SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප මීට පෙර කියූ දේශපාලන නාටකය දැන් ඇරඹී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පත් කර ඇත.

 

ලන්සා ඇතුළු පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින් විසින් ඇටවූ සන්දානය බැසිල්ගේම නිර්මාණයක් බව අප කියූවේ මීට කලකට පෙර ය.

ඒ ලියා ඇති පිටපතෙහි හැටියට ය.

 

බැසිල්ගේ දකුණු  අත ලෙස කටයුතු කළ සිරිපාල අමරසිංහ සන්දානයේ මුල් පෙළ ක්‍රියාකාරිකයෙකු වන විට ප්‍රසන්න රණතුංග වැනි බැසිල්වාදී සමීපතමයන් ඒ හා එක්වද්දී එය තේරුම් යා යුතු ය.

 

මේ සියල්ලේ අරමුණ තවත් වරක් රනිල් වික්‍රමසිංහ වෙත ජනපති ධූරය ලබා දී 2027දී නාමල් කුමාරයාගේ රාජාභිෂේකයේ සිහිනය ය. මහින්ද ගේ සහ ශිරන්තිගේ පැතුම රාජපක්ෂ පවුලේ පැතුම වන්නේ එලෙසිනි. ඒ සඳහා විපක්ෂ නායක ලෙස නාමල් රාජපක්ෂ පුහුණු විය යුතු ය. 2024 ඡන්දය කැඳවීමේ සීනුව නාද කරන්නේ නාමල් විසිනි. ඒ මේ අප්‍රේල් අවුරුද්ද ගතවද්දී ය.

 

ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් වෙබ් අඩවි විසින්  මෙම රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගත් බවත් ජනාධිපති රනිල් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දෝෂාරෝපන එල්ල වූ බවත් වැනි පුවත් මේ වනවිට පලකරමින් ඇත.

 

එහෙත් මේ සියල්ල සැළසුම් සහගත වැඩපිළිවෙලක් වන අතර බැසිල් රාජපක්ෂ හෝ රාජපක්ෂ වරුන් අතර අර්බූධයක් නැති අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ගිවිසගෙන ඇති පරිදි රාජපක්ෂවරුන්  වෙනුවෙන් කළයුතු වැඩ කොටස සිදු කරන්නේ ය.

 

මේ වනවිට දේශපාලන රැල්ල සමගි ජන බලවේගයට වඩාත් වාසිදායක වී ඇත්තේ ජාතික ජන බලවේගයට තිබූ රැල්ල යම් තරමකට පහත හෙලමිනි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙන්ම බැසිල් රාජපක්ෂගේ ද අරමුණ වී ඇත්තේ මහා මැතිවරණයක් නිවේදනය කරන්නට පෙර සමගි ජන බලවේගය සමග සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණීම වුවද සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ටයින්ගේ ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ දේශපාලන නාටකයේ නාඩගම්කරුවන් සිතන්නේ තවමත් ප්‍රේක්ෂකයින් ගොනාට ඇඳ බව ය.

එහෙත් ප්‍රේෂකයින් ඇඳ තිබෙන්නේ වෙළඳපොල තර්කනයට ය.

එහෙයින් නාඩගම්කරුවන් ගොනාට අන්ඳා හෝ ඔවුන් සිහින කරා යන්නට වෙහෙසෙති.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි