ව්‍යාපාරිකයෙක් හැටියට ඔබ බදු ගෙවල ඇති අව්රුදු 40කටත් වැඩි කාලයක්..
බදු දකින්නේ කොහොමද ඔබ?
ඔිනම රටකට රටේ නඩත්තුවට රජයට ආදායමක් අවශ්‍යයි.
ඒක වලක්වන්න බැහැ. රජකාලෙත් බදු ගෙවල තියෙනවා. ඒ කාලෙ ගොවිතැන් කලොත් අස්වැන්නෙන් රජයට බදු ගෙවන්න ඔින.
ව්‍යාපාරිකයො හැටියට අපි උත්සාහ කරනව බදු අවම කරන්න. බදු ගෙවන්න පුළුවන් ලාභයක් තිබුනොත්නේ. ලාභයක් නැත්නම් බදු ගෙවන්න බැහැ.
හැබැයි VAT, SSL කියල බදු දෙවර්ගයක් තියෙනව. ඔය දෙක ගෙවන්නෙ ලාභ පාඩු මත නෙවෙයි.
ඒක ගෙවන්නෙ භාණ්ඩ මත. ඒක වක්‍ර බද්දක්. වක්‍ර බද්දට ආවම ප්‍රශ්නෙ වෙන්නෙ කොච්චර දුරට පාරිභෝගිකයට මේ බද්ද දරාගන්න පුළුවන් ද කියන එක.
අපි ව්‍යාපාරිකයො විදිහට කරන්නෙ අපි වක්‍ර බද්ද ගන්නව පාරිභෝගිකයගෙන්. අරගෙන අපි වියදම් කරපු වක්‍ර බද්ද මාසෙ අන්තිමට ගණන් හදනව. උදාහරණයකට අපි වක්‍ර බදු රුපියල් පනස්දාහක් වියදම් කරල තියෙනව, පාරිභෝගිකයගෙන් වක්‍ර බදු අපි රුපියල් ලක්ෂයක් අරගෙන තියෙනව. දැන් එතකොට අපි කරන්නෙ ලක්ෂෙන් පනස්දාහ අඩු කරල ඉතිරි පනස්දාහ දෙනව ආණ්ඩුවට.
ඒ වගේම තමයි ව්‍යාපාරිකයෙකුට රජයෙන් වක්‍ර බදු සීමාවක් දීල තියෙනව.
ව්‍යාපාරයකින් බැංකුවට මාසෙකට වැටෙන මුදල රුපියල් මිලියන 60කට වැඩි නම් VAT කියන බද්දට ඒ ව්‍යාපාරය යටත් වෙනව.
එතකොට ඒ ආයතනය VAT එකතු කරල ආණ්ඩුවට දෙන්න ඔින.
හැබැයි ඔිකෙ අන්තිම කෙලවරේ ඉන්නෙ පාරිභෝගිකයා.
එයාට ඒක අන්තිම විදිහට බලපානව.
එතකොට දැන් පාරිභෝගිකයාගෙ මිළදී ගැනීම් අඩුවෙනකොට ව්‍යාපාරිකයට ඒක බලපානව.
මිනිස්සුන්ට බඩුගන්න සල්ලි නැතිවෙනව.
වැඩිවෙන වැට් බද්ද ගෙවන්නේ කවුද?
බදු ගෙවන්න උපදෙස් දෙන අය බදු ගෙවන අය ද?
සම්පූර්ණ කතාබහට මෙතනින් එකතුවෙන්න...