SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන

එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

 

ඉන්දියාවේදී මිය ගිය බවට  පැවසෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් යැයි කියන අදාළ සැකකරු ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති Automated Facial Recognize System (AFRS) පද්ධතිය හරහා හදුනාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

මොහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන්  මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවත් මුල්ලේරියාව පොලිස් ස්ථානය අයිස් මත්ද්‍රව්‍ය 510g ක් සමග නාවික හමුදා නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් හට ලබාදී ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වී සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් යොදවා තිබූ බවත් මහජන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

 

සැකකරු  2011 වර්ෂයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ පුද්ගලයකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනය කිරීම, ගිනි අවි ලග තබා ගැනීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත. 

 

මේ අතර අංජු නොහොත් කුඩු අංජු නැමැත්තෙක් සමග පොලිසියේ යැයි සඳහන් ඇමතුමකින් කරනු ලබන ගනුදෙනුවක් සම්බන්ධ හඩ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත.

 

එම හඩ පටය සත්‍ය හඩ පටයක් වන්නේ නම් සාමාන්‍ය ජන සමාජයේ ආරක්ෂාවට කළහැකි කිසිවක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වටහා ගත යුතු වේ.

 

මන්ද වැටත් නියරත් ගොයම් කයි නම්  ඒ අවනඩුව කියන්නට කිසිවෙක් නැතිවන නිසාය.

එසේම දැනට සිදුකෙරෙන සියලු නාටකයන් සාමාන්‍ය ජන සමාජය දැන් වටහාගෙන සිටින නිසා මෙකී රංගනයෙන් තවදුරටත් රැවටිය හැක්කේ කවුරුන්ද යන්නත්  ප්‍රශ්නාර්ථයකි.

 

සමාජ මාධ්‍ය සංසරණය වන සම්පූර්ණ වීඩියෝව පහතින්..

 

 

 

 

 

නවතම ලිපි