වර්ෂ එකදහස් අටසිය පනස් අටේ ( 1858 ) ආරම්භ කොට මේ දක්වා පවත්වාගෙන එන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වසර 2018 දත්ත වලට අනුව
සේවකයන් 14885කින් සමන්විතව රට පුරා කිලෝමීටර් 1508න් යුතු ධාවන සීමාවක් ආවරණය කරනු ලබන්නේ එක් කිලෝමීටර්යටක ආසන්න වශයෙන් සේවකයන් 10කගේ පමණ සේවය ලබාගෙනය.
එමෙන්ම ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන දුම්රිය ස්ථාන 167ක් උප දුම්රිය ස්ථාන 153ක් හා ඒ ආශ්‍රිතව සාමාන්‍ය නැවතුම් 40ක් පමණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසන අතර එහි අවසාන වශයෙන් යාවත්කාලීන තොරතුරු බහුතරයක් 2018 දක්වා පමණක් වීමද සුවිශේෂී ය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන සේවාවන්….!
- මගී ප්‍රවාහනය…
- භාණ්ඩ ප්‍රවාහනය ..
- පාර්සල් ප්‍රවාහන …
- ආහාරපාන සැපයීම හා සංචාරක සේවාව.
- වාහන නවතා තැබීමේ පහසුකම් හා වෙනත් ලෙස දැක්විය හැක..
දුම්රියේ Revenue අගය 7.412 බිලියන ( 2018 ) වන අතර මෙහෙයුම් ආදායම ඍණ 22.21 බිලියන වන අතර ශුද්ධ ආදායම රුපියල් බිලියන ඍණ 6.97ක් වේ ( 2018 )
රාජ්‍ය බදුමුදල් යොදවමින් පවත්වාගෙන යන
ශ්‍රී ලංකා දුම්රිය සේවය මේ වනවිට බිලිගෙන ඇති ජීවිත…?
ශ්‍රී ලංකාවේ පළමු දුම්රිය අණතුර ලෙස ලං.දු.දෙ. දත්ත වලට අනුව වර්ෂ 1964 මාර්තු මස 18වන දින අධික වේගය නිසාවෙන් දුම්රිය පීලි පැනීම නිසා ජීව්ත 60කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ බව වාර්තා වන අතර 1985 ජනවාරි 19වන දින LTTE බෝම්බ ප්‍රහාරයක් නිසාවෙන් යාල්දේවී හි ගමන් ගත් මගීන් 11 දෙනෙකුට මරු කැඳවිය..
තවද ජිවිත 70කට අධික ප්‍රමාණයක් දෙහිවලදී LTTE බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් අහිමි වන්නෙ 1996 ජූලි 24වන දිනය..
LTTE ක්‍රියාකාරකම් මත ඇතිවූ ජිවිත අහිමි වීම් මොහොතකට ප්‍රස්තුතයෙන් ඉවත් කළද, වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වනදින පැරෑලියේ දී ජීවිත 1700කට ආසන්න ප්‍රමාණයක් අහිමි වනුයේ දුම්රිය සේවයේ නිලධාරීන් විසින් මගී ප්‍රවාහනයට වඩා රාජ්‍ය සේවය භාවිතා කරමින් සිදු " මී කිරි " වෙළඳාමක් නිසාවෙනි…
වළකාගත හැකිව තිබූ ජීවිත අහිමිවීම මී කිරි මුට්ටි නිසා එදා රාජකාරියට වඩා පටු ලාබ වෙනුවෙන්, ජනතා බදු මුදලින් වැටුප් ලබනා බව තඹ සතේකට මායිම් නොකළවුන් නිසාය…
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු නිසාවෙන් 165 වසක් මුළුල්ලේ අහිමි කරමින් ඇති ජීවිත වලට වගකිව යුත්තෝ කවුරුන් ද ?.....
සුද්දා විසින් නිර්මාණය කොට දුන් ඒ මහා ප්‍රවාහන ව්‍යාප්තිය ජන ජීවිත ආරක්ෂා කරමින් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් පවත්වාගෙන යාමට තවමත් වසර 2500ට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි ශ්‍රී ලාංකිකයන්ටත්, ලක් දෙරණ පාලනය කරවූ ඒ දේශපාලකයන් හා නිලධාරීන්ට ද නොහැකි වී ඇත…
දත්ත තොරතුරු වලට අනුව වර්ශ 2005 සිට වර්ෂ 2021 දක්වා වසරකට අහිමිවන ජීවිත හා අනතුරු වල ආසන්න අගය එකදහස් හාරසීය හැත්තෑපහකි ( 1475 ) මේවා කජු ඇට කොස් ඇට හෝ මැසි මදුරුවන් නොවන බව ජනතාව, නිලධාරීන් හා පාලකයන් හෘදය සාක්ෂියට එකඟව කල්පනා කළ යුතුව ඇත…
වර්ෂ 2018 දී ජීවිත 230ක්, වර්ෂ 2019 දි ජීවිත 215 ( අණතුරු ) තවත් දිවිනසාගැනීම් ලෙස 443ක් ද, වර්ෂ 2020 දී අනතුරු නිසාවෙන් ජීවිත 273ක් හා සියදිවි නසාගැනීම් ලෙස ජිවිත 166 ක් ලෙස වාර්තා වී ඇති අතර නිසිපරිදි යාවත්කාලීන නොවන හෙයින් මෙකී දත්ත බොහෝසෙයින් වැඩිවීමක් මිස අඩු වීමක් විය නොහැක…
ඝාතනයන්ට තිත තබන්නට එක්ව විසඳුම් යෝජනා ගෙන ඒමට කාළය නොවේද ?..
මේ වසර 165 තුළ වටිනා ජිවිත කී දහසක් අකාලයේ අපේ රටේ මානව සම්පතට අහිමි වන්නට ඇත්ද ? මේ වෙනුවෙන් සාධනීය වැඩපිළිවෙළක් අදටත් ක්‍රියාත්මක නොවනුයේ අපේ රටේ ජීවත්වන රාජ්‍ය විසින් ආරක්ෂා කොට පවත්වාගෙන යායුතු ජන ජීවිතවලට මැස්සෙක් මදුරුවෙක් ගේ ජීවිත ගානට හෝ නොමැති සැලකිල්ල නිසා නොවේද ?
ලෝකයේ දියුණු රාජ්‍යක නම් මේවන විට දෙපාර්තමේන්තුවම චුදිතයන් වී අවම වශයෙන් ජීවිත අහිමිවුවන්ට ඉතා විශාල වන්දි හෝ ලැබෙනු ඇත..
- අවම වශයෙන් දුම්රිය තුළ ගමන් කිරීමේදී ධාවන වනවිට මගී දොරටු වසා තැබීම කළ හැක. ( පා පුවරුවේ එල්ලී යාමෙන් ජීවිත කීයක් අහිමි වී ඇත්ද ? )
- දුම්රිය අනාරක්ෂිත ගේට්ටු සියල්ලම නව තාක්ෂණික ක්‍රම උපයෝගී කොටගෙන අවැසි නම් නව නිපැයුම් කරුවන්ගේ සංගමයේ උපකාර ඇතිව ඊට පිළියම් සෙවිය හැක.. ( එවන් ව්‍යාපෘතියක් තුළ කොමිස් නොමැතිවීම ඊට බධාවක් විය හැක )
- දුම්රිය හරස් මාර්ග වෙනුවෙන් ඉදිවිය යුතු ආරක්ෂිත ගේට්ටු ප්‍රමාණය ගැන විදිමත් කඩිනම් විමර්ශනයක් කොට එකී ස්තාපනයන් හට යන ප්‍රාග්ධන වියදම ගැන දල ඇස්තමේන්තුවක් නිර්මාණය කිරීම..
තවද කොමිස් ගිලීමටම දතකට මැදගෙන බලා සිටිනා දේශපාලකයන්,නිලධාරීන් ගෙන් වහාම දුම්රිය සේවය යහපත්ව පවත්වාගෙන යාම පිණිස පෞද්ගලික අංශය හා එක්ව ක්‍රමවත් ආරක්ෂාකාරී ක්‍රමවේදයන් වෙත සිත බැලිය යුතුව ඇත.
මේ අහිමිවන සෑම ජීවිතයක් නිසාවෙන් කිසිදා හානිපූර්ණය කළ නොහැකි ලෙස කඩා වැටෙන පවුල් ඒකක වෙනුවෙන් රාජ්‍ය වගකිවයුතු නොවේද ?
මේවනවිට සමාජ වඩා යහපත් කළ හැකි වැඩිහිටි පුරවැසියන්, කුඩා දරුවන් අප රටට කොතරම් අහිමිව ඇත්ද?
ඒ ඇතිවන කම්පනයන්ගේ ප්‍රබලත්වය මත පවුල් ජීවිත කී දහසක් අසරණ භාවයට පත්වන්නේ ද?
බලධාරීන්, නිලධාරීන් දේශපාලකයන් හා සියලු මහජනතාවගේ දෑස් විවර කොට අනාගතය වෙනුවෙන් යහපත් ආරක්ෂාකාරී දුම්රිය සේවයක් පවත්වාගෙන යාමට කාළය එළඹ ඇත…
@ සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ.
ඉතාලිය.