SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මැයි දිනයට පසු වදනක් එක් කරමින් කියා සිටින්නේ

දර්ශනයක් මත පිහිටා වැඩකරන පක්ෂයක් ලෙසත්, වැඩපිළිවෙලක් ඇති දේශයට ආදර්ශයක් දීමට හැකි පක්ෂයක් හැටියටත්, ජනතාව අභිප්‍රේරණය කරමින් මේ රට ඉදිරියට ගෙනයන්නට උත්සාහ කරන පක්ෂයක් ලෙසත්, සාම්ප්‍රදායික මැයි රැළිවලට එකතු නොවන්නට තම පක්ෂය තීරණය කළ බවය.

 

D 1

 

“මේ ලද බලයෙන් මේ ශ්‍රමිකයන්ට අපි මොනවද කළේ? ඔවුන් අද සතුටෙන් ඉන්නවද? එහෙනම් මැයි රැළි තියන්න දෙයක් නෑ.

 

මේ රටේ වැඩකරන ජනතාවගේ ක්‍රය ශක්තිය තුනෙන් එකකින් අඩු වෙලා තියෙනව. අද ඒකට සමරන්නෙ වැටුප් වර්ධක, වැටුප් වැඩි කිරීම්වලට ඔබ්බට ගියපු වැඩපිළිවෙලක් අපි ‘ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය’ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට ඉදිරිපත් කරනවා.

 

අද විදේශ මාධ්‍යයන් මෙය ආවරණය කරනවා ඇති. මේ ගොබ්බ පෙළපාලි ආවරණය කරලා ඔවුන් ඒ නාලිකාවල දානවා ඇති. එතකොට පෙනෙයි ඇයි  මේ රට තුන්වෙනි ලෝකයේ රටක් කියලා ලෝකෙ කියන්නෙ කියල.

 

අපි තුන්වෙනි ලෝකෙ වෙලා තියෙන්නේ මෙන්න මේ ගොබ්බ චින්තනය නිසා කියල මුළු ලෝකෙම තවදුරටත් දැනගනිවී.

ඒ නිසා මේ රටේ මේ ආ දේශපාලන ගමන අපි අනිවාර්යයෙන් වෙනස් කරනවා”.