SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

01 කොටස -

මේ ගෙවෙන මොහොතේ ලංකාවේ සැබෑ මහා-දේශපාලන-සංදර්භය (Macro-Political Context) කුමක්ද?

 

දැනට වසරකට පමණ කලින් රනිල් ඇතුළු හිටපු ආණ්ඩු ප‍්‍රධානීන් ප‍්‍රසිද්ධියේ කියා සිටියේ, අයි.එම්.එෆ්. ණය ලැබීමේ අනුහසින් රටේ වේගවත් ආර්ථික සංවර්ධනයකට මුළපුරනු ලැබ, රටට යහපත් කාලයක් උදාකර ගැනීමේ ක‍්‍රියාදාමයකට මුල්තැන දෙන උපකල්පිත දේශපාලනයක් මහා-සංදර්භය වන බව ය.

 

රනිල්ව පරදා, දූෂිතයින්ට දඬුවම් දී, නීතියේ විධානය ආධිපත්‍යය පිහිටුවා, පසුගිය දශක 02ක ඇතුළත හොරකම් කළ රාජ්‍ය මුදල් පවරාගෙන, රටවැසියාගේ පරිභෝජන රටාව ද වෙනස් කරගෙන, බටහිර සහ අනෙකුත් සංවර්ධිත ධනේෂ්වර රටවල් වල ඉන්න ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හවුල් ආයෝජනයන්ට යොදවා, ඒ වගේ ම ඔවුන් අතරින් සුපින්වත් ලක් හිතවුතුන්ට ඩොලර් කැට හොලවා ඩොලරුත් ඉල්ලගෙන නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම රටේ දේශපාලනයේ මහා-සංදර්භය විය යුතු යැයි අනුර කුමාර ඇතුළු ජාතික ජන බලවේගයේ ප‍්‍රධානීන් ප‍්‍රසිද්ධියේ කියා සිටියහ.

 

ara 2 lipiya 2

තමන්ට සංයුක්ත න්‍යාය පත‍්‍රයක් නොමැතිකමින් මැතිවරණ වේදිකාවල දී ජවිපෙ නිර්මාණය කරගෙන තිබූ ප‍්‍රධාන පසුබිම් පාඨය වූ “විසඳුම” යන්න ද කොපි කරමින් ඊට “උත්තරය” යන්න තම පසුබිම් පාඨය කරගනිමින් ද, රනිල් හදිසියේ පැරෂුටයෙන් ජනපතිවීම ඉදිරියේ තමන් පත්ව ඇති දේශපාලන අසරණභාවයේ විළිය විපක්ෂ නායකකම නැමති කුඩා රෙදිකෑල්ලෙන් වහගෙන ඉඳින ගමන් ද, රනිල් පන්නා ජවිපෙටත් ඉඩනොදී කෙසේ හෝ ගම හදා රට හදන ආර් ප්‍රෙමදාසවාදය ම කරපින්නාගෙන සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහුටුවීම මහා-සංදර්භය යැයි කියමින් සජිත්, හිරුණිකා ඇතුළු සජබෙ ප‍්‍රධානීන් විෂය විරෝධී ලෙස ප‍්‍රසිද්ධියේ කෑ මොර දුන් අතර, සජබෙට හිරවී දේශපාලිනකව අවතැන් වී සිටි ආර්ථික  ඔස්තාද්ලා ලෙසින් පෙනී සිටිය ද හුදු අප්‍රයෝගික ආර්ථික පෙතේගුරුවාදීන් වූ හර්ෂ ද සිල්වා සහ කබීර් හසීම් වැනි උගත් මන්ත්‍රීලා කුමන ආකාරයකට හෝ විෂය හදාරා තිබූ උදවිය වෙලත්, කිසිදු විලිසංගයක් නැතිව සජිත් සහ ඔහුගේ බිරිඳගේ කෘතිම හාමුවාදය ඉදිරියේ කොඳු පෙලාගෙන සජිත් සහ හිරුණිකා කියන කටකම සිරියාවක් නැති ලුම්පන් දේශපාලන පද වලට නෑසුූ කන් වලා සිටිය හ.

 

 

ara 2 lipiya 3

ඊට අමතරව රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව සටන් පාඨයක් සහ රනිල්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකලාපයන් පැරදවීම කියන සඨන්පාඨ හරහා තමන්ට නැතිවූ දේශපාලන වාසි-අවකාශය නැවත දිනාගන්නට පොහොට්ටුවේ ම පිරිසක් හදිසියේ හිතාගන්න බැරි තරමට ප‍්‍රගතිශිලී වී කිසිදු විලි ලැජ්ජාවක් නැතිව ම ජවිපෙ සහ සජබෙ විසින් යොදාගන්නා ආණ්ඩු විරෝධී සටන්පාඨ ද ප‍්‍රසිද්ධියේ වෙනත් ආකෘතියකින් ගෙනහැර පාමින්, ඉදිරියේ දී එන මැතිවරණයක දී විපක්ෂයෙන් මහ කෑල්ල කඩාගන්නට කල්මරමින් මහා-සංදර්භයක් ගැන මෙලෝ හසරක් නැතුව ඔහේ අදේශපාලනික අනාචාරයේ යෙදෙමින් සිටියහ.

 

ara 2 lipiya 4

ඒ අතර සජබෙට හේත්තු වීම හරහා පහුගිය මහ-ඡන්දයේ දී තම මන්ත්‍රී පට්ට්ම ‍අනූනමයෙන් රැකගත්, පිරිස් බලයෙන් ජවිපෙට වඩා අති-ක්ෂුද්‍ර අවදියක පසුවූ  43නේ සේනාංකයේ අදිසි වවුල් දේශපාලනඥ චම්පික රණවක වේගවත් ක‍්‍රියාකාරී දේශපාලන සංවිධාන කටයුතුවලින් පැත්තකට වී, තමන්ට දේශපාලනිකව වාදසිදායක අවස්ථාවක් එනතුරු යූටියුබ් නාලිකා ඔස්සේ තමන්ලා පෙර කරපු කියපු දේවල් තමන්ලාට ම වාසිදායක වන අයුරින් දෙවන වර අරුත් දක්වමින් ද, දත්ත ඇසුරින් අන් අයට සාපේක්ෂව දියුණු වාචික දේශපාලනාර්ථික විශ්ලෙණ පවා ඉඳහිට ප‍්‍රසිද්ධියේ දෙසා බාමින් ද, දේශපාලනික වශයෙන් අවතැන් වූ ස්වභාවයක් ම ප්‍රකට කරමින් සිටිය ද, හීන්සැරේ ජනරජ පක්ෂය නැමති ඇබිති සහ ළදරු දේශපාලන පක්ෂ බෝට්ටුව හදමින් සහ ඒහි ලණුව බැඳගන්නට මහ-බෝට්ටුවක් ද හොයමින් හිටීම තම සබෑ දේශපාලන තත්වය වී තිබුණා වුවද, යටිකූට්ටු ලෙස  තමන්ලාට එහෙම අසරණභාවයක් නැතිය යන බව රටට  හඟවමින් ප්‍රසිද්ධ ප්‍රකාශ වල දී පමණක් පණඩිතමානී ලෙස රටේ දේශපාලනයේ මහා-සංදර්භය සේවා-ආර්ථිකයක් බිහි කිරීම බව කියමින් තමන්ගේ වාසියට ගොදුරු කරගත හැකි සාංසිද්ධික දේශපාලන මොහොතක් ඒනතුරු කල් මරමින් දේශපාලනිකව ඈනුම් අරිමින් සිටියේ ය.

 

නමුත් ඒ් ගෙවුන වසරේ ඒ් ගෙවුන දේශපාලනික මොහොතේ සැබෑ මහා-දේශපාලන-සංදර්භය වූයේ ඉහත ස‍ඳහන් එක් එක් දේශපාලකයින් සවිඥානකව පැවසූ වචනික මහා-සංදර්භයන් පොකුර නොවන බව එවසරේ පැවති දේශපාලනය සහ දේශපාලකයින් දෙස විචක්ශණව බැලූ ඕනෑ ම ජෙනුයින්ව මනුස්සයෙකුට පෙනීගිය ඇත්තකි. මන්ද, ඒ් ගෙවුණ වසරේ ඒ් ගෙවුණ මොහොතේ සැබෑ මහා-දේශපාලන-සංදර්භය වී පැවතුණේ වෙනත් වස්තුමූලික කාල-අවකාශයක වන නිසා ය.

 

මෙලෙස  මේ දේශපාලකයින් කෙරෙන් සවිඥානිකව පවැති සංදර්භ සහ කරුණු කාරණා සියල්ල පිටුපස පැවතියේ ජනතාවට අවිඥානක සරල දේශීය අභියෝගයකි. ඒනම්, දේශපාලකයා තමන්ගේ හෘදසාක්ෂියට ඒකක් කියාගනිමින් ජනතාවට ගෙවෙන මොහොතට හරියන මොකක් හරි අර්ධ-සත්‍යයක් දෙසාබාන හොර තක්කඩි දේශපාලන සංස්කෘතිය අවසන් කරගැනීමට නොහැකි කමේ ප්‍රායෝගික අර්බුදය යි.

 

picture 05

මන්ද, ඒ ගෙවුණ වසරේ මුලදී මහා-සංදර්භය පිළිබඳව දේශපාලකයින් කියූ ඒ් සියළු අරුත් පැහැදිලිව ලෙස ම දේශපාලකයාගේ උපායමාර්ගය කෙන්ද්‍ර කරගෙන සහ ප්‍රාථමික කරගෙන ද, මහ-ජනතාවගේ ජීවන වාද-විෂයන් ද්වීතික කරගෙන සහ පරිවාර කරගෙන ද ඉදිපත් කළ අර්ධ සත්‍යමය මතයන් විය. සත්‍යය යනු ජනතාවට අවිඥානික දෙයකැයි සිතාගෙන අදටත් කවුරුත් ප‍්‍රසිද්ධියේ කතා නොකරන දේවල් ය මේවා.

 

එනම්, ඒ් ගෙවුන මොහොතේ සැබෑ මහා-දේශපාලන-සංදර්භය වූයේ, “ඉදිරි වසරක ජනාධිපතිවරණය හෝ වෙනත් මැතිවරණයක් ජයගැනීමට ලැහැස්ති වීම” යන සිතිවිලි සමුච්චය විසින් නිර්මාණය කෙරෙමින් පැවති සංදර්භයක් පමණක් බව වසරක් ගෙවී අද දවෙස් සැකෙසමින් පවතින දේශපාලන සිතියම දෙස බැලන කලට ‌මොනවට  ‌පෙනී යයි. අදටත් සැබෑ දේශපාලන සංදර්භය මීට වෙනස් එකක් නොවන බවට දන්නෝ දනිති.   

 

එනිසා, දැනට වසර 02ට කලිනුත් සවිඥානිකව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික සංවර්ධනය, දූෂණය පිටුදැකීම ඇතුළු ප‍්‍රගතිශීලී සහ සාධනීය දේශපාලනාර්ථික සංකල්ප නහුතයක් රටපුරා වාචිකව පමණක් භාවිතයේ යෙදුන ද, ඒ් සියළු දේශපාලන පාර්ශවයන්ගේ සාමූහික අවිඥානික මනෝභාවය සහ භාවිතය වූයේ එක ම මස් කැබැල්ල කඩා ගන්නට හතර පස් පැත්තකින් අදින තිරිසන් සතුන් 04-05ස් දෙනෙක අතර පවතින තරමේ ආතතියකට තුඩු දෙන “දිය යටින් ගින්දර ගෙනයාමේ” තත්වයකි.

 

මෙසේ කට්ටිය මොන නෙයියාඩගං නැටුවත්, යථාරූපී සමාජ-විද්‍යාත්මක දෘෂ්ටියකින් චන්දදායකයාගේ ජන-විඥානය වැඩකරන ආකාරය අනුව, මෙකී පාර්ශව 04-05ස් දෙනා අතුරෙන් ඒ් ගෙවුණ මොහොතේ ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන බලවේග 02 බවට පත්වීමේ වරම නියෝජනය කරමින් සිටියේ, රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දරන එජාපය ප‍්‍රමුඛ ඔවුන්ගේ සහයක පාර්ශවකරුවනගෙන් ද සැදෙන සංධානය සහ ජවිපෙ අනුර කුමාර දිසානායක ප‍්‍රමුඛ ජාතික ජනබලවේගය යන නව-මහේක්ෂ-දේශපාලන-බල-කේන්ද්‍රයන් 02 යි.

 

picture 06

 

ඒ නිසා ජනාධිපති පදවිය දිනාගන්න සෑහුනත් නැතත් අදාළ මස් කෑල්ලෙන් ලොකු කුට්ටි දෙක හිමිවන්නේ ජවිපෙ සහ එජාපය කියන බලකේන්ද්‍ර දෙක නියෝජනය කරන දෙපාර්ශවයන්ට බව තේරුම්ගැනීමට එකල  පවා මහා ලොකු දේශපාලන දැනුමක් උවමනා වී තිබුණේ නැත. එයින් සුළු වාර්ෂික කාලයක් ගෙවීගොස් ඇති අද වන විට දී, ඒජාප-ජවිපෙ යනුවෙන් ඒදා තිබූ ඒ් බල-කේන්ද්‍ර දෙකේ අස්ථානයෙන් ඒජාපය ගැලවී පිටතට විසිවී, ජවිපෙ පමණක් තනි කේන්ද්‍රයක් ලෙසින් ඉතිරි වී, ඉතිරි බලවේග විලිසංගේ නැති සංධාන මාවත් වෙතට ඇතුළ් වෙමින් තමන්ගේ නොවන අනෙක් පක්ෂ සංවිධානවලින් කෑලි හිඟා අහුලා කන නොන්ජල්මය තත්වයකට තත්වයකට ඇද වැටී ඇත.

 

මෙය ජවිපෙට වාසිදායක තත්වයක් වුව ද, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ස්ථාවර විපක්ෂයක් අහිමිවීම කියන දේශපාලනික අසමබරතාවයක් නිර්මාණය වන්නට හේතු පාදක වන්නකි. 1977තේ මහචන්දයෙන් තුනෙන් දෙකකින් ජයගත් ජේ.  ආර් ජයවර්ධන, ඒන් ඒම් පෙරේරාට සහ කොල්වින් ආර් ද සිල්වාට පාර්ලිමේන්තු ආසන අහිමි වීම පිළිබඳව තැවුල් සිත් ඇතිකර ගත්තේ ය. මන්ද, තමන්ට ප්‍රතිපක්ෂ මත ඉදිරිපත් කරන දියුණු සිතන්නන් විපක්ෂයේ සිටීම ඒක අතකින් ආණ්ඩුවට හිසරදයක් සේ වගේ පෙනුනට, ඒයින් ආණ්ඩුවේ මතය මුවහත් කර ආන්ඩු  පක්ෂය සහ විපක්ෂය අතර සමතුලිතාවයක් ඇතිකරවන බැවිනි.

 

පසුකාලීනව, ජේ. ආර් ජයවර්ධන ආණ්ඩුවට එළිපිට රෙදිගලවාගෙන ම යම් අකාර අත්තනෝමතික තීන්දු කරා පවා යන්නට සිදුවීමෙට අදාළ අසමතුලිතතාවය පිටුපස අමිත්තලිංගම්ගෙන් ගැලවී අනුර බණ්ඩාරනායක අතට ගොස් තිබූ අසංවිධානාත්මක විපක්ෂය සහ උවමනාවටත් වඩා බලය හිමව තිබුූ ආණ්ඩුපක්ෂය අතර අසමාන නොගැලපීම ප්‍රධාන හේතුවක් වූ බව නොරහසකි.

 

picture 07

 

නමුත් මෙහිදී සැලකිය යුතු වාද-විෂය වන්නේ, එජාපය මේ එජාප-ජවිපෙ කේන්ද්‍රයෙන් පිටතට විසි වී ගියේ කෙසේ ද යන්න යි. මේ සම්බන්ධයෙන් රනිල් පාක්ෂික බොහෝ උදවිය පවසන කාරණාව වන්නේ, රනිල්ට ජනපති වන්නට පාර්ලිමේන්තු චන්දය දුන් රාජපක්ෂලාගේ පක්ෂපාතීත්වය ජනාධිපතිවරණයක් දිනාගැනීම වැනි අරමුණක් වෙනුවෙන් ලබාගැනීම දක්වා රනිල්ට දිනාගත නොහැකි වූ බව යි.

 

නමුත් එය කොහොමත් සිදුවන්නට තිබූ දෙයක් බව දේශපාලන හය හතර පවා දන්නා කාටත් තේරෙන සාධකයකි. ඒ්නිසා එය රනිල්ට නොතේරී තිබෙන්නට කිසිදු හේතුවක් නොපෙන්.

එනමුත් ජනාධිපතිවරණයක් දිනා ගැනීමට නම් ඒජාප නායකයා තමන්ගෙන් අසා ගත යුතුව තිබූ  ප්‍රශ්ණය වූයේ වෙනත් ඒකකි.

එයනම්, ප්‍රධාන ජනාධිපති මැතිවරණ බලකේන්ද්‍ර දෙකෙන් රනිල්ව විසිවන්නට සහ අනුරව ඉතුරුවන්නට ජවිපෙට තිබූ සහ ඒජාපයට නොතිබූ භෞතික දේශපාලන සාධකය කුමක් ද යන්න ය.

එම සාධකය නම් පක්ෂ සංවිධාන යන්ත්‍රය යි.

 

එජාපයට නැති ජවිපෙට ඇති ජයග්‍රහණමය භෞතිකය වන්නේ, පක්ෂ යන්ත්‍රය බව රනිල් නොදැන සිටියා ද? නැතිනම්, ඒජාපය බලපෑම්සහගත පක්ෂයක් ලෙස  ගොඩනැගීමට හැකි සංවිධාකයෙක් රනිල්ට සොයාගත නොහැකි වූවා ද? ඒහෙමත් නැතිනම්, සමගි ජනබලවේගය ඒජාපයෙන් කැඩී ගිය පසුත් ඉතුරුව සිටිය එක  ම කෙනාවූ රවී කරැණානායකට ද කෙලවා දැමීම නිසා රනිල්ට තමන්ට ම කෙලවාගන්නට සිදුවූවා  ද?                                               

(තව කොටසක් ලබන සතියේ )

@ඩඩ්ලි ෂෙල්ටන් ප්‍රේමදාස විසිනි.

නවතම ලිපි