(පසුගිය සතිය හා බැඳේ - https://slleader.lk/social/9299-2024-02-09-09-16-50)
02 කොටස
එජාපයේ රනිල් පොහොට්ටු පාර්-ලිමේන්තු ඡන්ද 134කින් බලයට පත්වෙන මොහොතේ, ඊළඟට ජනතා මැතිවරණයකින් වසර 05ක ජනවරමකත් ලබා ජනාධිපති වන්නේ කෙසේදැයි කියා සැලසුමක් හෝ අරමුණක් රනිල්ට හෝ ඔහු අවට සිටි ඔහුගේ ප්‍රධාන සහචරයෙකුට තිබුණේ නැත.
රනිල් වටා සිටි ඉතා කිට්ටුවන්ත උදවිය තුළ තිබුණේ ද රනිල් ම කොහෙන් අනාගනීවිදැයි විශ්වාස නැති අවින්ෂ්චිත මනෝභාවයකි.
ඒ් නිසා රනිල් හදිසියේ ජනාධිපති වුණ ගමන් ම, ඔවුන් සියළු දෙනා පත් වූයේ ලොතරැයියක් ඇදුනහම හෝ ක්‍රිකට් තරඟයක් දිනුවහම එන ජාතියේ හදිසි සහ අදිසි මනෝභාවයක්.
ඒ් නිසා කවුරුන් හෝ හිතවතෙක් මේ ගෙවෙන මොහොතේ ඒජාපය මුහුණ දෙමින් සිටින අනාගතය ඒ් ගෙවෙන මොහොතේ දැක සීරියස් කථා කරන්නට ගත්තා නම්, ඔහුට සලකණු ලැබුවේ සාදයක් අතරමැද අනාගත හදිසි අනතුරැ ගැන කතා කරන්නට හදන අන්ප්‍රැක්ටිකල් බුල් පොරක් හැටියට ය.
ඒ් නිසා ම රනිල් ජනපති වූ වහා ම අවට සිටි අති සුළුතර පිරිසට තිබුණේ, “ඇති යාන්තං පොඩි හරි ෆන් ඒකක් ගන්න ඉඩක් ලැබුණා” වැනි සිතුවිල්ලකි දිගු හුසමක් හෙලන මනෝභාවයකි.
නමුත් එජාපය ජනපති පදවියම ලැබුණ මොහොතේදී සේම මේ ගෙවෙන මොහොතේදීත්, ඒජාපයට ප‍්‍රමුඛ කරගෙන රනිල් වික‍්‍රමසිංහ අනාගත ජනතා ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයා බවට පත්වීම කියන සංසිද්ධිමය අපේක්ෂාක්ෂාව මුදුන් පමුණවා ගත යුතුයි සිතන පාක්ෂිකයෙක් හෝ සංවිධායකයෙක් ලංකා දේශපාලනය දෙස බැලුවහොත්, එය මුදුන් පමුණුවා ගැනීමට ප්‍රධාන හතුරා වූ ජවිපෙට එරෙහිව එජාපය නිවැරදි කරගත යුතු භෞතික-දේශපාලන-බල-සාධකය (Material Fact for Political Power) කුමක්දැයි නිවැරදිව හඳුනාගත යුතුව තිබුණි.
වෙනත් වචනවලින් කියනව නම් එජාපයට නැති ජවිපෙට ඇති භෞතික-දේශපාලනික-බල-සාධකය බලය කුමක්දැයි හඳුනාගත යුතු ය.
එජාපයට නැති ජවිපෙට ඇති භෞතික-දේශපාලනික-බල-සාධකය කුමක්ද?
එම සාධකය නම් පක්ෂය යි.
වසර පුරා නොනවත්වා දේශපාලනිකව නඩත්තු වෙන සහ වෙනස් වෙමින් ප්‍රතිසංවිධානය වෙන ක‍්‍රියාකාරී පක්ෂ යාන්ත‍්‍රණය යි.
එක්සත් ජාතික පක්ෂයේ කළින් සිටි ජෙ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රෙමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි දේශපාලන නායකයින්ගේ ක‍්‍රියාකාරීත්වය සැලකූ බැලූවත්, ප‍්‍රතිවිද්ධ පිලේ සිටි මහින්ද රාජපක්ෂ සහ විහේයෙන් බැසිල් රාජපක්ෂ වැනි දේශපාලන නායකයින් සලකා බැලූවත්, රනිල්ගේ නායකත්වයෙන් පැවති පසුගිය වසර 30ක එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම යටකී සියළු දේශපාලන නායකයින්ට සාපේක්ෂව පක්ෂයක් ජාතික තලයේ බලමුළුගැන්වීමට ඇති හැකියාව අතින් රනිල් වික‍්‍රමසිංහ මෙතෙක් පෙන්වා ඇත්තේ අතිශය දුර්වලතාවකි.
ඒ් දුර්වලතාව කෙලවුර වූයේ පක්ෂයේ සැලකිය යුතු බහුතරයක් සහිත ක්‍රීම් ඒක ජන බලවේගය ලෙස කැඩී දුර්වල නායකයෙකුගේ නායකත්වය යටතට වෙන්වී ගොස්, ඒජාපය ඉතිහාසයේ පළමු වතාවට පාර්-ලිමෙන්තුව තුළ සුළුතර පක්ෂයක් බවට පත්වීමත්, බැසිල්ගේ පක්ෂ සංවිධාන ශක්තියෙන් ජයග‍්‍රහණය කළ පොහොට්ටුවේ ආසන 134ක් මත යැපී ලොටෝ ජනාධිපතී වූවා යැයි අනුර කුමාරගේ කටින් ජෝක් වන්නට සිදුවීමත් ය. පක්ෂ ඉතිහාසය පුරා තම චන්ද පදනම සහ පාර්-ලිමෙන්තු ආසන සංඛ්‍යාව අති දුර්වල අවධි වල පවා ඒජාපයට නොසිදු වූ මේ විලිසංගෙ නැති විලිලජ්ජා සහගත සහි හින්ත්ව අතිකර තත්වයක් ගැන සාගල රත්නායකට ඇති නිර්වචනය කුමක්ද කියා ඒජාප පාක්ෂිකයෙක් ඔහුගෙන් ඇසුවොත් ඔහුට දෙන්නට උත්තරයක් තියෙනවා ද?
රනිල් මේ තත්වයට පත්වූයේ, පක්ෂයක් ලෙස නිරන්තරව තම ව්‍යූහයේ සංවිධාන රාමුව සහ එහි කටයුතු භාර කරන්නට අවැසි දෙවෙනි සහ තෙවෙනි පෙළ නායකත්ව තෝරා ගැනීමේ දී මිතුරුකමට වඩා හැකියාවට තැනදීමේ යථාව ඔහු නිවැරදිව තේරුම්ගෙන භාවිතයට නොයොදා “ඒ්ක ඒච්චර ගණන් ගන්න දෙයක් නෙවේ” වැනි ඇටිටියුඩ් ඒකක් අනුගමනය කළ නිසාවෙනි.මෙවැනි ඇටිටියුඩ් ඒකක් තවදුරටත් මේන්ටේන් වන්නේ කුමන අනුහසකින් ද?
පක්ෂයේ වගකීම් පැවරීමේ දී, රනිල් අනුගමනය කළ පිළිවෙත හුදු පක්ෂග්‍රහීත්වය සහ ගජ-මිතුරුකම මත පදනම් වූ වලව්කාර හාමුවාදී ස්වරෑපයක් දැරූ අතර, ජේ. ආර්. ජයවර්ධන වැනි අතිප්‍රභූ චරිත පවා නිහතමානීව පිළිගත්, ප්‍රතිවිරෝධතා තිබුණා අයෙකු වුවත් හැකියාව ඇතිනම් උපායශීලීව පක්ෂ සංවිධාන කටයුතු වලට යොදවාගත යුතුය යන පක්ෂ-සංවිධානවාදී සාධකය රනිල් නොසලකා හැරියේ ය. ජේ. ආර්. ජයවර්ධන සංවිධානය කල ඒජාපය තුළ ඒකවර තොන්ඩමාන් සහ විජජමු ලොකුබණ්ඩාර යන අන්ත දෙක ම නඩත්තු කරන්න තරම් ඔහු විනයගත ශූර සංවිධායයෙකු විය. නමුත් රනිල්ට තම නකායකත්වය යටතේ සිටි පක්ෂය තුළ සජිත් සහ රවී කියන අන්ත දෙකක් නියෝජනය කළ දෙවෙනි පෙළ නායකයින් දෙදෙනා සමතුළිතව පවත්වාගෙන යන්නට රනිල්ට නොහැකි විය. ඒලෙසම, ආර්ථික විද්‍යා සංදර්භයක් තුළ රවි සහ හර්ෂ ද සිල්වා යන දෙදෙනා සමතුලිත කර පවත්වාගෙන වැඩ ගන්නට සහ එය පවත්වාගන්නට රනිල් අසමත් විය. නමුත් ජේ. ආර් ජයවර්ධන ඒකිනෙකට ප්‍රතපක්ෂ දේශපාලන පෞර්ෂ තුනක් වූ ලලිත්-ගාමිණී-ප්‍රෙමදාස තුන්දෙනාගේ ප්‍රත්විරෝධතා තම පක්ෂයේ උන්නතියට යෙ සහ තම පදේශපාලනික පැවැත්මට යොදාගන්නට තරම් තිරසර පිරිමිකමක් හෙබවූ නායකයෙකි. ඒ් නිසා ඒජාපය, පක්ෂයක් ලෙසින් මලනියක් කොට සලකා ඒයින් කිසිදු වැඩක් නොගැනීම ඒකල ප්‍රතිපත්තිය නොවිණි. ඒකල අන් පක්ෂ මලමිනී ලෙස සලකා අකර්මණ්‍ය කර දැමීස
ඒ් නිසා පක්ෂ සංවිධානයට අදාළ මෙවන් සියුම් සාධක සැලකිල්ලට ගන්නා, අනෙක් පක්ෂවල නායකයින් රනිල්ව පසුකර නිතර බලයට පත්වූ අතර, රනිල්ට සිදුවූයේ, ඒක්කෝ විපක්ෂය නැමති ප්‍රෙක්ෂකාගාරයට වී බලයට පත්වන තමන්ටත් වඩා ඥාන පරිණතභාවයෙන් අඩු සංවිධාන ශක්තියෙන් වැඩි නායකයින් දෙස බලමින් හූලලන්නට ය. දේශපාලන ඥානය අතින් බැසිල්ට රනිල්ගේ මයිලකටවත් ලංවන්නට බැරිය. නමුත් මැතිවරණ පක්ෂ සංවිධාන මෙහෙයුම් උපායමාර්ග මෙහෙයවීම අතින් රනිල්ට බැසිල්ගේ මයිලකටවත් ලංවෙන්නට බැරි ය. ඒ් නිසා රනිල්ගේ දේශපාලන ඥාණය ඉක්මවා බැසිල්ගේ මැතිවරණ පක්ෂ සංවිධාන මෙහෙයුම් උපායමාර්ගය ජයගත්තේ ය. බැසිල් ගෝඨාට දිනා දුන් 69 ලක්ෂයක චන්ද පදන ම හිමි මන්ත්‍රීන් 134 දෙනාට හිසනමා රනිල්ට ජනාධිපත් වෙන්නට සිවුණ සංසිද්ධිය පිටුපස ඇති යථාව මෙය යි
නැතිනම්, රනිල් වැනි අත්දැකීම් බහුල ඥාන බහුල අයෙකුට වෙනත් පක්ෂයක කවුරුන් හෝ දක්ෂ සංවිධාන චරිතයකගේ හෝ ඡන්ද පදනම නැමති ඇඟේ එල්ලී දෙවෙනි පන්නයේ අයුරින් පාලන බලයක් හිමිකරගන්නට වන්නේ කුමන නම් අරුමයකින් ද?
ඔහුගේ වෘතක්තීය ජීවන ඉතිහාසය ට ම මෙවර දී පමණක් සුවිශේෂී දෙයක් සිදුවිය. එනම් ඔහුට ජනාධිපති පදවිය ම හිමිවිය. එහෙත් ඒ් පදවිය දිගුකල් රැකගැනීමට, එක්කෝ රනිල්ට බහුතරයක් සාදාගත හැකි සංධානයක් බිහිකරගත යුතු විය. එවැනි සංධානික දේශපාලනික කාලාවකාශයක් ගොඩනගා ගැනීමට නොහැකි වාස්තවික තත්වයක් රට පුරා ම පැවතිණි. එයනම්, ඉතිහාසයේ පළමු වතාවට රට ආර්-ථිකව බංකොලොත් බවක පැවතීම යි. ඒහිදී රනිල්ට තෝරාගන්නට විකල්ප කිහිපයක් තිබුණේ නැත. තිබුණ ඒක ම විකල්පය රාජ්‍ය බලය ලැබීම තම වාසියක් කොට සහ වරදානයක් කොටගෙන අනික් පක්ෂ අභිබවා යන පරිදි ඒක්සත් ජාතික පක්ෂය නැවත වේගයෙන් ප්‍රතිසංවිධානය කරගෙන ඡන්දයකට යෑම යි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දක්ෂ සංවිධායකයින් රැසක් ඒ් වන විටත් එජාපයෙන් ඉවත්වී සමගි ජනබලවේගයට ගොස් සිටිය හ. ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට යෑම අසාර්ථක තත්වයක පැවතියේ, එක අතකින් ඒ් ගිය කිසිවෙකු රනිල් විශ්වාස කළ හැකි නායකයෙකු ලෙස නොසිතූ නිසා ය. අනික් අතින් සමගි ජන බලවේය ජනතාව ඉදිරියේ මූනිච්චාවට හෝ රනිල්ට ජනාධිපති වෙන්නට පාර්ලිමේන්තුව ඡන්දය සපයාදුන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට ප්‍රතිපක්ෂ ස්ථාවරයක දේශපාලනයක ඉන්නා බවට ප්‍රබන්ධ කතන්දර ලෝකයක් නඩත්තු කරමින් සිටි නිසාවෙනි.
එහිදී දේශපාලන චෙස් බෝඩ් ඒක තුළ රනිල්ට තිබුණේ අසීරු අභියෝගයක් ජය ගන්නට ය. එයනම්, සමගි ජන බලවේගයට ගිය උදවියට කුද ගහගන්නට කියා පක්ෂය මුළ සිට ම සංවිධානය කරගැනීම ය. ඊට වාසිදායක වන සාධක දෙකක් ද ඒ්වන විටත් ඔහු පසුබිමේ පැවතිණි. ඉන් එකක් නම්, පක්ෂයේ මන්ත්‍රී මට්ටමේ මුල් පෙළ සාමාජිකයින් එජාපයට නැති වී සමගි ජන බලවේගයට ගිය ද, පක්ෂයේ දෙවෙනි සහ තුන්වෙනි නියෝජනය කළ විශාල බහුතර විධායක ස්ථරයක් සහ ඒ් ස්ථරයට අදාළ කමිටු සංවිධානත් එජාපය සතුව පැවතීම යි.
අනෙක් ප්‍රධානතම සාධකය වූයේ, පක්ෂ සංවිධාන කටයුතු වල දී සමගි ජනබලවේගයේ නායකයාට වඩා දක්ෂ, දෙවෙනි පෙළ නායකයෙකු ලෙස කටයුතු කර පලපුරුද්ද ඇති සහ දේශපාලනික චන්ද ජයගැනීමේ ඵල දැරූ ඉතිහාසයකට හිම්කම් කියූ, රටේ අසීරු ආර්ථික කොන්දේසි යටතේ වුවත් රටක සහ පක්ෂයක වැඩකටයුතු පවත්වාගෙන යා හැකි ප්‍රයෝගික විෂය ඥානයක් සහිත රවී කරුණානායක තවමත් ඔහුගේ පකෂය අත්හැර නොගොස් එජාපයේ සිටීම ය.
නමුත් රනිල් පක්ෂ යන්ත්‍රයේ තිබූ දෙවෙනි තුන්වෙනි පෙළින් පහළ සිටින බහුතර සංවිධායක ජාලයක් ගැන විශ්වාසය තබා බර කරට අරන් වැඩ කරන්නට තරම් දක්ෂ සංවිධායකයෙක් නොවී ය. එලෙස ම කපටිකමට කියා හෝ රවී කරුණානායකට සැලකිය යුතු දෙවෙනි පෙළ නායකත්වයක් සපයා දී, ඔහුට සංවිධානය කිරීමේ ලාලසාව ඇතිවන්නට හැර ඔහුගෙන් වැඩක් ගැනීමට රනිල්ට ඉඩහසරක් තිබුණි. නමුත් ඒ් ඉඩහසර ඔහු දුටුවේ ම නැත. එසේ දකින්නට තරම් රනිල් සංවිධනයෙහි දක්ෂයෙකු නොවී ය. ඒ් වෙනුවට රනිල් කළේ, මීට පෙර අතීත කාලවල දී දේශපාලන කටයුතු සිදුකරන්නට යාමේ දී, රවී සමඟ ඇති කරගත් අතීත දේශපාලන ප්‍රතිවිරෝධ කැපිටල් කරගෙන, ඒ්වා ගණන් බලමින් ඔහුට කිසිදු නායකත්ව තනතුරක් නොදී, ඔහුගෙන් වැඩගන්නට පමණක් කටයුතු කිරීම ය.
ඒ් අනුව ඔහු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය පවරා තිබුණේ සාගල රත්නායකට ය. රනිල් ජනාධිපති වූ දා පටන් මේ දක්වා රටට බලපෑමක් කළ හැකි සංවිධාන ව්‍යුහයක් ගොඩනගන්නට සාගල උරදුන්නා ද නැති ද යන්න ඒජාප බහුතර සාමාජිකයින් තමන්ගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්නයකි.
(තව කොටසක් ලබන සතියේ - )
@ ඩඩ්ලි ෂෙල්ටන් ප්‍රේමදාස විසිනි