SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික කෘෂි ව්‍යවසායකත්ව දැක්ම ලාංකීය ගොවි ජනතාවට පිලිගැන්වීම සහ රාජාංගනය ගොවි සමුළුව

මව්බිම ජනතා පක්ෂයේ නායක ප්‍රකට ව්‍යවසායක  දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ඒ, මැයි මස 03 වෙනි සිකුරාදා පෙරවරු 9.30 රාජාංගනය දකුණු ඉවුරේදී ය.

 

dilith govi samuluwa 

නාගත ශ්‍රී ලංකාව තුළ විප්ලවීය වෙනසක් සිදුකළ හැකි නවතම සංකල්පය ව්‍යවසායක රාජ්‍යයක් ඇති කිරීම බවත් එහිදී ව්‍යාපාරික දේශපාලකයන් වෙනුවට ව්‍යවසායක දේශපාලඥයන් බිහිවිය යුතු බවත් මව්බිම පක්ෂයේ නායකයා කියයි.

 

තම පක්ෂය යෝජනා කරන්නේ තම වැඩපිළිවෙල තුළ මේ ව්‍යවසායකයින් රැකගත හැකි ව්‍යවසායකත්ව භාරයක් ඇතිකළ යුතු බවය. ඔහු කියන්නේ,

 

“විශාල අරමුදලක් ඇතිකළ යුතුයි. මේ අරමුදල භාවිතා කළ යුත්තේ මේ නිර්මාණශීලී ව්‍යවසායකයින් රැකගැනීම සඳහායි. මේ භාරය නිර්මාණය කිරීම පිළීබඳ සංකල්පය අපි ඔබට නුදුරු අනාගතයේදී ඒ අවශ්‍ය ඉලක්කම්හා ඒ පිටුපස ඇති සංකල්පය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එමගින් මේ ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය, ව්‍යවසායකයා රැකගැනීම සඳහා වැඩපිළිවෙලක් යෝජනා කරන අතර අපේ වැඩපිළිවෙල තුළ අපි යෝජනා කරන්නේ අතිවිශාල සංවර්ධන බැංකුවක් වහා ආරම්භ කළයුතුයි”.

 

මව්බිම පක්ෂයේ නායක දිලිත් ජයවීර මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය පහතින්...

 

 

 

නවතම ලිපි