrikkar

නවතම ලිපි