SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප මිත‍්‍ර රොහාන් පෙරේරාගේ හදිසි මරණය කම්පණීය මොහොතක්.

පසුගිය වසර පුරාම මගේ හොඳම මිතුරන් රාශියක් සමු ගත්තා. ඒ අතින් පුදුමයක් නොවෙයි මේ මරණය.

 

පළමුව කියන්න ඕනෙ - දීප්ති ගැන මටත් තියෙනව විවේචනයක්. ඒත් යම් වැරදි ප‍්‍රකාශයක් නිවැරදි කරන්න ඒක බාධාවක් නෙමෙයි.

රොහාන් ගැන ලියන අය මෙවැනි වැරදි මතයක් සමාජගත කරමින් ඉන්නව.

 

‘‘එක්ස් කණ්ඩායමේ න්‍යායචාර්යවරයා තමයි රොහාන්. දීප්ති කියන්නෙ එහි නායකත්ව ප‍්‍රකාශණය’’

 

මේක පට්ටපල් බොරුවක්.

88 දි විතර මුණ ගැහැණු රොහාන්ගෙන් - නව චින්තකයින් ගැන දැනගත් බව දීප්තිම කියල තියෙනව අනන්තවත්.

එතනින් එහාට එක්ස් එකට රොහාන්ගෙ සම්බන්ධයක් නැහැ. රොහාන් හිටියෙ එක්ස් එකට සහ දීප්තිට විරුද්ධවයි. දීප්ති ලඟ තියෙන්නෙ තමා මහන්සියෙන් ගොඩ නගා ගත්ත දේවල්. අතීතයෙදි එයාට රොහාන්ගෙ යම් බලපෑමක් තියෙන්න ඇති.

 

දෙන්න අතර ලොකු ගෝරියක් තිබුණ දේශපාලනිකව. ඒකෙ කූඨාප‍්‍රාප්තිය උනෙ - දීප්ති විසින් ප‍්‍රසිද්ධියෙ රොහාන් වෙත මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කිරීම. ඒකෙන් රොහාන්ට බරපතල ලෙස හානි උනා.

මේ ලඟදි දෙන්න පොඩඩ්ක් හමු වුණා. ඒත් අර ගෝරිය තාමත් එහෙමමයි.

 

දීප්ති සහ රොහාන් යන දෙන්නම ලඟින් ඇසුරු කරපු කෙනෙක් හැටියට තමයි මම මේ දේවල් කියන්නෙ. අපි දන්නව සිද්ද වෙච්ච දේවල්.

රොහාන් කොහොමත් මාත් එක්ක අමනාපෙන් හිටියෙ. දීප්තිගෙ පැත්ත නිතර ගන්නව කියල.

රොහාන් ‘ස්ත්‍රිය’ ගැන ලියපු දේවල් ගැන අද මහ ලොකුවට කතා වෙනව.

ඒත් ඇත්තටම රොහාන්ට උනෙ වැරදීමක්. එයා ‘ස්ත්‍රිය’ අධිතක්සේරු කළා.

 

‘ස්ත්‍රිය’ කියන්නෙ කවදාවත් තේරුම් ගන්න බැරි මහ සාගරයක්. ඒත් රොහාන් තඩි ලිපි ලිව්වෙ තමන්ට ඇය තේරුම් ගියා කියන අර්ථයෙන්. පිරිමියෙකුට ඇත්තටම පුලූවන්ද ඇය හරියටම තේරුම් ගන්න?

රොහාන්ට සිය පුද්ගලික ජීවිතයෙදි - එයාට ගැහැණු කරපු දේවල් වලින් වත් - වටහා ගත්තද දන්නෙ නැහැ - ‘ස්ත්‍රිය’ කියන්නෙ තේරුම් ගන්න බැරි ප‍්‍රපංචයක් බව.

 

රොහාන් - අතීත මිතුදම වෙනුවෙන් විප්ලවීය ආචාරය !!!

 

@Sirimal Wijesinghe fb

නවතම ලිපි