SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තිර පිටපත පැහැදිලිය... නාට්ටිය පෙන්වන්නත් කලින් ප්‍රේක්ෂකයින්ට පිටපත කටපාඩම්... බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු වේලාසනම වෛද්‍ය වාර්තාව හදල තියල... මේ නාට්ටි බලල දැන් එපා වෙලා...

මේ කෙහෙලිය අත්අඩංගුවට ගැනීමට දිනකට පෙර සිට වයිරල් වුනු සමාජ මාධ්‍ය පෝස්ට් කිහිපයක්. එය ඇත්තකි. ප්‍රභූ දේශපාලන සත්වයින් කුමන අපරාධමය කටයුත්තකට වුව රිමාන්ඩ් බාරයට ගනීනම් පිටපත එයයි. බන්ධනාගාරයෙන් රෝහල්ගත කිරීම අනීවාර්ය ලෙසම සිදු වේ.

 

A kehel 2

 

කෙහෙලිය නාටකය අස්සේ දේශපාලන සන්දාන රහස්..

 

කෙහෙලිය ඇමතිවරයාගේ නීතීඥයා කියන විදිහට කෙහෙලිය ලෙඩෙකි. එය රෝග 7කටම බෙහෙත් වර්ග 07ක් බොන අවදානම් තත්වයක රෝගියෙකි. එහෙත් සමස්ත සමාජයම දන්නා පිටපත නම් ඉහෙන් බහින රෝගයක් නැති ප්‍රභූ දේශපාලකයන් අත් අඩංගුවට ගත් සැනින් උසාවියට ඉදිරිපත් කෙරෙන බවත් ඉන්පසු රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශය මත රෝහල්ගත කෙරෙන බවත් ය. එකී රෝහල්වල සියලු සැප පහසුකම් යටතේ නිවාඩුවක් ගතකිරීමට එමගින් අවස්ථාවක් සැලසේ.

 

මේ මැතිවරණ වර්ෂයකි. බොහෝ දෙනාගේ අදහස මෙවර ජනාධිපතිවරණයක් තිබුනද මහා මැතිවරණයක් තිබුණද මෙතෙක් කලක් ජනතාව විසින් නොදුන් තීරණයක් ප්‍රභූ දේශපාලනයට එරෙහිව ජනතාව ගන්නට සූදානම්ව ඇති බවය. ඒ, ප්‍රභූ දේශපාලනයට එරෙහිව තම ඡන්දය පාවිච්චි කිරීමය. සැබෑවකි. මතුපිට පෙනෙන තලයේ මේ වනවිට අන් කවරදාටත් වඩා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කොටගත් ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ ඇත. මෙම ඉදිරියට ආ ගමනට දිවිහිමියෙන් විරුද්ධව නැගී සිටින්නේ අතීතයේ ජවිපෙන් දේශපාලනය පිළිබඳ භෞතීෂ්ම වූවන් ය. එනයින් මේ වනවිට අනුර කුමාරට මුහුණට මුහුණලා සටන් කළ හැකි ප්‍රභූ නායකයෙකුගේ අවශ්‍යතාවය ප්‍රභූ දේශපාලනය තුළ අවශ්‍යතාවයක්ව පැන නැගී ඇත. රනිල් වික්‍රමසිංහ යනු එවන් අවශ්‍යතාවයක දී විහිළුවක් පමණකි.

 

 

|පක්ෂ පාටවලට බෙදීගිය ප්‍රභූ දේශපාලන සූදුව මේ වනවිට ක්‍රමයෙන් අභියෝගයට ලක්වෙමින් තිබෙන බව ඔවුනට පෙනෙන්නට තිබේ. එබැවින් තම අනාගතය අවිනිශ්චිතව ඇත. බොහෝ විට, බොහෝ දෙනෙකුගේ ප්‍රභූ උරුමයට ඛේදනීය ඉරණමක් අත්වීම පිළිබඳ භීතියකට පත්ව ඇත. එනම්, ඔවුන් උපයා ගත් ප්‍රකෝටි ගණන් වල දේපල ඇත්තේ වෙනත් අයගේ නම් වලටය. බලය අහිමි වූ විගස ඔවුනට දේපල ද අහිමි වේ. එපමණක් ද නොව, ඔවුනට ඔවුනගේ යාවත්කාලීන වන අන්තක්පුර ද අහිමි වේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය යනු ප්‍රභූන්ගේ අන්තක්පුර ස්ත්‍රීන් නිෂ්පාදනය කරනා භූමියයි. විදේශ විනෝද සංචාර, විනෝද ක්‍රියා, ලොව ඇති සුපිරිම පාරිභෝගික භාණ්ඩ සහ සේවා, වස විසෙන් තොර උසස්ම විදේශීය ආහාර පාන, කොටින්ම වතුර පවා....

 

chandrika shiranthi

 

 

ඒ සියල්ල අහිමි කර ගැනීමට ඔවුන් කැමති වේද?

 

 

|සන්දාන කතා මුලින් පැන නැගුනේ තම මතවාදී කඳවුරේ බලය වෙනුවෙන් වේ නම් එය දැන් තමා නියෝජනය කරන ප්‍රභූ දේශපාලනයේ කඳවුර ලෙස පැහැදිලි ඉරකින් බෙදෙමින් ඇත. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති රනිල් වික්‍රමසිංහ ගෙන එන නව ලිබරල්වාදී රටාවට විරුද්ධවූවක් නොවේ. ඔවුන්ගේ ද ආර්ථික ක්‍රමවේදයන් මේ පවත්නා පරිභෝජන රටාවම ඉදිරියට දක්කාගෙන යන ක්‍රමවේදයකි. එහෙත් ප්‍රභූන් බියව ඇත්තේ ඔවුන්ගේ දේශපාලන කොටසටය. මාලිමාවේ දේශපාලන ප්‍රවේශයම සැකසෙන්නේ දූෂිතයන් හොරුන් අල්ලා දඩුවම් කරනවාය යන සටන් පාටය මතිනි. එබැවින් ඔවුන් බලය ගත් විට අනිවාර්ය ලෙසම හොරු සහ දූෂිතයින් මර්ධනය ක්‍රියාත්මක කිරීමට සිදුවීම අනිවාර්යතාවයකි. එසේ නොවුනහොත් එය ජවිපෙ අවසානයයි.

 

 

එබැවින් දැන් පොදු සන්දානයක් වටා අතු ඉති සකස්වෙමින් පවතින අතර රනිල් වික්‍රමසිංහට “රනිල් තමයි එකම ගැලවුම්කාරයා” යන කැම්පේන් ස්ලෝගනය තවදුරටත් වලංගු නැත. මන්ද එකම ගැලවුම්කාරයා බලය ලබා වසරක් ඉක්මගොස් තිබුනද ලැබුනු ණය හරහා තෙල්, ගෑස්, මිලට ගන්නට යන්තම් හැකි වුනද තවමත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ ධූරකාලය තුළ විදෙස් ණය ගෙවා නතරවූ තැනින් වාරිකයක්වත් ගෙවන්නට අවස්ථාවක් ලැබී නැත. (රනිල් වික්‍රමසිංහ බලය ගත් හැම අවස්ථාවකදීම ණය ගෙවීම කල් දාගෙන රටේ වසන්තය උදාකරවුවෙකි).

 

ඉදින් මේ වනවිට සමස්ත රටම දන්නා දෙය නම් ගෝඨාට පසු ඉන්ධන, ගෑස් පෝලිම් නැති වුවද ණයබර නම් තවත් යහමින් ඇඟට පැමිණි බවය. එසේම බදුබර කඳු ගණන් පටවා අතේ සතේ නැතිකර දමා ඇති බව ය. මෙකී යතාර්තය සමග තම ළමා ආසාවන් සන්තර්පනය කෙරෙන මනෝභාවයකින් යුක්ත නායකයෙක් නොව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් වෘත්තිකභාවයෙන් තරඟ කළ හැකි නායකයෙකු ඉදිරිපත් කර තම ප්‍රභූ දේශපාලන පන්තිය පත්ව ඇති භයානක ඉරණමෙන් ගැලවීමට ඉදිරියේදී දක්ෂිනාංෂික යැයි වර්ග කෙරී ඇති පක්ෂ මෙන්ම වාමවාදී යැයි කියා ගත් කණ්ඩායම්ද ඒ සමග එක්වීම නොවැලැක්විය හැකිය. ඊයේ පෙරේදා රනිල් වෙනුවෙන් අපිරිමිතව පෙනී සිටි ප්‍රසන්න රණතුංග පවසා තිබුණේ තමා රනිල්ගේ ගොට්ටෙක් නොවන බව ය. මේ මොහොතේ රනිල් හැර රටට වෙනත් විකල්පයක් නොමැති නිසා රනිල් වෙනුවෙන් පෙනී සිටින බව ය.

 

na mala

 

 

“රනිල් හැර රටට වෙනත් විකල්පයක් නොමැත” යන්න රනිල් වික්‍රමසිංහගේ කැම්පේන් එකේ ස්ලෝගන් එකක් මෙන්ම එම මෙහෙයුමේ ප්‍රධාන කාර්යය වී තිබුණේද එම අදහස දේශපාලකයින් තුළ සහ රටේ ජනතාව තුළ කතිකාවක් ලෙස වර්ධනය කිරීම ය. මේ වනවිට දේශපාලකයින් එකී මතය තම ආරක්ෂාව වෙනුවෙන් විශ්වාස කලද රටේ බහුතර ජනතාව එය විශ්වාස නොකරන තැනට පත්ව ඇත. කව්රු නැතත් ඒ යතාර්ථය වික්‍රමසිංහ ජනාධිපතිවරයා මනාව තේරුම් ගෙන ඇත. මේ නිසා ප්‍රභූ දේශපාලන කඳවුර මේ වනවිට එක්වෙමින් විවිධ පිළිතුරු පිළිබඳ සාකච්ඡා පවත්වමින් ඇති අතර මෙහිදී විශේෂත්වය වන්නේ මෙම වැඩපිළිවෙලේදී, ගොඩනැගෙන සන්ධානය වෙතින් රාජපක්ෂවරුන් සම්පූර්ණයෙන් එලියෙන් තබා වැඩ කිරීමට තීරණය වී තිබීමයි. තවමත් රාජපක්ෂවරුන්ට ගම්වලදී හූවෙන් සංග්‍රහ වීම මෙන්ම ජවිපෙ ප්‍රධාන සටන් පාඨයක්ව පවතින ‌හොරු ඇල්ලීම යන කාරණයේදී රාජපක්ෂ කඳවුර මූලික ව ඇති නිසාත් රාජපක්ෂවරුන්ට තවමත් නැවත දේශපාලනයට පිවිසීමට සුදුසු අවස්තාවක් නොමැත.

 

නාමල් රාජපක්ෂ තම පියා මෙන් උඩු රැවුලක් සකස්කර ගනිමින් ගමෙන් ගමට යන්නට ගියද වඩා හොඳ වර්ගයේ හූ සංග්‍රහයන් ලැබෙන්නේ මහින්ද යුගය දැන් අවසන්ව ඇති බැවින් ය. (එනයින් පොහොට්ටුවේ ඡන්ද සපුරා අවසන්ව ඇති බවක් නොකියැවේ. ඒ ඡන්දවලට ජීවයක් දිය හැකි පුද්ගලයා රාජපක්ෂවරයෙකු නොවේ. මේ ගැන වඩාත් හොඳින් තේරුම් ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂය. ඒ නිසා ඔහු පසුගිය දිනයක කියා තිබුණේ පොහොට්ටුව රාජපක්ෂලාගේ ග්‍රහණයෙන් මුදා වෙනත් කණ්ඩායමකට ලබාදිය යුතු බවය).

 

chandrika with ranil

 

 

|චන්ද්‍රිකා  කුමාරතුංග පෙරට පැමිණ ඇත්තේ එවන් වටපිටාවකය. ඒ තම පියාගේ නිර්මාණයක් වූ ශ්‍රිලනිපයේ බලය ලබා ගනිමින් ප්‍රභූ දේශපාලනය සුරැකිය හැකි “සුදුසු” නායකයෙකු මාලිමාව හා තරඟ කරවීමටය. එය මේ දිනවල කරලිය යටින් මෙන්ම සමහර අවස්ථාවල මතුපිටින්ද පෙනෙන ලෙස ක්‍රියාත්මක ය. පසුගිය දා එක්සත් ජනරජ පෙරමුණේ පාඨලී රණවක ගේ අදහස් දැක්වීම බළලා මල්ලෙන් එලියට පැනීමකි.

 

 

රටේ ජනතාව වර්තමානයේදී ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් ඒ පිළිබඳ ව අදහස් දැක්වීමක් විනා වත්මන් ක්‍රියාවලිය තුළ එම ගැටලු විසඳීමේ ක්‍රියා මාර්ගයක් නැතැයි කියා ය. ඒ නිසා ජනතාවගේ ගැටලු විසඳීම ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. උතුරේ දෙමළ ජනතාව වුවද නැගෙනහිර මුස්ලිම් ජනතාව වුවද ගැටලු වලින් මුදා ගැනීම අතිශය වැදගත්ය. ඒ සඳහා ජාතික නිදහස් සටනක් අලුතින් ඇරඹිය යුතු අතර ඊට දුක් විඳින ජනතාවගේ සහාය අවශ්‍ය ය. ජනතා ගැටලු විසඳිය යුතුය. ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීමට සුදුසු වටපිටාවක් සැකසීම අවශ්‍යතාවකි. වත්මන් දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව ඔහු කියා ඇත. පසුගිය දින කිහිපයේදී සිදු වූ අමාත්‍ය සනත් නිශාන්ත ගේ මරණය මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම ආශ්‍රිත සිදුවීම්වලදී ජනතාවගේ ප්‍රතිචාරයන් ඊට උදාහරණ ලෙස ඔහු දක්වා ඇත. එහිදී ජනතාවගෙන් දේශපාලනය සහ රාජපක්ෂ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳව දක්වන වෛරී සහගත හැඟීම නැවතත් ප්‍රකාශයට පත් වූ බව ඔහු කියයි. එය සැබෑවකි. ප්‍රභූ දේශපාලකයින්ට දැන් අවශ්‍ය මෙම තත්වයන් තේරුම් ගන්නා කෙනෙක් තම කඳවුරෙන් ඉදිරිපත් කර මාලිමාව හකුළුවාලීමටය.

 

 

WhatsApp Image 2024 02 04 at 13.49.20

 

 

|පාඨලී චම්පික නොවන මාලිමාවට සටනක් දියහැකි කිසිවෙක් ඔවුන්ගේ කඳවුරේ දැන් නැති බව පැහැදිලි ය. පාඨලී මෙහිදී රනිල් ඇතුළු අනෙකුත් නායකයින්ගේ නෙහැකියාව නොකියා කියයි. මෙවැනි තත්ත්වයකදී නව ජාතික නිදහස් සටනක් අවශ්‍ය බව ඔහුගේ අවධාරණයයි. ජනතාව මත රජය බදු බර පටවා තිබේ. විදුලිය, ඉන්ධන ආදියෙහි මිල වැඩි වෙයි. නාස්තිය සහ දූෂණය පිටුදැකීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ අනුව කළමනාකරණ ගැටලු රැසක් ඇති බව හෙළි ව ඇත.

 

පාඨලී ඔහුගේ ආර්ථික වැඩපිළිවෙල මෙහිදී පෙන්වන්නේ ජාතික ජන බලවේගය සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරෙන සන්දර්භයක ය. ඔහු කියන්නේ නිශ්චිත බදු අය කිරීමේ ක්‍රමයකට දේශීය ආදායම් උත්පාදන ක්‍රියාවලිය පරිවර්තනය කළ යුතු බවය. එහෙත් එය සිදු කිරීමට ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වන බවද ඔහු අවධාරණය කරමින් දැනට බලයේ ඇති ප්‍රභූ පන්තියේ නුසුදුසුකම ගැන කියාපායි. කළමනාකරණ දැනුමක් සහිත දේශපාලන පක්ෂයකට පමණක් එය සිදු කළ හැකි බවත් එක්සත් ජනරජ පෙරමුණ ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් පාඨලී කියයි.

 

වංචාව හා දූෂණය සටන් පාඨයක් කර ගත්තේ ජවිපෙ ප්‍රමුඛ ජාජබය ය. දැන් එම සටන් පාඨය විධිමත් ස්වරූපයකින් වැඩපිළිවෙලක් ලෙස ගෙන එන්නේ මොරටුවේ දක්ෂතම සිසුවා වෙමින්  ඉංජිනේරු උපාධිය ලබාගත් පාඨලී ය. දැන් කැළණියේ විද්‍යා උපාධියක් ගත් අනුර කුමාරට ආර්ථික වැඩපිළිවෙලක් දේශපාලන වැඩපිළිවෙලක් සමග පාඨලීට මුහුණට මුහුණ සටනක් දිය හැකි විය යුතු ය.

 

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි