SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ලංකාවේ නරින් මේ වන විට වඳවී ගොසිනි. එබැවින් මොනර ගහනය මෙන්ම ඌරු ගහනය ද උග්‍ර ලෙස ඉහල ගොස් ඇත.

ගොවීන්ට අනුව නරින් වඳ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෘෂි රසායන වර්ග බව පැවසේ. එසේම ලඳු කැලෑ විනාශ වීම, ඕවිටි වගාව මිනිසුන් විසින් අත්හැර දැමීම තවත් හේතුන් ලෙස දැක්වේ.

 

පශුවෛද්‍යවරුනට අනුව මෙසේ නරින් වඳවීමට හේතුව බල්ලන් වෙතින් නරින් කරා සංක්‍රමණය වන 'distemper' රෝගය බව Sampath Seneviratne විසින් පවසයි (ආනයනික රෝගයක් ලෙස සැලකිය හැකි එම රෝගය 1980 දශකයේ අගභාගයේ බල්ලන්ට වැළඳිම දැකගත හැකි වුව ද ඉන් පසු එවැනි බල්ලන් දැකගත නොහැකිය).

 



කෙසේ වෙතත් මෙසේ හේතු සෙවීම, නැතිනම් "බිහි තැන් සෙවීම" (extrapolation) ඵල රහිතය. නමුත් නූතන විද්‍යාවේ කාර්යය එයයි.



මේ අතර "දකුණු ඉවුර" තුල ගොනු වී ඇති ලිබරල් මුග්ධයින්ගේ මේ සඳහා විසඳුම වී ඇත්තේ ඌරන්, මොනරුන්, රිලවුන්, අලි, ඉත්තෑවන්, මරා දැමීම වැනි තාක්ෂණික ක්‍රියාවන්ය. මේ වන විට දකුණු ඉවුරේ සිංහයා වී ඇති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ චම්පිකගේ ව්‍යාපෘතිය වෙනුවෙන් එවැනි දක්ෂිනාංශික මුග්ධයින් පිරිවරාගැනීමට උත්සාහ දරමින් සිටී.

 

රිලවුන් අපනයනයට සූදානම් වූ අවස්ථාවේ අප විසින් පල කල ලිපිය පහත වේ.

 

රනිල්ගේ මහා ඉදිරි පිම්ම

 

ඊයේ පැවතී සංවාදයේදී අප වෙතින් අයෙකු විමසා සිටියේ රිලවුන් අපනයනය පිළිබඳව අපගේ අදහස කුමක්ද යන්නයි. එහිදී අප පහතින් දක්වා ඇති චීන උදාහරණය සහිතව පිළිතුරක් ලබා දෙන ලදී. වඩාත් සවිස්තරාත්මකව එය මෙසේය...

 

1958 වසරේදී චීනයේ "මහා ඉදිරි පිම්ම" ආරම්භයේදී, චීන රජය 'කුරුල්ලන් යනු ධනවාදයේ පොදු සතුන්' බව ප්‍රකාශ කළ අතර, ගේ කුරුල්ලෙකු වසරකට ධාන්‍ය රාත්තල් හතරක් පමණ පරිභෝජනය කරන බවට ප්‍රකාශ කොට උන් තුරන් කිරීමේ විශාල ව්‍යාපාරයක් දියත් කළේය. ගේ කුරුල්ලන්ගේ කූඩු විනාශ කර, බිත්තර කඩා, පැටවුන් මරා දමන ලදී. මිලියන සංඛ්‍යාත ජනතාවක් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී, ගේ කුරුල්ලන් වෙහෙසට පත්වීමෙන් මියයාමට සැලැස්වීමේ අරමුණ ඇතිව, ගේ කුරුල්ලන් ඔවුන්ගේ කැදලිවල රැඳී සිටීම වැළැක්වීම සඳහා ඝෝෂාකාරී භාජන සහ භාජනවලට පහර දුන්හ. මෙම සමූහ ප්‍රහාරයන් ගේ කුරුල්ලන්ගේ ගහනය ක්ෂය කර, එය වඳ වී යාමේ ආසන්නයට තල්ලු කරන ලදී. කෙසේ වෙතත්, 1960 අප්‍රේල් වන විට, ගේ කුරුල්ලන් වගාවන් වල කෘමීන් විශාල ප්‍රමාණයක් අනුභව කළ බව වටහා ගැනීමට චීන නායකයින්ට බල කෙරුනි. එබැවින්, සංහාරයෙන් පසු කුඹුරු වල සහල් අස්වැන්න වැඩි වනවා වෙනුවට, සහල් අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු විය. ගේ කුරුල්ලන් විනාශ කිරීම පාරිසරික සමතුලිතතාවය අවුල් කළේය. එසේම ස්වභාවික විලෝපිකයන් නොමැතිකම හේතුවෙන් කෘමීන් භෝග විනාශ කරන ලදී. කෙසේ වෙතත්, එම කාලය වන විට, එය වටහා ගන්න විට හොඳටම ප්‍රමාද වී තිබුණි. කෘමීන් භක්ෂණය සඳහා ගේ කුරුල්ලන් නොමැතිව, පළඟැටි ගහනය, රට පුරා පැතිරී තිබූ අතර, ඒ සඳහා පුළුල් ලෙස වන විනාශ සිදු කිරීම සහ විෂ සහ පළිබෝධනාශක අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළුව "මහා ඉදිරි පිම්ම" නිසා ඒ වනවිටත් ඇති වී ඇති පාරිසරික ගැටලු උග්‍ර වෙමින් තිබුණි. මිලියන 45 ක ජනතාවක් සාගින්නෙන් මිය ගිය මහා චීන සාගතය ඇති වන්නේ ඒ අනුවය. ඒ තත්වය උග්‍ර වීම තුලින් පෙන්නුම් කරනුයේ පාරිසරික අසමතුලිතතාවය ක්‍රියාත්මක වන ආකාරයයි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ නිසි විද්‍යාත්මක දැනුමකින් සිදු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැතැයි යන්නයි. මේ වනවිටත් විද්‍යාත්මක දැනුමේ ප්‍රවේශය විසින් අවුල් වී ඇති සතුන් පිළිබඳව තත්වයන් (උදාහරණයකට ලංකාවේ අලි, ඌරන්, රිලවුන්, මොනරුන් පිළිබඳව ප්‍රශ්නය) වෙත නැවත නැවත සිදු කරන විද්‍යාත්මක ප්‍රවේශයන්ගේ ප්‍රථිපල ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

 

ගේ කුරුල්ලන් ගහනය නැවත පිරවීම සඳහා චීන රජය අවසානයේ සෝවියට් සංගමයෙන් ගේ කුරුල්ලන් 250,000 ක් ආනයනය කිරීමට යොමු විය.

 

දැන් රනිල් විසින් ලංකාවේ "මහා පිම්ම" ආරම්භ කොට ඇති අතර වන සතුන් යනු සමාජවාදයේ පොදු සතුන් ලෙස සලකමින් ධනවාදයට අදාළ පිම්ම පැනීමට සූදානම් වේ. එහි එක් පියවරක් ලෙස රිලවුන් චීනයට අපනයටන කිරීමට සූදානම් වේ...

 

ඔවුන් පවසනුයේ පොල් අස්වැන්න රිලවුන් විසින් කාබාසිනියා කරන බවය. සත්තකින්ම පොල් වතු කැබලිකොට විකුණා දැමීම තුල පොල් වගාවෙන් කෙතරම් ප්‍රමාණයක් විනාශ උනිද යන්න පිළිබඳව මේ කිසිවෙකුත් අවධානය යොමු නොකරයි. එසේම "වැලිගම කොළ මැලවීමේ රෝගය" ඇතුළු පොල් රෝග ගණනාවක් මෑතකදී පැතිරීම හේතුවෙන් විශාල වශයෙන් පොල් ගස් කපා දැමුනේ ඒ සඳහා පනතක් ද සම්මතකොට ගනිමිනි. එහෙත් රෝග නිරාවරණය නොවී ඇති අතර 8 වතාවක් ගස් කැපීමෙන් පසු නැවතත් වටයකින් ගස් කැපීම ආරම්භ වී ඇත.

 

ලංකාවේ රිලවුන් විසින් වගාවන් විනාශ කරනුයේ ඔවුන් සාම්ප්‍රදායිකව වාසය කල කැලා විනාශ වීම, මිනිසුන් විසින් කැලා ප්‍රදේශ ආක්‍රමණය කිරීම, දේශගුණ තත්වයන් වෙනස්වීම තුල කැලා තුල ආහාර හිඟය වැනි තත්වයන් හේතුවෙනි. රිලවුන් අපනයනය කරන්නේ නම් ඉදිරියේදී අලි ඇතුන් වැනි සතුන් ද අපනයනය කිරීමට සිදු වනු ඇත.



කෙසේ වෙතත් ඉහත වීඩියෝවේ සම්පත් සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන කරුණු දැක්වීම තුලින් සහ ඔහු ගොනු කොට ඇති දත්ත තුලින් සිදුවෙමින් පවතිනුයේ කුමක් ද යන්න අවශ්‍ය නම් වටහාගත හැකිය.

 

ඔහු එක්තරා වැදගත් කාරණයක් සඳහන් කරයි. එනම්, මෙවැනි සතුන් වඳවීම විසින් පෙන්වා දෙන්නේ අප වෙනුවෙන් ද අනතුරු ඇඟවීමේ සීනුව නාදවෙමින් පවතින බවයි.

 

 

@Madawa Ruwanpatirana fb page

නවතම ලිපි