SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශ්වාසනීය මූලාශ්‍රවලට අනුව,1800 දී, ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට සීනි ග්‍රෑම් 22.4 ක් (වසරකට කිලෝග්‍රෑම් 10.2) පරිභෝජනය කර තිබෙන බවත්, 1900 දී, සාමාන්‍ය පුද්ගලයෙකු දිනකට සීනි ග්‍රෑම් 112 ක් (වසරකට කිලෝග්‍රෑම් 40.8) පරිභෝජනය කර තිබෙන බවත්,

2000 සිට මේවන විට  එය දිනකට සීනි ග්රෑම් 126ත් 129ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් වාර්තා වෙයි. (මෙය සාමාන්‍ය අගය වුවද ඇමරිකානුවන්ගෙන් සියයට 50 ක් දිනකට සීනි ග්‍රෑම් 227 ක් පමණ පරිභෝජනය කරණ බවද සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබෙනවා).

 

WhatsApp Image 2024 01 30 at 12.48.05

 

  • සීනි පරිභෝජනය ඉහළයාමට සමගාමීව අධික සීනි පරිභෝජනයද හේතුවෙතැයි සැලකෙන 2-කාණ්ඩයේ දියවැඩියාව, තරබාරුව සහ හදවත් රෝගවල වැඩිවීමද ඇමරිකානුවන් අතර පසුගිය වසර ගණනාවක සිට රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් පෙනී යයි.

 

  • 1970 වනවිට ඇමරිකානු ජනගහනයෙන් 2.3% ක් පමණ පිරිසක් පමණක්  දියවැඩියා රෝගයෙන් පෙළුණු අතර, මේ වනවිට ඇමරිකානුවන්ගෙන් 11.6%ක් එහෙම නැතිනම් මිලියන 38.4ක් දියවැඩියාවෙන් පෙළෙයි.

 

  • 1970 වර්ශයේදී ජනගහනයෙන් 15%ක අගයක තිබුණු තරබාරුව  මේවන විට 42% ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ අතර 2021 අවුරුද්දේ ඇමරිකන් ඩොලර් මිලියන 17640ක සුවිසාල වටිනාකමක් අත්කරගෙන හිටිය ගෝලීය රසකැවිලි මාර්කට් එකේ වර්ධනය 2028 වන විට ඩොලර් මිලියන 23,290ද ඉක්මවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

 

WhatsApp Image 2024 01 30 at 12.48.04

 

  • ඇමරිකාව ලෝකයේ 55ස් වෙනියට දියවැඩියා රෝගීන් ඉන්න රට. ශ්‍රී ලංකාව 48වෙනි රට.

 

  • ජනගහනයෙන් 27ත් ලක්සයක් විතර නිල දියවැඩියා රෝගීන් ඉන්න, තව තිස්තුන්ලක්සයක් විතර පූර්ව දියවැඩියා රෝගීන් ඉන්න, ලෝකයේ 48වෙනියට ආසියාවේ 13වෙනියට දියවැඩියා ලෙඩ්ඩු  ඉන්න රටේ බහුතරයක්  සුගර් පප්පලාට, මමීලට සහ ප්රතිපත්ති සම්පාදකයින්ට සීනි සහ කෘත්‍රිම කෑම බීම පරිභෝජනය සීමා කරන්න කියල කිවුවට සත පහක වැඩක් වෙලා තියෙනව කියල හිතන්න බෑ.

 

සුගර් ඉන්ඩස්ට්‍රියයි ඖෂධ වෛද්‍ය මාකට් එකයි, උන් ඔක්කොම යාළුවො මල්ලී..

 

සුගර් ඉන්ඩස්ට්‍රි එකේ ලාබය එහෙම වැඩි වෙත්දී, දියවැඩියා රෝගයට වැයවන ඖෂධ සහ වෛද්‍ය මාකට් එකේ සමස්ත වර්තමාන  වටිනාකම ඩොලර් බිලියන 18.23ක් වන අතර එය , 2030 වන විට ඩොලර් බිලියන 36.02 ද ඉක්මවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා. (The global market for diabetes management)

 

  • මේ අතර ගෝලීය  තරබාරුව සඳහා ප්රතිකාර කිරීමේ බිස්නස් එකේ මාකට් සයිස් එක (The global obesity treatment market) දැනට වාර්ශිකව ඩොලර් බිලියන 14.02 ක්වන අතර එය, 2030 වන විට තව සියයට 14කින් ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

 

  • එතකොට , සුගර් ඉන්ඩස්ට්‍රි එකට ලෝකවාසීන්ගේ  සෞඛ්‍ය තත්ත්ව⁣ය කිසිදු අදාලත්වයක් නොමැති බවත් , රසයම හඹායන අධිපරිභෝජනවාදී ආහාර පරිභෝජන රටාව මත තමන්ගේ ලාභයේ පැවැත්ම රදා පවතින බවත්,   ලෝකවාසීන් අතර දියවැඩියාව  තරබාරුව ඇතුලු බෝනොවන රෝග වැඩිවීම මත ඖෂධ සමාගම් සහ වෛද්‍ය බිස්නස් එකේ ලාභ කඳු ගොඩගැසෙන බවත් ඕන ළමයෙකුට තේරෙන්න ඕන.

 

සුගර් ඉන්ඩස්ට්‍රි එකේ, බෙහෙත් කොම්පැනිකාරයින්ගේ, ආනයනය කරුවන්ගේ, කොමිස් කාරයින්, බදුවංචනිකයින්ගේ, රසකැවිලි , සිසිල් බීම කොම්පැනිකාරයින්ගේ රසකළ කාලබෝම්බය  ළඟ දපනේ වැටිච්චි රටකට එක අතකට මොන හෙල්ත් එඩියුකේෂන් ද ආයුබෝවන්....

@ගැමුණු සාලිය පෙරේරා

 මහජන සෞඛ්‍ය පරීක්ෂක

නවතම ලිපි