SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජරට වකුගඩු රෝගයට හේතු නාථ දෙවියන් හෙළිකල බව කී කාලයයි ඒ.

නාථ දෙවියන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමේ විශ්ව විද්‍යාල කණ්ඩායම් ප්‍රධානී මහැදුරු නලින් ද සිල්වා ගේ සම්මුඛ සාකච්ඡාවක් ඉරිදා ලකාදීපයට ලියන්නැයි දොඹගහවත්ත මහතා මට කීවේය.

 

මම කැලණි සරසවියට ගියෙමි.

බියෙන්මුත් කෙලින් ප්‍රශ්න ඇසුවෙමි.

 

මම - ඔබ ගණිතය පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඇයිමේ දෙවියන් අදහන්නේ?

 

ඔහු.-

ඔව් මම දෙවියන් අදහනව තමයි. ඒක අන්ධ භක්තියෙන් නෙමෙයි දැන් ඔබ මෙතනින් එලියට බැහැල බලන්න ඔය මම දෙවියන් අදහනව කියල මට හිනාවෙන මහාචාර්යවරුන්ගෙ වාහන දිහා.

මගේ වාහනේ ඇර පුළුවන් නම් දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලපු නැති වාහනයක් හොයා ගන්න..." ඔහු කීවේය.

 

ආපසු එන ගමනේ ඔහු කී සේම බැලිමි.

සැබෑවකි.

බොහොමයක දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලෙමින් තිබිණි.

 

 

@විනීතා එම් ගමගේ

Vineetha M Gamage fb page

නවතම ලිපි