SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තව දෙසතියකින් ජවිපෙට එරෙහිව ශක්තිමත්  සන්ධානයක් බිහිවෙනවා.

සන්දානයෙ නායකයො තුන්දෙනෙක් ඉන්නවා.

අකුරු තුනේ දෙන්නයි, අකුරු හතරෙ එක්කෙනයි..

ආර්ථික වැඩපිළිවෙලක් දේශපාලන වැඩපිළිවෙලක් තියෙන ජනප්‍රියම එක්කෙනා ජනාධිපතිවරණයට එනවා..

 

තම කණ්ඩායම තුළින් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිසක වශයෙන්ම ජනාධිපති වෙන බවත් ...දැනට අපේක්ෂකයින් තුන් දෙනෙක් සිටින බවත්. .එම අපේක්ෂකයන් කවුරුන්දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල කියා සිටියේ....ඔවුන්ගේ නමට අකුරු 3 ක් ඇති පුද්ගලයින් දෙදෙනෙක්  සිටින බවත් අකුරු 4ක් සහිත එක් පුද්ගලයෙකු සිටින බවත් ය....

 

“මම ඉතාම වගකීමෙන් කියන්නෙ, මේ රටේ වමේ සහ අනෙකුත් පක්ෂවල (සජබෙ, පොහොට්ටුවෙ) හිටපු අවංක නායකයො ටික තව සතියකින් නැත්නම් දෙකක් යනකොට එකට එකතුවෙනවා..

අද ඒ අවංක නායකයො තේරුම් අරන් තියෙනවා රට ගොඩගන්න නම් අපි එකට එකතු වෙන්න ඔින කියලා.. මම පැහැදිලිව වගකීමෙන් කියනවා තව සතියක් දෙකක් යනකොට මුළු රටටම දැනගන්න පුළුවන් වේවි මේ රටේ අවංකයි කියල වැඩකරන්න පුළුවන් වෙන නායකයො එක කොඩියක් යටට එකතුවෙනවා..ඒ කොඩිය තමයි මේ රට ජයග්‍රහණය කරල හදන්නෙ...”

“ මේ හැදෙනන සන්දානයට නායක මණ්ඩලයක් ඉන්නවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ ඒ නායකත්ව මණ්ඩලයේ සියලු දෙනාගෙම කැමැත්තෙන් ජනප්‍රියම පුද්ගලයායි..”

නායකයො තුන් දෙනෙක් ඉන්නවා.. ඒ නායකයින්ගෙන් දෙන්නෙක් ඉන්නවා අකුරු තුනයි, තව එක්කෙනෙක් ඉන්නවා අතුරු හතරයි...”

 

 

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ස්පාර්ටකස් සාමූහිකය විසින් පසුගිය ජනවාරි පළමුවෙනිදා ලියා ඇත්තේ මෙවැනි සටහනකි.

 

ඔවුන්ගේ අදහස වූයේ 2024 වර්ෂයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් ඉන් ජවිපෙ බලයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ වීම වැලැක්වීම සඳහා ජාත්‍යන්තරය, ප්‍රභූ දේශපාලන තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේදී පියවර ගනු ඇති බවත් ය.

 

|UNPය, SLFPය, සහ පොහොට්ටුව කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරියේදී එකතු වනු ඇත. සිරිසේන SLFP නායකයා වුව ද ඔහුට ගත හැකි පියවරක් නොමැත. SLFPයේ ප්‍රධානත්වයෙන් ගොඩනගන සන්ධානයේ පොදු අපේක්ෂකයා වනු ඇත්තේ චම්පික රණවකය. UNPය උපක්‍රමශීලීව ඊට සහය දැක්වීමට නියමිත වන්නේ සජබෙන් කොටසක් හෝ එම පාර්ශවයට එකතුකොට ගැනීම සඳහාය.

චම්පික පොදු අපේක්ෂකයා කරගත් සන්ධානය ගොඩනැගෙන විට සජබ නායයාමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ නාය යාම ආරම්භ වුවහොත් සජිත්ට එය වලකා ගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. රනිල්ට ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය වී ඇති ප්‍රධාන කර්තව්‍ය වන්නේ සජබ විනාශකොට ප්‍රේමදාසවාදය මුලින් උපුටා දමා නැවත UNPය ගොඩනගා ගැනීමයි. ඒ ඔහු ගෙන යන වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් යථාර්තවාදී නොවන තත්වයක් යටතේ නැවත වටයකින් UNPයට බලය හිමිකොට ගත හැකි බැව් ඔහු දන්නා බැවිනි. ඒ සඳහා අනීවාර්යෙන්ම සිදුවිය යුත්තේ ඉදිරි මැතිවරණයකදී සජිත් පරාජයට පත්වීමයි. චම්පික පොදු අපේක්ෂකයා කිරීමෙන් පසු ජවිපෙ ජයග්‍රහණය කල ද රනිල්ගේ එක් උවමනාවක් ඉෂ්ට වනු ඇත. ඒ සජිත් අතුගා දැමීමට හැකි වීමයි.

 

එසේ සන්දානගතවීමක් තුළ චම්පික රණවක පොදු අපේක්ෂකයා නොකලහොත් ඇතිවන තත්වය පිළිබඳ දේශපාලන විශ්ලේෂනයක්ද  ස්පාර්ටකස් සාමූහිකය එම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

 

|ජවිපෙ බලයට පැමිණි පසු එක්කෝ රනිල් විසින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියට ගෙන යාමට හෝ ඊට එරෙහිව වෙනත් විකල්ප වැඩපිළිවෙලකට යාමට සිදු වේ. එසේ වෙනත් වැඩපිළිවෙලකට ගියහොත් අනීවාර්ය ලෙසම ඔවුන් වෙත විශාල "ජනතා" විරෝධයක් ඉදිරියේදී පැමිණීමට නියමිතය (ඒ මේ වන විට ලුනුයි බතුයි කා, පෙට්‍රල් වලට වියදම් කරමින්, තම වාහන ගමනාගමනය අඩු කොට නැති, වෙහෙස මහන්සියෙන් දරුවෙන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන, "ජනතාවගෙනි").

ජවිපෙ බලයට පැමිණීම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ඔවුනට බලය රැකගැනීම සඳහා විශාල මර්ධනයක් දියත් කිරීමට සිදුවනු ඇති බැවිනි. හිට්ලර්ගේ ගෙස්ටපෝව වැන්නක් ඔවුන් විසින් නිර්මාණය කරන්නේ නම් අප ඊටත් වඩා සතුටු විය යුතුය.

බලයට පැමිණෙන ඕනෑම දේශපාලන කණ්ඩායමකට සිදු කිරීමට නියමිතව ඇත්තේ UNPයේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාම පමණක් නම් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් කල යුතුව ඇත්තේ කුමක් ද?

කළයුතුව ඇත්තේ "ජනතාව"ට එරෙහි වීමයි.

අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ 'ධනවාදී කතිකාවෙන්' ඉවත්වීමයි. 'ධනවාදී කතිකාවෙන්' ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ counter culture වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ ('කතිකාව' සහ 'දෘෂ්ටිවාදය' අතර වෙනස හඳුනා නොගත් අය).

ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය. මේ යුගයේ සිදුනොවන්නේ ද එයයි. (Spartacus.lk)

 

ඉහත වීඩියෝවේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා විසින් දක්වන ලද ඉඟිය කවර ස්වරූපයක් ගත්තද ඉදිරියේදී ජවිපෙට එරෙහිව ගොඩනැගෙන සන්දානයක ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස වැඩි වාසිය හිමිවිය හැක්කේ චම්පික රණවකට ය. චම්පිකගේ නමෙහි ඇත්තේ ද අකුරු හතරක් බැවින් මේ අපේක්ෂකයා ඔහු විය හැකි යැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

 

එහෙත් දේශපාලනය තුළ ඇට්ටිකුණා වුනු පරණ නායකයින් සිතන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සරිලන ජාත්‍යන්තර  විශ්වාසයක් තබා ගත හැකි, ලෝක නායකයන් අතරට පැමිණිය හැකි  නායකයෙකුට පමණක් මේ මොහොතේ ඔහු හා තරඟ වැදිය හැකි බව වන්නට පිලිවන.

එය එසේ වුවත් රනිල් වික්‍රමසිංහ යනු මෙවර මැතිවරණය තුළ ප්‍රධාන සාධකයක් නොවේ..

 

භූ දේශපාලනය කවර හැඩයක් ගත්තද  රට අභ්‍යන්තරයේ ජනතා මතය ඡන්දයේදී මෙවර ප්‍රභල ලෙස වැදගත් වන තත්වයක් ඇතිවී තිබෙන අතර චම්පික රණවක වැන්නෙක් අපේක්ෂකයෙක් බවට පත්කිරීමෙන් අත්වන වාසි කිහිපයක් වන බව පමණක් දැනට එම සන්දානයේ න්‍යායාචාර්යවරුන්ට දැන්වීමට කැමැත්තෙමු.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි