SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් ජනාධිපතිවරණයට එන්නේ ටිරාන්ගේ පක්ෂයෙන්ද? යනුවෙන් ලිපියක්

පසුගිය දිනක ‘ද ලීඩර්’ වෙබ් ලිපියක් පල කර තිබුණි.

 

ටිරාන් අලස් යනු දේශපාලන පක්ෂ ලියාපදිංචි කර කල් වේලා බලා කොලය අදින්නට සමතෙක්ය.

කලක් ලියාපදිංචිව තිබූ පක්ෂ යළිත් දූහුවිලි ගසා දමා සව් කරදාසි අලවා කල එළියට හැඩකර වෙලාවට එළියට දමන්නේ ය.

 

මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ 'ජාතික' අපේක්ෂකයෙකු ලෙස, තමා නායකත්වය දරන පක්ෂය වන එජාපයෙන් පිට සිට තරඟ වදින්නට සූදානම් වන්නේ ඔහුගේ පක්ෂය ඡන්දයක් දිනන්නට තබා තවමත් ප්‍රති සංවිධානය කිරීමක්වත් නොකර දුහුවිලි පිරී පෙට්ටගම අස්සේ හිරව ඇති තත්වයක් තුළ ය.

 

රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපති වූවාට පොහොට්ටුවට ජයගන්නට තරමේ  කිසිදු ජනතා මතයක් නොමැති බව ඔහු හොඳින් දන්නා කරුණක් වන බැවින් ලියාපදිංචි පක්ෂයක අවශ්‍යතාව මතුව ඇති බව සත්‍යයකි.

මේ නිසාම පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දෙන එක්සත් මහජන පක්ෂය දිස්ත්‍රික් සමුළු පවත්වමින් පක්ෂය හැඩ වැඩ කරනු පෙනේ.

 

ටිරාන්ට සහ ඔහුගේ මිත්‍ර සමාගමට අවශ්‍ය වන්නේත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ටිරාන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු බැලීමය. නොහොත් පක්ෂ අඩස්සිය හරහා තම කුණු කන්දල් බේරේ වැවට හැලීමටය. නැතහොත් යුක්තියට මානුෂීය වටිනාකමක් දීමටය.

 

ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් වූ අරගලයේ එක් පාර්ශ්වයක නායකයෙක් පසුගියදා ඉඟියක් ලබා දෙමින් කියා සිටියේ, ඉදිරි ජනාදිපතිවරණයේ දී ජයගන්නා අපේක්ෂකයාගේ සලකුණ ඇමති ටිරාන් අලස්ගේ පක්ෂයක සලකුණ විය හැකි බවය. හොරාට කලින් කෙහෙල් කැණ වැට පනින්නට බලා සිටින්නේ එලෙසින් ය.

ඔහු කියන්නේ මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂවල කෙරුවාවන් අවසන් බවය.

 

කෙසේ වුවද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජයග්‍රහණයක් වෙනුවෙන් තරඟ වදිනවා නම්, පෙර සුපුරුදු හංසයා පවා කරදරයක් වේ නම්, තමා අඩස්සියට පත්විය හැකි පක්ෂ වලට කොටු නොවී ස්වාධීන පොදු අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම වඩාත් සිදුසු බව විචාරකයින්ගේ අදහස ය.

 

නැතහොත් පක්ෂ අයිතිකරුවන්ගේ කුණුද ඔසවාගෙන දේශපාලන ගොහොරුවේ එරෙන්නට ඔහුට සිදුවේවි යැයි විචාරක අදහස වී ඇත.

 

@samaara paranavithana

නවතම ලිපි