SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ආණ්ඩුව ආවොත්” යනුවෙන් ගොඩහේවා කියන්නේ ඇයි? එය හරියට වැසි වැස්සොත්, ගඟ ගලයි වැනි අනියමාර්ථයේ අසම්භාව්‍ය කතාවකි.

එයින් හැඟවෙන්නේ කුමක්ද? සජිත්ට ආණ්ඩුවක් හදන්න පුළුවන්ය කියා ගොඩහේවාට ෂුවර් නැතිවා වාගේ නේද...

 

WhatsApp Image 2024 01 19 at 20.12.59

නොඑසේ නම් හර්ෂ සහ එරාන් ඉන්නා මේ පින්තූරය දමා මේ කරන්නේ ඔවුන්ට සරදම් කිරීමක්ද? ගොඩහේවා ආවාට ගියාට කිසිවක් නොකරන බව මා දනී. එබැවින් ඔහුගේ මේ ඉඟි පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. World Economic Form එකේ logo ව ගෙඩි පිටින් කොපි කර World වෙනුවට SJB කියා ලියා හෙන පොරවල් මෙන් වේදිකාවේ වාඩි වී සිටීම ගැන ගොඩහේවා දෙකොනින් සිනා සෙන බව මා දනී. එයට හේතුව අප දෙදෙනාම එකල සජිත්ගේ මේ සිඟිති ආතල් වැඩ ගැන හිනා වී ඇති බැවිනි.

 

ඇතැමෙකු මා හට කීවේ සජිත්ගෙන් බැනුමක් අසා ගොඩහේවා මෙය කලබලේට කළ ප්‍රකාශයක් බවයි. ඔහුගේ ප්‍රකාශයේ ඇති ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස දෝස නිසා එසේ සිතීමටද හැකිය. සාමාන්‍යයෙන් ගොඩහේවා මේ ආකාරයට ළාමක වැරදි සහිතව ප්‍රකාශ නිකුත් කරන්නේ නැත.

 

|මා හිතන්නේ මේ ගොඩහේවා හර්ෂට එරෙහිව දුන් ලා අතුල් පහරක් කියාය. මේ කරන්නේ SJB යේ “ජ්‍යෙෂ්ඨ” හෙවත් පැරණි හෙවත් යල් පැන ගිය ආර්ථික ඔස්තාර්ලා ජෝක් එකට ගැනීමයි. ගොඩහේවා මේ සටන එහෙම ලේසියෙන් අත හරින්නේ නැත.

 

 

මේ මොහොතේ වඩාත්ම අවදානමක ඉන්නේ සජිත් ය. හදිසියේවත් ගොඩහේවා SJB යෙන් ඉවත් වී සජිත්ගේ ළාමක ටින් ටින් මෝඩ වූන් වැඩ ගැන මාධ්‍යයට කියන්නට ගතහොත් පුතානෝ එතනම ඉවරය. ගෝඨාභයට ද්‍රෝහී වූ ගොඩහේවාට සජිත්ට ද්‍රෝහී වීම මහ කජ්ජක් නොවේ. රනිල්ට ද්‍රෝහී වූ හර්ෂටත් එය මහ කජ්ජක් නොවේ.

 

@එරන්ද ගිනිගේ

marrikkar

නවතම ලිපි