SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මියගිහින්.ඒ අධි වේගයේ සිදු වුනු රිය අනතුරකින්.

ඔහු පසුගිය දිනවල ඔහුගේ ජිවිත කතාව,බිරිඳ හමුවුණු හැටි.ගමේ ජිවත් වෙන හැටි වීඩියෝගත කරලා තිබුණා.එහෙම දෙයක් කරන්න සිතුවිල්ලක් මිනිසුන්ට එන්නේ ඇයි කියලා හිතන්න අවස්ථාවක් අද මේ පුවත දැනගත් විට සිදු වුණා.

 

සනත් නිශාන්ත කියන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරේ නාමල් ගේ අනාගතය සුරකින්න පත් කරපු කෙනා. අපේ ගොවිපලේ වැඩකදී මාත් එක්ක දුරකථනයෙන් ඔහු සම්බන්ධ වුණා. පළමු විනාඩි තුනම ඇමතුමේ තිබුණේ රාජපක්ෂ වාදය. යුද්ධය අවසන් කිරීම සම්බන්ධ අභිමානය. මම කිව්වා, එකඟ වෙන නොවෙන තැන් තිබෙනවා, ඒ නිසා අපි දේශපාලනය කතා නොකර ඉමු කියලා. ඒ අතරේ වෙච්ච බොහෝ කතා එයාගේ ආකාරයෙන් ම එයා මම ගැන දැනුවත් කියලා කියන්න කියපු දේවල්..'ඔබතුමියට ඕන ලංකාව ජර්මනියක් කරන්න නේ.., ඒකට නම් ටිකක් කල් යයි' කියලා පොඩි නෙවෙයි ලොකු උපහාසයකුත් ප්‍රකාශ කළා. මම ඇහුවා කොච්චර කල් යයිද කියලා. අවුරුදු 10 ක් විතර කියලයි උත්තරේ. මේ විදියට ගියොත් අවුරුදු 150 ක් යනවා.., මම දුන්න උත්තරේ ඒකයි. එයින් පස්සේ ඇත්තටම සාමාන්‍ය කතා බහක් තමයි සිද්ධ වුණේ.

 

කොහොම නමුත් ඔහුගේ මරණය ගැන මම මනුස්සයෙක් හැටියට කණගාටු වෙනවා.මම ඉහත කතා බහේදී ඔහුට කිව්වා සජිත්ගෙන් කොලේ ඉල්ලගෙන දුවපු එක වැරදියි. වාද විවාද කරන එක ප්‍රජාතන්ත්‍ර වාදයේ ලක්ෂණයක්. ඒක ඔය විදියට පලුදු කරගන්න එපා කියලා.

 

|තහනමෙන් පස්සේ පාර්ලිමේන්තු ඇවිත් වැදගත් විදියට කතාව පටන් ගත්තම මට නම් පොඩි සතුටකුත් දැනුණා.ඒ කියන්නේ ඇමතුමේදී කතා කරපු දේවල් මදක් හෝ තේරුම් අරන් කියලා දැනුන නිසා. අරගලයට පහර දීම, ඔක්සිජන් කන්න ඕනද වගේ සිද්ධි වලින් ජනතාව සනත් නිශාන්ත කියන චරිතය ට විශාල වශයෙන් අපහාස කරන්න පටන් ගත්තා. ඔක්සිජන් සිද්ධිය එනතුරු මම නම් සනත් නිශාන්ත කෙනෙක් දන්නෙම නැහැ. අපේ කසල කුසල වැඩේට අවශ්‍යම සහයක් රාජකාරී මට්ටමෙන් ලබා දුන්නා. ඒ අපේ ව්‍යාපෘතියේ කළමනාකාර වරු ඔහු හා සම්බන්ධ වීමෙන්. ඒ කරුණට ස්තුති වන්ත වීමේ කතාවක තමයි ඇත්තටම අපි නිරත වුණේ. සනත් නිශාන්තගේ මරණය තුල රාජපක්ෂවාදය හා නාමල් රජකරවීමේ කඳවුර ගැඹුරින් ශෝක වෙන බව පැහැදිලියි.

 

 

අධිවේගයේ රිය පැදවීමට ලංකාවේ වෙනම පුහුණුවක් දෙන්න ඕන.රථ වාහන වල යෝග්‍යතාවය වගේ දේවල් පරික්ෂා වෙනවද කියලා වාහන දුටුවම සැකයක් ඇති වෙනවා.සමහර ලොරි කන්ටේනර් යන්නේ පැත්තකට ඇල වෙලා. සමහරු දුරකථන වල..ට්‍රැක් එක පැනගෙන සංඥා නැතුව අනෙකාට අනතුරු වෙන විදියට වැඩ කරනවා.අධි වේගයේ අනතුරක් වුණාම රෝහලකට ගෙනියන්න කාලය ගත වෙනවා.පිවිසුම් හා පිටවුම් හැම තැනම නැති නිසා.දියුණු රටවල ගිලන් රථ හැටියට අධි වේගයේ පාවිච්චි වෙන්නේ හෙලිකොප්ටර්. මිනිස් ජිවිත වල වටිනාකම වෙනුවෙන් ඒවා යොදවලා තිබෙනවා. රියදුරාගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන වෛද්‍යවරු පරික්ෂා කලාද? වාහනේ මියගිය අයත් හිටියේ බිමතින්ද? මේ වගේ කරුණු මාධ්‍ය වලින් කතා වෙන්නේ නැහැ.

 

චමුදිත වැඩ කරන චැනල් එක මෝචරිය ටත් ගිහින්.හැබැයි මම ඔය කියපු ටිකෙන් එක කරුණක් වත් මාධ්‍යවේදියෙක් විදියට අනෙකාට ප්‍රශ්න නොකරම තමන්ම ප්‍රශ්න කරන චමුදිත ඇහුවෙත් නැහැ කිව්වෙත් නැහැ. අමාත්‍යවරුන්ගේ රියදුරු ලා ආරක්ෂකලා දිගු දවසක් තිබෙන චරිත.අමාත්‍යවරයා සප්පායම් වෙද්දී ඔවුන්ටත් එහෙම ලැබෙනවා.මේ කරුණු අනාවරණය කිරීම ජනතාව සුමග යැවීමට හේතුවක්.කොහොම නමුත් සනත් නිශාන්තලා රට දියුණු කරලා ඔය කරුණු හිතලා බලලා වැඩ කරලා තිබුණානම් සමහරවිට අනතුරෙන් දිවි ගැලවෙන්නත් තිබුණා.

 

 

|සනත් නිශාන්තට තුවාල නොමැතිව වාහනේ විනාශ වෙලා තියෙන විදිය දැක්කම මරණය ශ්‍රීපති ගනයේ එකක් ද කියලත් සැක හිතුණු කිහිප දෙනෙක් මැසේජ් කළා. සතිය පුරාම වෙච්ච දේශපාලන ඝාතන ගැන හිතුවම එහෙම දැනෙන එක සාධාරණ වෙන්නත් පුළුවන්. රියදුරාගේ මත් පැන් භාවිතාව හා වාහනයේ හිටපු අයගේ භාවිතාව ගැන අදහසක් නැතුව ඒ ගැන අදහසක් කියන්න බැහැ. වාහනේ හිටියේ ඇමති.. ඉස්සර කරපං කිව්වම කරන්න ඕනනේ.. කොන්ටෙනර් රියදුරා කව්ද කියලා හොයලා බැලුවම ප්‍රශ්නේ අඩක් වටහා ගන්නත් පුළුවන්.

 

 

කොහොම නමුත් පුත්තලමෙන් ඊලඟට මනාප තිබෙන කෙනා ට සතුටක් ඇති. පුද්ගලයෝ මැරුණම සතුටු වීම නොවීම පෞද්ගලික දෙයක්. දවසක් හරි කතා කරපු කෙනෙක් වෙනුවෙන් තමයි සටහනක් තිබ්බේ. ඔහුට ඔහුගේ ආගමානුකුල නිවීමක් පතමි. නීතිඥවරියක වන ඔහුගේ බිරිඳටත් දරුවන් සිවු දෙනාටත් මාගේ කණගාටුව ප්‍රකාශකරමි. පියකු ලෙස ඔහු ඔහුගේ දරුවන් ගැන අපගේ දුරකථන ඇමතුමේදී බොහෝ වෙලාවක් ආඩම්බරයෙන් හා ආදරයෙන් කථා කළේය. ඒ කුඩා දරුවන් ට පියා අහිමි වීම ගැන බෙහෙවින් ම කණගාටු වෙමි.

@ Subhashini Wipfler

නවතම ලිපි