SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොහාන් පෙරේරා මුසොල්මානුවෙකු බැවින් ඔහුගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුලත සිදුවනු ඇති බව

ඔහු මිය ගිය ආරංචිය කණ වැකුණ සැනින් ලිපියක් පල කරමින් කියා සිටියේ දීප්ති කුමාර විසිනි. එයම ප්‍රදිනන්දිස්ගේ "ද ලීඩර්" වෙබ් අඩවියේද පලකොට තිබුණි.

 

නමුත් මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව රොහාන් පෙරේරා උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහුගේ මව මාතර හිත්තැටිය ප්‍රදේශයේ සීලවතී හේවාවිතාරණ නැමැත්තියක බවත්, පියා කොළඹ ප්‍රදේශයේ අයෙකු බවත් අනාවරණය වී ඇත. රොහාන් ඉපදෙන විට පියා විදේශ රටක සේවය කරමින් සිට ඇති අතර සීලවතී පදිංචිව සිට ඇත්තේ පසුව රොහාන් ඇති දැඩි වූ මුසොල්මානු පවුල වාසය කල නිවස ආසන්නයේ නිවසකය.

 

 

රොහාන් ඉපදී දින සතකින් සීලවතී මියගොස් ඇති අතර ඇයගේ ඥාතීන් සමග ඇය කිසිඳු සම්බන්ධයක් තිබී නොමැත්තේ එය පවුලේ අකමැත්ත මත සිදු වූ විවාහයක් බැවිනි. ඒ අනුව රොහාන් හදා වඩා ගැනීමට ඉදිරිපත් වන්නේ අසල නිවසේ පදිංචි මුසොල්මානු කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයායි. රොහාන් පෙරේරා මොහොමඩ් පස්ලි නිසාර් බවට බෞතීස්ම වන්නේ එතැන් සිටය. ඔහුගේ උප්පැන්නයේ ඇත්තේ ද එම නමයි.

 

රොහාන් අරන් හදා ගන්නා විට එම පවුලේ රොහාන්ට වඩා වසර කිහිපයකින් වැඩිමල් පිරිමි ළමයෙකු සිට ඇත. පසු කලක රොහාන් හට දිගින් දිගටම පහර දෙනු ලබන්නේ ඔහුගේ අයියා වන ඔහු විසිනි. රොහාන් වූෂු සටන් කලාව හැදෑරීම සඳහා සහභාගී වන්නේ ඉන් බේරීම සඳහා අයියා මෙල්ල කල හැකි තත්වය අත්කොට ගැනීම සඳහාය (මීට වසර 6කට පමණ පෙර එම අයියා ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු පුද්ගලික බැංකුවක ඉහළතම නිලධාරියෙකු ලෙස සේවය කොට ඇත. එසේම රොහාන්ට බාල නැගණියන් දෙදෙනා ද මේ වන විට මියගොසිනි). පසුව රොහාන්ගේ මුස්ලිම් මව වෙනත් විවාහයක් කරගත් බව වාර්තා වන අතර එම බාප්පා විසින් රොහාන් හට දැඩි ලෙස වෙනස්කම් සිදු කොට තිබේ.

 

එම තත්වය තුල වයස 17 ලබනා විට ඔහු නිවස හැර යයි. තම හදාවඩාගත් මව සමග ඉතා ආදරණීය ලෙස සබඳතා පැවැත්වුව ද, අයියා සමග ද විටින් විට සබඳතා පැවැත්වුව ද ඔහු නැවත නිවස වෙත නොගියේය. පස්ලි නැවත රොහාන් පෙරේරා බවට පත්වීමට (මනොවිශ්ලේෂනාත්මක හේතු කාරනා) සහ පරමාදර්ශයක් ගුරු කොට නොගත් සදාතනික අරගල කරුවෙකු බවට පත්වීමට ඉහත හේතු කාරනා අනීවාර්ය ලෙසම බලපා ඇත.

 

 

දීප්තිගෙන් පසුව රොහාන් මුසොල්මානුවෙකු වීමේ ප්‍රශ්නය මතු වූයේ නලින් ද සිල්වා සහ ඔහුගේ ගෝලයින් වෙතිනි. අනෙක් දෙදෙනා වන්නේ  මාතලන් සහ මහින්ද පතිරණයි. ඉන් පසුව ෂබීර් මොහොමඩ් නැමැත්තෙකු සහ රොහාන්ගේ මළසිරුර වාලච්චිනේ සිට ගෙන ඒමට වෙහස වූ මුසොල්මානුවන් දෙදෙනාටය. මෙම හෙළිදරව්ව ඔවුන් තිදෙනාට එතරම් අදාළ නැතත් සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට ඍජුවම අදාළ වන්නේ රොහාන්ගේ මව වන සීලවතී හේවාවිතාරණ යනු සිංහල ජාතියේ පියා වන දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාලගේ පරම්පරාවේ අයෙකු වීම නිසාය.

 

මේ සත්‍ය හෙළිවීමත් සමග දීප්ති, රුවන්, නලින් සහ ඔහුගේ ගෝල පිරිස, මාතලන්, මහින්ද පතිරණ කුමක් කරාවිදැයි බලමු!!!

 

@එස්.අබේවික්‍රම