SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශබන්ධු හා ටිරාන් විසින් කුමක්දෝ බලයක් අභ්‍යාස කරමින් තෘප්ත වන ක්‍රීඩාවක යෙදී සිටියි.

එම ක්‍රීඩාව යුක්තිය නම් මෙහෙයුමයි. මේ මෙහෙයුමේ අභිප්‍රාය නම් කුඩු ඇල්ලීම, පාතාලය අවසන් කිරීම වැනි කරුණු වුණත් සිදුවන මරණ ගණන අනුව මෙය වෙනත් වැඩක් බව පැහැදිලිය.

 

වරක් පොලීසිය නිරායුධ මිනිසකු මරා දැමුවේ ලොරියක් පදවමින් සිටියදීය. එය දැන් වන්දි ගෙවා බේරාගත් සිවිල් නඩුවක් වැනිය. අපරාධය වසා දමා තිබේ. එහෙත් එම මිනීමැරුම අත්හදා බැලීමක් විය හැකිය. ඒ කුමක් උදෙසාද? ජනතා නැගිටීම් ඇතිවේද යන්න පරික්ෂා කිරීමට විය හැකිය. එම මරණයේදී ජනතාව නැගිටියේ නැත. දැන් වෙනත් සිද්ධියකි.

 

ඊලඟට අනුරාධපුර වැලාව ගම්මානයේ තරුණයකුට කල පහර දීමෙන් තරුණයාගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට සිදු වීමය.එයද කුඩා ලොරි යක් සම්බන්ධ සිද්ධියකි.පොලීසිය නැමති නිල ආයුධ සන්නද්ධ පිරිස ට මෙවැනි දෙයක් කිරීමට බලය දුන්නේ කවරහුද? ඇමති ටිරාන් හා පොලිස්පති දේශබන්ධු ය. අප විශ්වාශ කරන්නේ මේ රටේ ආණ්ඩුවක් ඇති බවය. ජනතා නියෝජිතයන් ජනතා මුදලින් වැටුප් ලබන බවය. එසේ නම් මේ මහජන පීඩනය වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින්නේ මන්ද? අරගලයට ජනතාවගෙන් වාඩුව ගැනීමේ මෙහෙයුමක් දියත් වන බව පෙනේ. ජනතාව සියුම්ව බලය යොදා පිඩනයට පත් කර පලි ගැනීමක් පොලීසිය හරහා දියත් කරන බව පෙනේ. මේ ගමන මෙලෙස විශාල දුරක් නම් නොයන බව පැහැදිලිය.

 

අවම වශයෙන් ජනාධිපතිවරයා මේ ජන පීඩනය ගැන ජනතාවට සිය කණගාටුව ප්‍රකාශ කල යුතුය. සජිත් ,අනුර මේ ජන පීඩනය නොදන්නා සේ මැතිවරණ වේදිකාවල රඟති. ඔබලා සියළු දෙනාම ජනතාව බලා ගැනීමට ජනතාව බලය දුන් පුද්ගලයන් ය. කිසිවකුගෙන් ජනතාවට සාධාරණයක් වන්නේ නැත. ජනතාව ආර්ථිකව අසරණය. තරුණ දරුවන් රට හැර යති. මේ තරුණයාද රට හැර කොරියානු රැකියාවක් වෙත යන්නට සුදානමින් සිට ඇත. ඔහුගේ පියා පොලිස් සැරයන් වරයෙකි. පොලීසිය ඇතුලේ අතීත හෝ කාලාන්තරයක් තිස්සේ පැවැති කෝන්තරයක් දරුවාගේ පිටින් යැවීමක් ද විය හැකිය. කෙසේ නමුත් දුෂ්කර ගම්මානවල ඉන්නා තරුණයන් ගේ වෘෂණ කෝෂ වලට පවා අත තැබීම ශ්‍රී ලංකා පොලිසිය පෙලෙන ලිංගික ඊර්ෂ්‍යාව පෙන්වීමකි. සිධ්ධාලේප ආලේප කරමින් ලිංගික ඊර්ෂ්‍යාව වින්ද පොලිස් පතිට අධිකරණ තීන්දුවක්ද ඇත. එවන් පුද්ගලයකු පොලිස් පති කරපු ආණ්ඩුව හා ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්වන්නේ කවදාද යන ප්‍රශ්නය දියුණු රටක නම් අසන්නට වත් ඉතිරි වන්නේ නැත.

 

පොලීසිය මේ අවුස්සා දමන්නේ දේශපාලන ඇවිලීමක් යයි සිතිය හැකිය. නොසන්සුන් තා මගින් ගැටුම් බිහි කර රට ඇවිලීමට පොලීසිය ට කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බව මෙවැනි සිද්ධි වලින් පැහැදිලි වේ. අප රටේ නායකයාගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි දේ වැලක්වීමට වහාම පියවර ගන්නා ලෙසයි. ජනතාව මර් දනයෙන් නම් බලය ලබා ගැනීමට කිසිවකුට ඉඩ නොලැබෙන බව නම් ඉඳුරාම කිව යුතුය. ජනතාව මෙවර නැගිටින්නේ වෙනස් ආකාරයකින් ය. මේ ජනතාවගේ වාරය වන අතර ..එය වහ වහා උදාවනු ඇත.

 

@ සුභාෂිනී විෆ්ලර්

විධායක අධ්‍යක්ෂිකා,

ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය.

ජර්මනිය.

නවතම ලිපි