SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා

වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව නිල වශයෙන් නිවේදනය කෙරුණි.

 

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණි. වත්මන් ජනාධිපති බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. හිටපු ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන්නේ, රිපබ්ලිකන් පක්ෂයයි. 

 

බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා යැයි නිල වශයෙන් තහවුරු කෙරුණේ ඔවුන් දෙදෙනාගේ නාම යෝජනා, පක්ෂ සමුළුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.

ප්‍රධාන අපේක්ෂකයන් ලෙස නාම යෝජනා හිමිවීමත් සමඟ, එම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී වාද විවාද පැවැත්වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි.

 

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක තමන් තම ප්‍රතිවාදියා ජෝ බයිඩන් සමඟ විවාදයට තමන් සූදානම් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී බයිඩන්ට පරාජය විය. එහෙයින් ට්‍රම්ප්ට, ජනාධිපති ධුරය සඳහා තවත් එක් ධුර කාලයක් ඉතිරි වී තිබේ. 

 

 (ඒ.එෆ්.පී.)

නවතම ලිපි