SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී ඊළඟ ජනාධිපති ද? මේ උපුල් ශාන්ත සන්නස්ගලගේ යූ ටියුබ් නාලිකාවේ සාකච්ඡාවට යොදා තිබූ මාතෘකාවයි.

මේ සාකච්ඡාවෙදි හෙළිදරව්කිරීම් ගණනාවක් වෙනව. ඒකෙ දි අපි අපට වැදගත් යැයි සලකන කොටසකින් වීඩියෝවට ප්‍රවේශ වෙමු.

 

 

සන්නා පාඨලීගෙන් අහන්නේ ලංකාව ඇතුලෙ පවතින මත්ද්‍රව්‍ය සහ පාතාලය ගැන පාඨලීගේ අදහසය. ඒ ප්‍රශ්නය සන්නා අහන්නේම වර්තමාන යුක්තිය මෙහෙයුම ගැන හිත තුළ තියාගනිමින් පාඨලීගේ අදහස එළියට ගැනීමටය.

 

එහිදී සන්නාට පිළිතුරු දෙමින් පාඨලී කියන්නේ ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යුක්තිය මෙහෙයුම කියන එක පටන් ගත්තේ දේශබන්දු පොලිස්පති කිරීමේ මෙහෙයුමක් ලෙස බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දේශබන්දු පොලිස්පති කිරීමට අකමැති වූ නිසා බවත්, එසේම ටිරාන් අලස් මහතාගේ ඉලක්කය වෙනත් එකක් බවත් ය.

 

“කිසිදු දේශපාලන පදනමක් නොතිබුණු ජාතික ලැයිස්තුවෙන් ආපු රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්ෂයට නැතිවම බැරි බරපතල චරිතයක් උනා. ඒවගේම කිසිම ඡන්දයක් නොතිබිච්ච ගෝඨාභය රාජපක්ෂ අවසානයේ ජනාධිපති ධූරය කරාම ගියා. සමහරවිට රන්ජන් නොමළා නම් ප්‍රේමදාස මහත්තයගෙන් පස්සේ අනුප්‍රාප්තිකයා වෙන්නත් ඉඩ තිබුණා.

 

රන්ජන් විජේරත්නට එදා තිබුණෙ ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගය නිසා එදිනෙදා පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට එක්සත් ජාතික පක්ෂයයි, රටයි මුහුණ දීල තිබුණා. ගෝඨාභය රාජපක්ෂටත් ඒ වගේම කොටි සංවිධානයේ අභියෝගය ඉදිරියේ පැවත්ම පිළිබඳ අර්බූධයකට රටයි පක්ෂයයි ඔක්කොම මුහුණ දීල තිබුණා.

 

දැන් මොහුට එහෙම ප්‍රශ්නයක් නෑ. මොහු ඒවගේ එකක් හදලා. මොකක්ද? මත්ද්‍රව්‍ය, පාතාල ලෝකය. බිය ජනක එකක් හදලා, ඒකට විරුද්ධව සටන්කරන චරිතය මමය කියල අර වගේ සෙල්ලමක්, මීඩියා ජිමික් එකක් කරගෙන යනවා.”

 

රන්ජන් විජේරත්න ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය හඹා ගියා. ඒක ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ LTTE  නායකත්වය හඹා ගියා ඒක ඉවර කළා.

 

මේක එහෙම එකක් නෑ. මේක සම්පූර්ණ සන්දර්ශනයක්. හැබැයි මහජනයාට ඒත්තු ගන්වනව මම මහා අභියෝගයකට මුහුණ දීල ඉන්නෙ, මේ රට මහා අභියෝගයකට මුහුණ දීල තියෙන්නෙ, මේකෙන් මේ රට ගලවගන්න වීරයා මමය කියල පෙන්වන සන්දර්ශනයක්. ඉන් එහා දෙයක් නෑ”.

 

ටිරාන් අලස් ඇමතිවරයාගේ මෑතකදී උඩුගත කර ඇති ප්‍රචාරක පටයක්...

 

වැඩි දුරටත් එම සාකච්ඡාවේ ඒ පිළිබඳව අදහස් දක්වා ඇති පාඨලී මෙසේ ද කියයි.

 

“හැබැයි මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ලංකාවේ බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට දැන් මේ තියෙන සමාජ සාධක බරපතල විදිහට බලපාල තියෙනවා. එක පැත්තකින් අපේ සන්නද්ධ හමුදාවලට ගිහින් එක ලක්ෂයකට වැඩි ආයුධ සන්නද්ධ පිරිසක් අද එළියට ඇවිත් තියෙනවා, ඒගෝල්ලන්ට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කොටි සංවිධානයේ දහ පහලොස්දාහක් කොටිත් එක්ක සන්නද්ධ වැඩකරල එළියට වැටිල ති‌යෙනවා, ඒගෝල්ලන්ටත්  ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය පිළිබඳ බියක් විචිකිච්ඡාවක් ඇතිවෙලා සමාජය කඩාවැටිලා තියෙනවා. මේවත් එක්ක ලෙහෙසියෙන්ම ව්‍යාප්ත වන දෙයක් තමයි මත්ද්‍රව්‍ය.

මේක අපි තේරුම්ගන්න ඔින රා කට්ටෙන්, ගංජා සුරුට්ටුවෙන් එහාට ගිහිල්ලා”.

 

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පාඨලී දැක්වූ අදහස්...

 

 

#Ivon Priyanka