SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුර සහ සජිත් අතර විවාදයට කලින් ආර්ථික කමිටු දෙක අතර විවාදය කල යුතුයි කියල සජිත් කියල.

අර දෙන්නගේ විවාදේ කෙසේ වෙතත් ආර්ථික කමිටු දෙක විවාදයට අවොත් විවාදය මතුවෙන්නේ එකම ආර්ථික මොඩලය තුල තාක්ෂණික කාරනා වල වෙනස සහ කළමනාකරණයේ වෙනස සම්බන්ධයෙන් විතරයි (එවැනි විවාදයකින් යමක් ඇඟවෙන්නේ නැහැ).

 

විවා දය 2

 

ඒ නිසා තීරණාත්මක ලෙස සජබ ආර්ථික කමිටුවේ හර්ෂ සහ ඉරාන් පරාජය කිරීමේ හැකියාවක් මාලිමාවට නැහැ. මාලිමාවට කිව හැකි එකම දේ ඔය මොන ආර්ථික ප්‍රතිපත්තිය තිබුනත් හොරා කෑම නතර කිරීමට සජබට නොහැකි බව පමණයි.

 

එබැවින් ආර්ථික කමිටු දෙක අතර විවාදය පැවැත්වුවහොත් මාලිමා පාර්ශවය මන්තරයක් මෙන් ජප කල යුතුව ඇත්තේ සජබේ සිටිනුයේ හොරුන් බවත්, ඔවුන් පරණ UNP හොරුම බවත්, UNPයට වසර 30ක් තිස්සේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වීමේ අහේනියකින් සජබ අපේක්ෂකයින් පෙලෙන බවත්, බලය ලබා ගත් සැනින් හොරකම, වංචාව, දූෂණය ආරම්භ වන බවත් පමණකි.

 

හොරු මන්තරය ජප කරලා කොහොම හරි බලය ගන්න පුළුවන් උනොත් ඇතිවෙන තත්වය තමයි මරු...

මම නම් ඒ තත්වයට කැමතියි.

ගෙස්ටපෝ එකක අනීවාර්ය අවශ්‍යතාවය එනවා.

 

@Madawa Ruwanpatirana