SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘ජීවන වෘක්ෂය’ මුරුංගා වලින් ජීවිත රැකගන්නේ කෙසේද?

 

ගෙවෙන්නේ පාස්කු සතිය වේ. ලාංකීකයන්ට පාස්කු කියන විට දැනෙන්නේ බියකි. සන්ත්‍රාසයකි, වේදනාවකි.

ඒ පාස්කු ප්‍රහාරය සිදුවූයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙද්දී නිසා ය.

දේශපාලන බලවතුන්ට එය  බලය සඳහා වන තවත් එක් සෙල්ලමක් විය හැකි වුවත් සාමාන්‍ය ජනයා තවමත් කම්පනයේ ය.

මේ පණිවුඩය පාස්කු ගැන නොවේ ය.

බයිබලයේ නික්මයාම හි සඳහන් 'ජීවන වෘක්ෂය' ගැන ය.

   

7

 

මුරුංගා (Moringa) යනු බයිබල් පොතේ නික්මයාම 15:20-25 හි විස්තර කර ඇති පුරාණ සහ බයිබලීය "ජීවන වෘක්ෂය" වේ.

 

“සෙනඟ මෝසෙස්ට මැසිවිලි නඟමින්, “අපි මොනවා බොන්නද” කියා ඇසූහ. එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට සමිඳාණන් වහන්සේ ඔහුට ගසක් පෙන්වූ සේක. මෝසෙස් ගස වතුරට විසි කළ විට ජලය පානය කිරීමට පිරිසිදු විය.”

 

මෝසෙස් සීනායි කන්දේදී කළාක් මෙන් ජලය පිරිසිදු කිරීම සඳහා එහි බීජ තවමත් ලොව පුරා භාවිතා වේ.

 

Moringa 3

 

විද්‍යාවේ සොයාගැනීම් සහ තහවුරු කිරීම්හි  ප්‍රතිපල වරින්වර වෙනස්වන අගයකින් යුතු වුවත් බයිබලයේ සඳහන් ‘ආශ්චර්යමත් ගසෙහි බලය’ තවමත්  නවීන විද්‍යාව මගින් තහවුරු කර ඇත.

ලංකාවේ මුරුංගා ශාඛය වැඩුනද එහි අගය පිළිබඳව  තවමත් රටවැසියා තුළ අවදානයකට ලක්ව නැත. එනිසා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෑතකදී ගත් පියවරක් පිළිබඳව අපගේ අවදානය යොමු විය.

ඒ පිළිබඳ පුවත් වාර්තාව පහත සටහන් වේ.

 

Moringa Tree of Life 1 800x530 

අප්‍රේල් 18 ජාතික මුරුංගා දිනය ලෙස නම් කෙරේ

 

අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා සඳහා ජාතික දිනයක් නම් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

ඒ අනුව එළැඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු පැල සිටුවීමේ දිනය හා නැකත මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසයි.

 

Moringa news 2

 

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහනක් එදින එම නැකතට ක්‍රියාත්මක කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි කියයි.

 

පසුගියදා දේශීය රාජ්‍ය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී Moringa for life ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී වසන්ත කුලතුංග විසින් මුරුංගා ශාක පත්‍රවල පවත්නා පෝෂණ ගුණය පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියාවේ පර්යේෂණ කළ “ජපානයේ අම්මා හෙවත් මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය සහ දැනට ත්‍රීකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) විසින් රචිත  මුරුංගා ශාකයේ පත්‍රවල අඩංගු පෝෂණ හා ඖෂධිය ගුණය පිළිබඳ කළ පර්යේෂණයට අදාළ ග්‍රන්ථයක් රාජ්‍ය අමාත්‍යවරයාට පිරිනමනු ලැබීය.

 

moringa 4

 

පුවත් උපුටාගැනීම lankanewsnetwork

@සමාරා පරණවිතාන

නවතම ලිපි