SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද මංගලගේ 68 වෙනි උපන්දිනය.

68 වෙනි උපන් දිනය වෙද්දි මංගල තම දිවිගමන නිමාකර වසර දෙකක් ඉකුත්වෙලා.

 

අද බොහෝ දෙනා ජීවත්ව සිටි මංගල ගැන මංගලගේ දේශපාලනය ගැන කතා කියනවා.

එහෙත්, ජීවත්ව සිටියදීත් මංගල පාවිච්චි වූ බව, ජීවිතයට සමුදුන් පසුත් ඔහු පාවිච්චි වෙමින් තිබෙන බව කිසිවෙකුත් නොකියාවි.

 

WhatsApp Image 2024 04 19 at 14.47.33

 

මංගල කියන්නට, කරන්නට ගිය දෑ.. තම තම නැණ පමණින් අල්ලාගෙන තමන්ගේ හැලියට දාගනිමින් තම ව්‍යාපෘතියට පාවිච්චි කරන්නන් කියන දෑ වලින් මංගල පැතූ කිසිවක් සිදු නොවන බව පැහැදිලි ය.

 

එසේ වන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්ව රට පාලනය කරන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ හැරුනු විට අර්බූධයට විසඳුම් දිය හැකි යැයි පෙනෙන නායකත්වයක් නොලැබෙන්නේ ද නැත.

විකල්ප නායකයින් අසීරු මොහොතක ලැබෙන වගකීමෙන් පැන යන්නේ ද නැත.

තරුණ ප්‍රජාව අවසානයේ තම කුඩා කුඩා උවමනාවන් වෙනුවෙන් දේශපාලනය පාවා දෙන්නේද නැත.

 

වසර තිස්ගානක් මේ රටේ දේශපාලනයේ ප්‍රධාන භූමිකාවන් නියෝජනය කළ මංගල දේශපාලනයෙන් ඉවත්ව එළියට පැමිණ කිව්වේ,

“කරුණාකරල දැන්වත් මේ බොරුව අපි නවත්වමු” කියලයි.

 

ඒත් ඔහුගේ ‌හිතවතුන් ඒ බොරුව වෙනුවෙන් මංගලව තවමත් පාවිච්චි කරනවා.

ඉපදීම සැමරීමට වඩා ගැලවීම සැමරීමයි වැදගත් මංගල.

 

Good bye Mangala!