SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට වෙළෙඳපළේ පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙන ආහාර වර්ගවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක්

ආහාරයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සාමාජික මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක පවසයි.

 

අප දිනපතා ආහාරයට ගන්නා සහල්, තුනපහ, ලුණු, තෙල්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහුතරයකට වෙළෙඳුන් විසින් රසායන ද්‍රව්‍ය එක් කර බාල කර අලෙවි කිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව ඔහු කියයි.

 

වෙළෙඳපළේ අලෙවි කරන බටර් කේක් ඇතුළු කේක් වර්ග ගණනාවක බටර් තබා බිත්තරවත් අඩංගු වී නොමැති බව පරීක්ෂණවලදි හෙළි වූ බවත් එම කේක් වර්ගවල බටර් හා බිත්තර රස දැනවීමට රසකාරක වර්ග එකතු කර තිබූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක පවසයි.

 

“මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුතු අංශ අතර වහා පුළුල් සංවාදයක් ඇති විය යුතුයි. එසේ නොවුණොත් තවත් වසර 5-6 අතර කාලයකට පසු රටේ සිදුවන බෝනොවන රෝග මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි” යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

@Divaina

නවතම ලිපි