SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහාචාර්ය නලින් ද සිල්වා අද (02) තම දිවි සැරිය නිමකොට ඇති බව සැල වේ.

ඒ ඇමෙරිකාවේ පදිංචි ඔහුගේ දියණියගේ නිවසේ සිටියදී ය.

 

ඔහු පිළිබඳව ස්පාර්ටකස් සාමූහිකයේ මාධව රුවන්පතිරණ මුහුණු පොතේ තබා තිබූ සටහනක් පහත පළ කෙරේ.

 

නලින් ද සිල්වාගේ දේශපාලන ස්ථාවරය තේරුම් ගත් කිසිඳු අනුගාමිකෙයෙකු ඔහු මිය යන තෙක්ම ඔහු සතුව නොසිටි බව අපගේ වටහා ගැනීමයි. ඔහුගේ අනුගාමිකයින් සියල්ල හුදු ජාතිකවාදීන් පමණකි. නමුත් එවැන්නන් නලින්ට අස්වැසිල්ලක් වන්නේ එවැන්නන් ඔහුගේ ඉදිරිපත් කිරීම් වල පදනම ලෙස පෙන්නුම්කල හැකි බැවිනි.

 

මහින්ද රාජපක්ෂ යනු නලින් විසින් අර්ථකථනය කරන ලද "සිංහල බෞද්ධ ජාතිකත්වයේ" නියෝජිතයා වන්නේ කෙසේද යන්න අවබෝධ කොට ගත නොහැකි උභතෝකෝටිකයකි.

 

කෙසේ වෙතත් ඝනනාත් ඔබේසේකර, චාල්ස් අබේසේකර, කුමාරි ජයවර්ධන, ස්ටැන්ලි තම්බයියා, ජයදේව උයන්ගොඩ වැනි අය යනු වමේ (අනගාරික) ධර්මපාලලාය... අනගාරික ධර්මපාල මා හට අප්‍රිය වන්නේ කෙතරම් ද ඉහත නම් සඳහන් කල වාම "බුද්ධිමතුන්" ද එතරම්ම අප්‍රිය සහගතය. නමුත් නලින් සහ ඔහුගේ ගෝලයින් ධර්මපාල අගයන්නන් ය.

 

නලින්ට පහරදුන් වාමාංශිකයින් සියලුම දෙනා ඉලක්ක සහගත වූයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද "සිංහල බෞද්ධ ජාතිකත්වය" යන්නට පහර දීම සඳහා මිස ඔහුගේ " සිංහල බෞද්ධ ජාතිකත්වය" යන්න වියුත්පන්න වන්නේ කෙසේද යන්න විමසා බැලීම සඳහා නොවේ.

 

"බටහිර විද්‍යාව" යනු "පට්ටපල් බොරුවක්" ය යන්නත්, එය සතුව ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සම්භවයක්ය යන්නත් එම විවේචකයින් සියලු දෙනාම පාහේ මගහැරිය කාරනාය. ඒවා ඔවුනට අදාළ නොවීය. ඔවුනට අදාළ වූයේ එම පදනම මගහැර යා හැකි "ජාතිවාදය" යන ජනප්‍රිය වාම මාතෘකාව පමණි. නලින්ට එරෙහිව එම මාතෘකාව එසේ අදාළ කර ගැනීමම යනු ඔහුගේ ඉදිරිපත් කිරීම් වල පදනම නොසලකා හැරීමකි.

 

@Madawa Ruwanpatirana