SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටට අලුත් සමාජ සිතීමක් අවශ්‍ය බවත්, මේ වනවිට රට පිළිබඳ ස්වදේශිකත්ව අදහස අභියෝගයට ලක්ව ඇති බවත්

එම ගැටලුවට පිළිතුරක් ලෙස මේ ජනරජයට අලුත් ජනරජවාදයක් අවශ්‍ය බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන අංශයේ සභාපති කරූ පරණවිතාන පවසයි.

 

ඔහු මේ පිළිබඳ අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමිනි.

 

“දේශපාලන විද්‍යාවට අනුව බැලුවම දේශපාලන සිතීම කියන්නේ, කිසියම් සමාජයක් පවතින ආකාරය හෝ පැවතිය යුතු ආකාරය පිළිබඳ ආචාරධාර්මික තලයේ, විද්‍යාත්මක තලයේ, සංස්කෘතික තලයේ ඉදිරිපත් කරන අදහස් පද්ධතියකටයි.

අපට රාජ්‍යයන් මෙහෙමයි කියල ලේබල් කරන්න පුලුවන් උනාට, ඇමරිකාව ගත්තොත් අපිට කියන්න පුලුවන් ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල් ධනවාදය පදනම් කරගත්ත රටක් කියල. ඒ උනාට ඒගොල්ලො ඇමරිකානුවො හැටියට කල්පනා කරනවා.

අනික් පැත්තෙන් බැලුවොත් තිබිච්ච සෝවියට් රුසියාව සමාජවාදය මත පදනම් කරගත්, පොදු දේපළ ක්‍රමය පදනම් කරගෙන ගියාට ඒක කල්පනා කරන්නෙ සෝවියට් රුසියාව හැටියටයි. චීනයත් එහෙමයි. මාඔි සේතුං චීන සමාජවාදී ජනරජය හැදුවට ඒ අය චීන්නු හැටියට කල්පනා කළා. ඉන්දියාවත් එහෙමයි.

එතකොට ලිබරල්වාදය කල්පනා කළේ මුළු ලෝකයම ලිබරල් ක්‍රමයකට ගෙනිගිහින් එක යායක් හදාගන්න. ලිබරල් ලෝකයක් හදන්න.1999 මේ සියවස මාරුවෙනකොට ගෝලීයකරණය වගේ ඒවත් එක්ක ඒක ගැන ලොකුවට කතාකළා. සමාජවාදී ලෝකය කල්පනා කළෙත් එහෙමයි. ලෝකයම එකම කොමියුනිස්ට් ක්‍රමයකට යයි කියල.

 

ඒත් මේ ජාත්‍යන්තරවාද කතාකලාට, හැම රටකම ජාතික රාජ්‍යය තවමත් නැතිවෙලා නැහැ. පරණ මාදිලිය නැති උනාට, ගෝලීයකරණ ප්‍රවනතාවය එක්ක එකතු වෙලා තිබුණට හැම රටක්ම තමංගේ රාජ්‍යය මූලික කරගෙන කල්පනා කරනවා. ඒක අපිට බැහැර කරන්න බැහැ. ස්වදේශිකත්වය කියන එක ලොකු කාරණාවක්.

 

ජාතිකත්වය කියන එක ව්‍යාකූලත්වයට පත්වෙලා තියෙන නිසා මම කියන්න කැමතියි ලිබරල් මාවතේ ගිහින් ප්‍රශ්න ඇතිකර ගත්තා වගේම, සමාජවාදී මාවතේ ගිහින් ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවා වගේම, ජාතිකත්ව මාවතේ ගිහිල්ලත් ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවා.

මේ සියවස මාරුවෙද්දි මේ මතවාද සියල්ල බිඳ වැටී තියෙනව. පශ්චාත් නූතන අදහස්  කියන්නෙ ඒවාට.

 

මේ හැම එකක්ම ෆික්ස් නැහැ. ඒ කියන්නෙ ලිබරල්වාදය - ලිබරල්වාදයේ සීමාව ලෝකය හඳුනගෙන තියෙනවා. බොල්ෂෙවික් සමාජවාදයේ සීමාව අවබෝධ කරගෙන තියෙනවා. ජාතිකත්වයේ සීමාවන් ලෝකෙ අවබෝධ කරගෙන තියෙනවා.

ඒ හින්ඳ මේ සමාජ සිතීම අද අලුත් කරන්න වෙලා තියෙනවා.

 

දැන් ලංකාව විශාල ආර්ථික අගාධයකට වැටිල තියෙනව. ඒකෙන් ගොඩඑන්නට අවශ්‍යයි. ඒ වගේම ලංකාවේ තිබුණු දේශපාලන පරිපාලන තන්ත්‍රය පිළිබඳ විශාල මහජන කෝපයක්, වෛරයක් ඇවිල්ල තියෙනවා.

ඒවගේම මිනිස්සුන්ට තමංගෙ රටට මොකද වෙන්නෙ? රට නැති වෙයිද? රට වැඩක් නැද්ද වගේ රට පිළිබඳව, ස්වදේශිකත්ව අදහස අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඔිව තමයි දැන් තියෙන ප්‍රශ්න.

ඉතිං පක්ෂයක් හැටියට අපි යෝජනා කරනවා මේ ජනරජයට අලුත් ජනරජවාදයක් අවශ්‍යයි කියල.”

 

කරූ පරණවිතාන දැක්වූ සම්පූර්ණ  අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න.

 

 

නවතම ලිපි