SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නලින් ද සිල්වාගේ අවසන් කැමැත්තට අනුව ඔහු ලංකාවේ පැවැත්වෙන අවමංගල්‍ය උළෙලකට දැඩි අකැමත්තක් දක්වා ඇත.

"නික්ම යාමට පෙර" මාතෘකාව යොදා ලිපියක් ලියමින් ඔහු මෙසේ සටහන් කොට ඇත.

 

"මා දැනුම නිර්මාණය කරන්න උත්සාහ ගත්තා. ඒ සාර්ථක වී නැහැ. උගතුන් හා බුද්ධිමතුන් මා ප්‍රතික්‍ෂෙප කළා. මා සෑම අතින් ම පාහේ අසාර්ථක පුද්ගලයෙක්. මා තව අවුරුදු කිහිපයක් ජීවත් වේවි. මා මිය ගිය පසු මා අමතක කරන්න. මා පිටරටක මිය යනවා නම් හොඳයි. එවිට ඇතැම් උගතුන්, බුද්ධිමතුන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් බොරුවට මුහුණ පෙන්නීමට මගේ මළගමට එන එකක් නැහැ. ඒත් නැවතත් මෙරට ඉපදීම මගේ පැතුමයි. ඒ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීම සඳහා උත්සාහ කිරීමට."

 

අදාළ සබැඳි: http://www1.kalaya.org/2019/10/blog-post_20.html

(නික්ම යෑමට පෙර) https://slleader.lk/social/9763-2024-05-03-07-41-26

 

ඇමරිකාවේ මිය ගිය නලින් ද සිල්වා වෙනුවෙන් හෙට දින ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍ර උළෙලක් සංවිධානය කර තිබේ. මෙය සිදු කරනු ලබන්නේ රාජපක්ෂ කල්ලිය වෙතින් වෙන් වී ඇති බවක් පෙන්නුම කල ද අනාගතයේ රාජපක්ෂ කල්ලිය සමග එකතුවීම හැර වෙනයම් දේශපාලන ගමනක් නොමැති ඡන්න ජයසුමන වැනි අය විසින් බව වාර්තා වේ. ඊට Thamalu Maliththa Piyadigama වැන්නන් ද අනුග්‍රහය දක්වනු පෙනේ.

 

nalin sir memorial lanka 2

 

ජවිපෙ බලයට පැමිණෙන තත්වයක් තුල රාජපක්ෂ කල්ලිය දඬුවම් ලබා සිරගත වුවහොත් හැර අනීවාර්ය ලෙසම ඔවුන් නැවත බලය හිමි කරගනු ඇත. ජවිපෙ බලයට පැමිණෙන තත්වයක් යටතේ ඔවුන්ගේ විසඳුම වනු ඇත්තේ රටින් පැනගොස් ජවිපෙ ආණ්ඩුව දුර්වල වන කාලයකදී නැවත ලංකාවට පැමිණීමයි.

 

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් පවත්වන ලෙස රාජපක්ෂ කල්ලිය විසින් ඉල්ලා සිටිනුයේ සියලු රාජපක්ෂලා පාර්ලිමේන්තුව තුලට ගාල් කර ගැනීම සඳහාය. බොහෝ දුරට රනිල් විසින් එම ඉල්ලීම ඉටු කරනු ඇත.

 

රාජපක්ෂ කල්ලිය නැවත බලයට පැමිණීමට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව තුල ඇත. ඒ ඔවුන් විසින් ඉදිකරන ලද අධිවේගී මාර්ග පද්ධතිය ඇතුළු විශාල මාර්ග පද්ධතිය, මහා පරිමාන ඉදිකිරීම් ඇතුළු සංවර්ධන ව්‍යපෘති වැනි දෑ ඉදිරි කිසිඳු ආණ්ඩුවක් යටතේ ඒ ආකාරයෙන් සිදු කල නොහැකි වීම, මාර්ග පද්ධතිය අබලන් වීමට නියමිත බැවින් ඉන් පසුව අලුත් වැඩියා කිරීමට නොහැකි තත්වයක් උදා වීම, 2010-2020 සමයේ තිබූ ආතල් නැවත ඒ ආකාරයෙන්ම "ජනතාවට" ලබාගත නොහැකි වීම, මාලිමාවට ඡන්දය ලබා දෙන අයගේ බලාපොරොත්තූන් වන පෙට්‍රල් 117ට, වැගන් ආර්, ලක්ෂ 15ට, සුපිරි නිවාස ඉදිකරගැනීමට ණය පහසුකම් සහ සිමෙන්ති යකඩ වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය පහසු මිලට ලබා ගත හැකිවීම වැනි කිසිවක් ඔවුන් බලාපොරොත්තු වන පරිදි ඉදිරියේදී ඉටු කල නොහැකි වීම යන කාරනා තුල නැවතත් මහින්ද මහ රජතුමා සිහිවන "ජනතාවක්" බිහි වීම නොවැලැක්විය හැකිය (ඒ තත්වය වලකා ගැනීමට නම් ජවිපෙට සිදුවන්නේ චීන ලෝක ෆැක්ටරියේ කොටසක් බවට ලංකාව ඍජුවම පත්කිරීමයි. රාජපක්ෂ අපේක්ෂාව වූයේ ද එයයි).

 

රාජපක්ෂ කල්ලිය සිදු කරනුයේ මේ තත්වය උදාවන තෙක් කල් බැලීමයි.

පහතින් දක්වා ඇත්තේ රාජපක්ෂ කල්ලියේ අභ්‍යන්තර ප්‍රවර්ධකයෙකු වන Sampath Gajadeera විසින් දක්වා ඇති අදහසකි. ඔහුට අනුව නාමල් 2029දී නැවත බලයට එනු ඇත. ඒ බව නලින් ද සිල්වා විසින් කලින්ම දැන සිටින ලදී.

 

//නලීන් ද සිල්වාගේ

භෞතිකය මියගොස් ඇත.

ඔහුගේ ආත්මීය දෘෂ්ටිය

ප්‍රතිවාදීන් භා ලාංකීය දර්ශනවාදීන්

පලු අරිමින් සිටී

මගේ අදහස මම ලියමි.

නාම රූප මහ පොලවේ භාවිතාව තුල සැබෑවට භිහිකරන්න,

උපද්දවන්න ශක්තියක් ගැබ් නොවූ

නලීන්ට පහර දෙන

පුහු දෘෂ්ටිවාදීන්

අකුනු සහ වැහි නැති

ගෙරවිලි පමනයි.

ඒවට තමයි abstrack talk කියන්නෙ.

නලීන් හොඳටම දන්නෙ abstrak pysics

ඒ නිසාම ඔහුගේ දෘෂ්ටිවාදය අනෙකාට මහ අවුලක්.

අද දවසෙ නලීන් ද සිල්වාගේ මරනෙ

කොහේ තිබුනත්

නලීන්ද සිල්වාගේ මරනෙ

කොහේ වල දැම්මත්

ඔහුගේ ජාතික චින්තන වර්නාවලිය

සිංහල බෞද්ධ මහ ජාතිය

භාවිතාවය තුල

යළි නොබැදිය හැකි ආකාරයට

එක්කාසු කරලා අහවරයි.

ඒ හින්ද තමයි

නව ලිබරල් කයි කාර

මංගල සමරවීර

මාක්ස් ලෙනින් වාදී යයි කියා ගන්නා

අනුර කුමාරලා ටිල්වින්ලා

දිව ගෙවනකං ලතෝනි ගහලා

ප්‍රභාකරන් මරවන්න

උග්‍ර ජාතී වාදී මහින්ද 2005

බලයට ගේන්න

මහින්දගෙ සාටකේ අපුල්ලන්නෙ.

ඒ අවිඥාණකව තමා තුල සැගවී ජීවත්වන ජාතිවාදියා තමයි

කරූ ජයසූරිය

ජී ඇල් පීරිස්

දයා සිරි ජයසේකර ඇතුලු

තොග ගනන් නව ලිබරල් වලං කට්ටො

තමන්ගෙ පක්ශෙ පාට පාව දීලා

බඩ ගාගෙන ඇවිත්

මහින්ද ගාව වැද වැටෙන්නෙ.

ඔය ඔක්කොම එක්කාසු වෙලා තමයි

අන්තිමට පුදු කුඩු ඉරිප්පු රෝහලට

බෝම්බ දාලා

අහිංසක උතුරේ වැසියන් , දරුවන් මරන්නෙ

අවසානයේ ප්‍රභාකරන් මරලා

අමුඩ ගස්සලා ප්‍රීති ඝෝෂා පවත්වලා

ජය පැන් බොන්නෙ

මේ සියල්ලෙම

සමාජ පරිනාමයක් හැටියට තමයි

අද දවස වන විට රට තුල ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු සියලුම

දක්ෂිණාංශික, වාමාංශික, විප්ලවවාදී, ෆැසිස්ට් වාදී, ජනතා වාදී, දේශපාලන පක්ශ හා 90%ක් පුරවැසියන්

සවිඥානකව මොන සුරංගනා කතා කීවත්

අවිඤ්ඤාණක සිංහල ජාතික වාදීන් වෙන්නෙ.

ඒ සිංහල බෞද්ධ ජාතික වාදයට

සාපේකශව හා බලපෑම මත තමයි

රට තුල ජීවත්වන සිංහල බෞද්ධ නොවන

අනෙකුත් සියලුම ජාතීන්

ආගම්වාදීන් හා ජාතිවාදීන් වෙන්නෙ.

ඕක තමයි ඇත්ත.

ඒ වගේම 2019 ජනාධිපතිවරනයේදි

නලීන්ගේ සිංහල බෞද්ධ

ජාතික චින්තන දෘෂ්ටිවාදය ශ්‍රී ලාංකීය ජන සමාජය අතික්‍රමනය කරනවා.

එහිදී

උතුරු හා නැගෙනහිර,

නුවර එලිය, හා මස්කෙලිය

අම්පාර හා මඩකලපුව

පුත්තලම හා කල්පිටිය

ජීවත් වන මුස්ලිම් හින්දු කතෝලික

ආගම් අදහන ද්‍රවිඩ භාශාව කතා කරන

සියලු පුරවැසියන්ගෙ චන්ද ප්‍රතික්ශේප කරලා,

ශ්‍රී ලංකාව තුල රාජ්‍ය බලය ලබා ගන්න,

දකුණේ සිංහල බෞද්ධයාගේ චන්ද පමනක් ප්‍රමානවත් බව හා

සිංහල බෞද්ධයාට ඒ පිලිබද ඇති හැකියාව ගෝඨාභයගේ ජයග්‍රහනය මගින් භාවිතාව තුල ඔප්පු කරලා පෙන්වනවා.

රනිල්ගෙ නව ලිබරල් කතාව

ප්‍රජාතන්ත්‍රවදය නියෝජනය කරන

ජනතා පාර්ලිමේන්තුව ඇතුලේ

ඔහුත් සමග තනි වෙනවා.

තමන් විශ්වාස කරපු

ප්‍රජාතන්ත්‍රය විසින්ම

මහපාරට ඇදල දාන රනිල් සහ

ඔහුගේ නව ලිබරල් දෘෂ්ටිවාදය

පාර්ලිමේන්තුවේ 113 සහිතව

ජනාධිපති කරන්නෙත්

සුමන්දිරන්ගේ හෝ

හකීම්ගේ චන්දයෙන් නොව

ඒ නලීන්ගේ ජාතික වාදීන්ගේ

බහුතරය චන්දයෙනි.

අමිහිරි නව ලිබරල් ප්‍රජාතන්ත්‍ර වාදය

හා 71/89 මාරාන්තික අභ්‍යාස විදිමින්

පසුකරන රුසියානු සමාජවාදයෙන්

හෙම්බත් වී සිටින බිම් මට්ටමේ රට වැසියන්ට එකම ආශිර්වාදය හා ආස්වාදය නලීන්ලා ගුනදාසලා සෝමලා

වර්නවත් කර ආලෝකමත් කල

ආගම හා ජාතියයි.

මේ මහ පොලවේ සැබෑ යථාර්ථය හදුනාගත්

ඒ සැබෑ යථාර්ථය තුළින්ම නිෂ්පාදනය වූ

නව ලිබරල් ප්‍රජාතන්ත්‍රික සාමකාමී දෘෂ්ටිවාදයකින් බහුතරයක් ජනතාව

දැනුවත් වෙනකං

ඒ නව දේශපාලන දෘෂ්ටිය

සියලු ජාතීන්ගේ

ඓතිහාසික උරුමයන් ආරක්ශා කරනකං

නලින්ලා සෝමලා හා ගුණදාස අමරසේකර වැන්නවුන් ගොඩ නැගූ ඒ සිංහල ජාතික දෘෂ්ටිවාදය යටපත් කරන්න පරද්දන්න බෑ.

දැන් වෙන්නෙ

බටහිරින් පරාරෝපිත

අවජාතක සමාජ හා ආර්තික

දෘෂ්ටීන්ගෙන් මොල පුරවාගත්

මහ පොලොව හදුනා නොගත්

බංකොලොත් ව්‍යාජ න්‍යායාඅචාරවරුන් පිරිසක් පක්ශ හා කන්ඩායම් ලෙස

විවිධ නම් හා ලාංචන පෙන්වමින්

බංකොලොත් රට තුල

රූකඩ සංදර්ශන පෙන්වා

රටේ ජනතාව රැවටීමට මුලාකිරීමට

හැකි සෑම උත්සාහක්ම ගනිමින් සිටීමයි.

මෙයින් ආයෙ අයෙත් අවසානයේ වෙන්නේත්

නලීන්ගේ ජාතික චින්තන දෘෂ්ටිවාදය

හා එම රග දක්වන නලුවන් භා නිලියන්

බිම් මට්ටමෙන් තව තවත් ආගම හා ජාතිය කෙරෙහි බැදෙමින් එතෙමින්

ශක්තිමත් වීම පමනයි.

එහෙම නැතිව වෙන කිසිවක් හදීසියේ රට තුල වෙන්නේ නෑ.

එම නිසා සිංහල බෞද්ධ සමාජයේ ද්‍රව්‍ය හැසිරීම් හඳුනා නොගත්

එහි දයලෙක්තිය හදිනා නොගත්

බටහිර දෘෂ්ටිවාදය

වචනාර්ථයෙන් පමණක් තේරුම් ගෙන

හිස් පුරවා ගත්

නලින්ගේ ප්‍රතිවාදී කදවුරට

ආයෙ ආයේ වෙන්නෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්

මහින්ද හෝ විජේදාස වැනි

සිංහල බෞද්ධ ජාතික වාදී

රාජපක්ශ කෙනෙකුගේ පිහිට පැතීම පමනි.

නලින් ඒ බව දන්නා නිසා නාමල්ට කලින් වැන්දා මිස

එය වැරදීමකින් සිදුවූවක් නොවේ.

අප කලයුත්තේ කුමක් ද යන්න ඔබ හා මා සතුයි. නමුත් ඒගැන කතා බහ තවමත් ඔවුන් සතුයි.

එම නිස වහ වහා සියලු ප්‍රගති ශීලී ජනතාව හැකි පමනින් ක්‍රියා කාරී දේශපාලන මාවතකට මුල පිරිය යුතුයි.

හැබැයි එය මාලිමාව,ටෙලිපෝනය හෝ හෙලිකොප්ටරය නොවිය යුතුයි.

සමහර විටෙක තම

සැබෑ අරමුනු සගවාගෙන

බිම් මට්ටමේ සැරිසරන

විජේවීරගේ ලේ උරුමයට හා

ඔහුගේ සැබෑ ජාතික වාදී දේශප්‍රේමී දේශපාලනයට අයිතිය කියන

දෙවන පරපුර හා උවිදු

අනාගතයේ සැබෑ වෙනසක් කල හැකි කදවුරු අතරින් එක් කදවුරක් විය හැකියි.

සුබ දවසක්//

(උපුටාගැනීම - Sampath Gajadeera ‌fb page)

 

රාජපක්ෂ පවුල 2020දී නැවත බලයට පැමිණෙන බව සම්පත් විසින් මේ ආකාරයෙන්ම 2015දී ද ප්‍රකාශ කරන ලදී.

 

@මාධව රුවන්පතිරණ

නවතම ලිපි