SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිංතුරය; ටිරාන්ගේ නිවස ගිනි තැබු දා ගත් එකකි.

මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස් ඇමති ධූරයෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කර ඇත.

ඒ, මහජන ආරක්‍ෂක ඇමති ධුරයෙන් ටිරාන් අලස් ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනාවක් සම්මත කරගැනීමෙනි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරු පාතාල සමාජිකයින් තුරන් කර දැමුවාට පවක් නැතැයි පසුගිය සතියේ අමාත්‍ය ටිරාන් අලස් විසින් පැවසීමත් සමඟ මෙම යෝජනාව සම්මත කර තිබේ.

 

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික මූලධර්මවලට සහ අපරාධ අධිකරණ පද්ධතිය පාලනය කරන ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට සෘජුවම පටහැනි බවයි.

 

මේ අතර ටිරාන් අලස් ඇමතිවරයා  අතීතයේ සිදුකළායැයි කියනු ලබන අපරාධයන් පිළිබඳව බී.බී.සී.සිංහල සේවයේ හිටපු ප්‍රවීන මාධ්‍යවේදියෙකු වන නන්දන වීරරත්න පවසයි.

 

04 16

 

'පොලිස් ඇමැති' ටි​රා​න් අලස්ට අනු​ව "අපරාධකරුවන් රටි​න් තුරන් කිරීම පවක් නොවේ". ඔහු මේ බව කියන්නේ පොලීසියටය. ඔහුට අයිති පත්තර [මව්බිම හා අනෙකුත්] මේ ගැන කියන්නේ මොනවාදැයි නොදනිමි. ඔහු 'අපරාධකරුවන් තුරන් කරනැයි' කියන විට ඔහු කළ විශාලම අපරාධයට තවමත් දඬුවම් ලබා නැත.

 

2005 මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දෙමළ චන්ද ජනාධිපතිවරණයේ දී පාවිච්චි කිරීම නතර කිරීම පැවරී තිබුණේ ටිරාන් අලස් ට ය. ටිරාන්ම 2010 දී කී අකාරයට කොටි සංවිධානයට රුපියල් මිලියන 600 පගාව දී දෙමළ චන්ද වර්ජනයට ඩීලය දැමීමේ නියෝජිතයා වුයේ ටිරාන් ය. බැසීල් රාජපක්ෂ එම මුදල දුන්නේ ටිරාන් අතට ​ය. චන්දය දීම වැලක්වීම අපරාධයකි. රජය යුධ වැදි සිටින සංවිධානයකට මුදල් දීම ද අපරාධයකි.

 

රාජපක්ෂලා කී ආකාරයට ඔවුහු කොටි සංවිධානය ලවා දෙමළ චන්ද වර්ජනයට රුපියල් මිළියන 800 දුන්හ. එයින් කොටින් අතට ගියේ මිළියන 600ක් පමණි. ඉතිරි මුදල ටිරාන්ගේ අතේ තිබී "වාෂ්ප" වි​ය. එය බරපතල මුදල් වංචාවකි. අපරාධකාරයෙකි.

 

එම මුදල වංචා කිරිමේ වරදට හා කොටි සංවිධානයට පගාව දිම හෙළි කිරීමේ වරදට රාජපක්ෂලා යටතේ 2010 ජනවාරි 23 වෙනිදා රාත්‍රියේ ටිරාන්​ගේ නාවල නිවස ගිනි දමා විනාශ කෙරුණේය. [මම එදින නිවස ඉදිරිපිට ටිරාන් පැවත් වූ පුවත්පත් සාකච්චාවේ ද සිටියෙ​මි]

 

ඒ අනුව පොලිස් ඇමති ටිරාන් ද බරපතල අපරාධ තුනක සැකකරුවෙකි. පොලිසිය සැකකරුවෙකුට නඩු නොපවරා තුරන් කරන්නට යන්නේ නම් පළමුව තුරන් කළ යුත්තේ යුත්තේ ටිරාන් අල​ස් ය. පොලිසියට අවශ්‍ය නම් ටිරාන්ගේ මේ අපරාධ ඔප්පු කිරීමට ඔහුගේම සාක්ෂි යොදා ගත හැකි​ය. මට ඒ වෙනුවෙන් පොලීසිය​ට උපකාර කළ හැකිය....!

 

 

@ නන්දන වීරරත්න

නවතම ලිපි