SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ පක්ෂ දෙක මේ දවස් වල එකම කාසියේ දෙපැත්ත වගේ හැසිරෙන හැටි ජනතාවට අවබෝධ කරගන්න

අවස්තාවක් ලැබීම තමයි අධිවේගයේ මැරුණු සනත් නිශාන්තගේ මරණයෙන් සිද්ධ වුණේ.

 

පටන් ගන්නේ ප්‍රසන්න රණතුංග ගෙන්. මේ මනුස්සයා කියනවා අරගලේ කට්ටිය එයාගේ ගේ ගිනි තියපු නිසා කොළඹ එන්න ගිය නිසා මැරුනලු.

 

|අනේ ඉතින් ජනතාව කිව්වද මගුල් ගෙදර යන්න කියලා..ඇමති බොනකොට පණට ආදරේ තියෙන මිනිහෙක් රියදුරාට බොන්න දෙනවද? මේවා හෝම් මේඩ් මරණ. ලංකාවේ අධිවේගයේ යන්න පුළුවන් පැයට කිලෝමීටර 100යි. 160 ක් වේගෙන් එයා ගිහින්. 60 ක් වැඩියෙන් ගිහින්. 10-20-30 නම් ටිකක් දරාගන්න පුළුවන්. පළමුව රනිල් ගේ ආණ්ඩුව දඩයක් ගහන්න ඕන 160 කට ගියාට. එහෙම ගිහින් අධිවේගයේ ඇලුමිනියම් වැටට හානි කරපු එකට වන්දිය අය කර ගන්න ඕන. හැබැයි පට්ට ස්මාට් ජනාධිපති සහ ගෝලයෝ ටික ශෝකය ප්‍රකාශ කරන්න ගියේ හරිම කඩිනමින්. 2048 සංවර්ධිත රටක් හදන්න යන ගමන යන්නේ එහෙමයි.

 

ඔන්න ඊටපස්සේ ගිනි තියපු ගේ ගැන අනුකම්පා හිතෙන්න මිනිය එළියේ තියනවා.අරගලයට බනිනවා.මල්වානේ ගෙදර ඇතුළු සිංහරාජේ ගෙවල් ගිනි තියන්න අරගල කාරයෝ ගියේ නැහැ.ඒවා වුණේ ,කලේ කාගේ අතින්ද කියලා හැමෝම දන්නවා.පයිල් ටික ඇදලා කියවපු නාඩගම මතක නම්,එයින් මතක් කරපු හැම දේපලක් ම දින කිහිපයකට පස්සේ ගිනි තිබ්බා.ඒ අවස්ථා සම්බන්ධය හරිම අපුරුයි. ඔන්න ජවිපෙයි පොහොට්ටුවයි එකට වැඩ කරන තැන්.

 

ඇමතිලා ඔක්කොම තමන්ගේ කසිකබල් ගෙවල් ටික වටිනාකම වගේ 10 ගුණයක් තක්සේරු කරලා රනිල් ගේ පාලනය පවත්වාගෙන යන්න මන්ත්‍රී ලට ජනතා මුදල් ගෙව්වා. අනේ ඉතින් සනත් ගේ මිනිය තියන්න ගෙයක් නැහැ කියලා වැළලෙන එකේ ඇත්ත කතාව ඕක තමයි. ඉස්සර ආණ්ඩු කරේ වාහන ගෙන්නලා. අරගලයෙන් පස්සේ සුපිරි ගෙවල් දීලා.

 

|තිස්ස කුට්ටි කියනවලු ජා ජබය සනත් ව මැරුවා කියලා.රියදුරා පත් කරේ ජාජබයෙන් ද කියලා නම් සැකයි.වසර 20 ක් එයාටම ඩ්‍රයිව් කරනකොට. සනත් මැරිච්ච එකට සතුටු වෙන පක්ෂයේ නායකයෝ ටිරාන් එක්ක සැහෙන්න යාලුයි. ඒත් 160 ට ගියෙත් වහානේ පැදෙව්වේත් අනුර,හරිණි හරි විජිත හෝ නෙවෙයි, ලාල් කාන්ත වාහනේ හිටියනම් නිකමට හරි ඔය වගේ කථාවක් හිතලා බලන්න තිබුණා. ටිරාන් 160 kmph ගිය එකට මොකුත් කියන්නේ නැහැ.එයාගේ පොලිසියත් එහෙමයි.

 

කොහොම නමුත් දෙගොල්ල එක වගේමයි.කට්ටියක් රටක් රාජ්‍යයක් දිනුවා වගේ සතුටු වෙනවා.ඒ සතුට දැකලා පොහොට්ටුව ජා ජබය සනත් නිශාන්ත මැරුවා කියලා චෝදනා කරනවා.අරගල ය එක්ක භීතියක් තියෙන ප්‍රසන්න සනත් ගේ මරණය අරගලයට බැර කරනවා.ඇත්තටම ප්‍රසන්න එහෙම ඒ මරණය අරගලයට බැර කරනවානම් මම නම් සතුටුයි.මොකද ඒක එහෙම වෙන්න තිබුනේ 2022 මැයි 09 නිසා. පරක්කු වෙලා හරි එහෙම වෙනවා නම් අරගලයේ හිටපු හැමෝම සතුටු වෙයි කියලා මම හිතනවා.

 

කොහොම නමුත් මේ දෙන්නම හැසිරෙන්නේ එක වගේ. මල ගෙවල් වල බහුලව වෙන සීන් එකක් තමයි කාගේ හරි මරණෙකට හේතුව කාගේ හරි පවුලේ කෙනෙක්ගේ පිට පැටවීම.එහෙම විලාප තැබීම. වම්බටු කුට්ටි සහ ප්‍රසන්න රණතුංග අන්න ඒ ගානට වැටිලා.විලාප දෙනවා.සනත් ගේ මරණය දේශපාලනිකව අවබාවිතා කරනවා.මේ මන්ද මානසික ඇමතිලා එක්ක නේද මේ රට මෙච්චරකල් ආවේ කියලා හිතුනම පිස්සු හැදෙනවා.සනත් මැරිලා ඇමැතිලාගේ හෙළුව එලියට දාලා. සනත් ගේ මිනිය විකුණාගෙන දේශපාලනය කරනවා.

 

සනත් නිශාන්ත තම පක්ෂය වෙනුවෙන් ජීවිතය දෙන්න කැමති කෙනෙක්.ඔහුට තිබුනේ රාජපක්ෂ වාදය.කුමන්ත්‍රණ,අරක මේකට වැඩිය වේගය වැඩිවී කල කම් පලදීමක් තමයි මෙතන වෙන්නේ.උපදින ඕනෑම කෙනෙක් මැරෙනවා.එය වෙන දිනය තමයි විශේෂය.වයසට ගිහින් මැරෙනවද තරුණ කාලේ මැරෙනවද කියලා.කොහොම නමුත් සනත් නිශාන්තත් ජවිපෙ සාමාජිකයෝ වගේ.තමන් අදහපු මතවාදයේ ම ගිලි සිටියා. හරි වැරැද්ද පෙනුනේ නැහැ. වෙනස ඔහු සමාජ වාදයට විජේවීර වාදයට, අනුර වාදයට ගියේ නැහැ.රජප්ක්ෂවාදයට ගියා.රජප්ක්ෂවාදය රටට උරුම කලේ ජවිපය.අනෙක් අතින් එල් ටි ටිය.මේ දෙගොල්ල හදපු රාජපක්ෂ ලාගේ අත වැසියකු වූ සනත් මියගියාම ප්‍රසන්නලා.තිස්ස කුට්ටිලා හැසිරුණු ආකාරයට සමාන අකාරයකට හැසිරෙනවා හැරෙන්න ජවිපයට වෙන විදියක් තිබෙන්න විදියක් නැහැ.මොකද සනත් හා ජවිපෙ කියන්නේ එකම පන්තියේ මිනිස්සු.මෙතනට එන්නේ විජයගේ තියරිය. තමන්ගේ මට්ටමෙන් ඉහලට යන කෙනා එක්ක ඇති කුහක ඊර්ෂ්‍යාව.මැරිච්ච මිනිහෙක් ලොකු කරන කැම්පේන් එකක් රාජපක්ෂලාට කරලා දුන්නද කට්ටිය හිතෙනවා.මොකද ඒ තරමට ම ජවිපයේ වියත්හු...බර දාලා ග්‍රාම්‍ය විදියට මේක ඇදලා දීපු හැටි දැක්කම. කෙසේ වෙතත් සනත් ලා ජිවත් වෙනකොටත් මිනිසුන්ට සැනසිල්ලක් නැහැ.මැරුනමත් යු ටියුබ් කාරයාගේ සිට සමාජ මාධ්‍ය ෆේක් ගිණුම් කාරයා දක්වා ඒක තලු මරනවා.

 

දැන් වෙලා තියෙන්නේ මැරිච්ච සනත් වීරයෙක් වෙන තැනට වැඩේ ප්ලාන්ට් වෙච්ච එක.

 

@Subhashini Wipfler

නවතම ලිපි