SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද මට කෙනෙක් දුරකථනයෙන් අමතා ප්‍රකාශ කලේ ලක්ෂාන් අබේනායක හාර්ට් අටෑක් එකක් නිසා ඇදවැටී කොමා තත්වයේ පසුවන බවත්,

එම සිද්ධිය වන විට ඔහු ව්‍යායාම සඳහා ඇවිදිමින් සිට ඇති බවත්ය.

 

මට එකවරම බකස් ගා හිනා ගියේය. එවිට ඇමතුම ලබාදුන් කෙනා ප්‍රකාශ කොට සිටියේ මම එසේ සිනා සුන ද මුහුණු පොත පුරා මේ වන විට ශෝක ප්‍රශස්ති ගායානා සිදුවෙමින් පවතින බවය (මම දින තුනකින් මුහුණු පොතට පැමිණියේ දැන්ය).

 

ලක්ෂාන් හට ඉක්මන් සුව පතන, ගුණ ගායනා කරන ගුණ යහපත් මිනිසුන් රැසක් මුහුණු පොතේ දැකගත හැකිය. මම නම් ගුණ යහපත් මනුෂ්‍යයෙකු නොවේ. මම අකමැතිම දේ ගුණ යහපත් මනුෂ්‍යයෙකු වීමය. ඒ අතිශය බහුතරය ගුණයහපත් මිනිසුන් බැවිනි. එබැවින් මම හිඟන්නන්, අසරණ මිනිසුන් හට උපකාරකිරීම වැනි දේ නොකරමි. මම එසේ උපකාර කිරීමට අකමැති මම ගුණ යහපත් මනුෂ්‍යයෙකු ලෙස සමාජයට දිස්වීමට අකමැති බැවිනි. යම් අසරණ මිනිසෙකුට උපකාර කිරීමට මට අවශ්‍ය වුව ද එකෙනෙහිම මට මා තුලින්ම එන විරෝධතාවය වන්නේ එසේ කළහොත් සමාජය මා ගුණ යහපත් අයෙකු ලෙස හඳුනා ගනු ඇත යන්නයි. එබැවින් ලක්ශාන්ට සුවවීම හෝ නොවීම මට අදාලම නැත.

 

ලක්ෂාන් සම්බන්ධයෙන් ගුණයහපත් මිනිසුන්ගේ ප්‍රශස්ති රැසක් මුහුණු පොතෙහි දැකගත හැකිය. ඔවුන් සියලු දෙනා ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරයි. ප්‍රාර්ථනා අයත් වන්නේ ආගමික විශ්වාසයන් වෙතය. එනම්, එහි අර්ථය වන්නේ ප්‍රාර්ථනාව ඇසෙන, දකින ලක්ෂාන් සුවපත් කල හැකි, කිසියම් සර්වබලධාරී දෙවියෙකු සිටින බවත්, එම ප්‍රාර්ථනාවන් පිළිගෙන එම සර්ව බලධාරීත්වය ක්‍රියාත්මක වනු ඇතැයි යන අවිවිඥානයයි.

 

"මහා අනෙකාගේ බද්ධ දෘෂ්ටිය" තුලින් නිරූපණය වන්නේ අභ්‍යන්තරික විය හැකි සහ අපගේ හැසිරීමට බලපෑම් කළ හැකි බාහිර පැවැත්මක් මගින් නිරන්තරයෙන් නිරීක්‍ෂණය කර විනිශ්චය කිරීම පිලිබඳ හැඟීමයි.

 

ලක්ෂාන් උග්‍ර විද්යාවාදියෙකි. ඔහු පසුගිය කාලය පුරාවට නූතන විද්‍යාව, එසේ නොමැති නම් බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, ධනවාදය, සහ වෙළඳපොල උපරිමයෙන් විශ්වාස කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. උදාහරණයකට ඔහු වරක් ප්‍රකාශ කලේ කොකාකෝලා යනු පිළිකා කරකයක් නොවන බවත්, එය පිළිකාකාරකයක් නම් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බව දැනුම් දෙන බවත්ය. එනම්, ඔහුට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය යනු සෞඛ්‍යට අදාළ සියලු දේ සම්බන්ධයෙන් අවසාන, නිශ්චිත නිරපේක්ෂ දැනුම ඇති ආයතනයයි. සෞඛ්‍යට අදාළ මහා දේවාලයයි. එම තත්වය ද අයත් වන්නේ ඉහත සඳහන් කල මහා අනෙකාගේ ක්ෂේස්ත්‍රයටම වේ.

 

ලක්ෂාන් යනු "නිවැරදි ලෙසම" (නිවැරදි සෞඛ්‍ය දැනුමට අදාලව) ව්‍යායාම කරන අයෙකි. පසුගිය කාලයේ ඔහු කාය වර්ධන ව්‍යායාම පවා සිදු කොට තිබුණි. ඔහු පුද්ගලික වෛද්‍ය සේවයේ නිරත නොවන බව පෙනේ. එබැවින් එවැනි අනිත් වෛද්‍යවරුන්ට ඇති දැඩි මානසික ආතතියක් ද ඔහුට තිබිය නොහැකි බව සැලකිය හැකි අතර ඔහුට ඔහු කැමති කටයුතු සිදු කිරීම සඳහා කාල වේලාව පවතී. ඔහු ඒ බව නිරන්තරයෙන් මුහුණු පොත තුලින් ඔහු විසින් පෙන්වා සිටී. ඔහුට අනුව කෘෂි රසායන, රසායනික පොහොර වැනි දෑ විද්‍යාත්මකව නිපදවා ඇති අතර ඒවා නිසි පරිදි භාවිතා කරන්නේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැත.

 

එසේ නම් ලක්ෂාන් යනු සියලු දේ විද්‍යාත්මකව සිදුකරන්නෙකු වී තිබියදී ඔහු මෙවන් තත්වයකට පත්වූයේ ඇයි?

 

ලක්ෂාන් නියෝජනය කරන දෘෂ්ටිවාදයට අනුව ඒකායන පිළිතුර විය යුත්තේ ඕනෑම අයෙකුට ඕනෑම අවස්තාවක එවැනි හර්දයාබදයක් වැළඳිය හැකි බවත්, ඊට ප්‍රතිකාර ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවේ බවත්, ඒ අනුව එවැනි තත්වයට පත්වන මනුෂ්‍යකුට ජීවිතය බේරාගත හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාව තුලින් පමණක් බවත්ය.

 

නමුත් තවමත් මිනිස් ක්‍රියාකාරකම් වල බලපෑම එතරම් නොමැති ඇමේසන් වනය වැනි ප්‍රදේශ වල සතුන් හට හර්ද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා වැනි රෝග තත්වයන් නොමැති බව වාර්තා වේ. නමුත් මිනිස් බලපෑම් වැඩි වශයෙන් ඇති ප්‍රදේශ වල සතුන් විවිධ රෝගාබාද වලට ලක්වෙමින් තිබේ.

 

ලක්ෂාන් අබේනායක ගැන මෙතරම් ප්‍රශස්ති ගායන සිදුවන්නේ ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු ද වී මුහුණු පොතෙහි මිඩංගු වන චරිතයක් බැවිනි.

 

@Madawa Ruwanpatirana fb

නවතම ලිපි