SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

s[බලපිටියට - බලපිටිය කුරුදුවත්තේ දී හමුවීම කුල ගැටුමක් ද?]

දේමු​ණි ප්‍රැන්සිස් ශ්‍රීනාත් ද සොයිසා අභයසිරිවර්ධන [1874-1942] පසුගිය සියවසේ මුල් භාගයේ සිටි සුප්‍රකට රාජ නීතීඥයෙකි. ඔහු බලපිටියේ 'ගමකරන 'වලව්වෙ උපන්නේ ය. විවා​හ වූයේ අහුන්ගල්ලේ ගල්වෙහෙරේ ක්ලාරා විජේසේකර සමඟය. පසුව සර් ෆ්‍රන්සිස් බවට පත් වූ ඔහු ලංකා ජාතික සංගමයේ හිටපු සභාපතිවරයෙකි. ඔහු 1936 - 1947 අතර කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කලේ අම්බලංගොඩ - බලපිටිය ආසනය යයි. ඔහුගේ පුත්‍රයා ලූෂන් ද සොයිසාය. ඔහු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු, වේදිකා නළුවෙකු හා ඉංග්‍රිසි නාට්‍ය රචකයෙ​කි. ලූෂන්ගේ පුතා රිචඩ් ද සොයිසාය.

 

රණසිංහ රිචඩ් සිල්වා උපන්නේ අහුන්ගල්ලේ ය. ඔහු යොවුන් වියේම රැකියාවක් සොයා කොළඹට සංක්‍රමණය විය. පසුව හොරණ ජයසිංහ ආරච්චිගේ එන්සිනා සමඟ විවාහ විය. රිචඩ් රණසිංහ රැකියාවක් සොයා පිටකොටුවට වන විට සොයිසාවරු කොළඹ 07, කුරුදුවත්තේ ප්‍රභූවරු බවට පත් වී සිටියහ.

 

දේමුණි සොයිසාවරුන්ගේ තෙවැනි පරපුර වෙද්දී දේශපාලනය වෙනුවට කාලාව හා වෙනත් සං​ස්කෘතික ව්‍යාපාරවල නිරත වී සිටියහ. රිචඩ් ද සිල්වාගේ, රණසිංහ ප්‍රේමදාස පුතා සම කුල ඒ. ඊ. ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂයේන් දේශපාලනය අරඹා පුර්ණ කාලීන දේශපාලනය පිවිසුනේය.

 

දේමුණි සොයිසාගේ තුන්වන පරම්පරාව දේශපාලනයට එකතු නොවීය. එහෙත් ඔවුහු මානව හිමිකම් හා සෙසු මානව අයිතිවාසිකම් ගැන උනන්දුවක් දැක්වූහ. රණසිංහ ප්‍රේමදාස මැති ඇමැතිකම් හරහා අගමැතිකමට එද්දී සර් දේමුණි ප්‍රන්සිස් ද සොයිසාගේ මුණුපුරු රිචඩ් ද සොයිසා නළුවෙකු, ජනමාධ්‍යකරුවෙකු හැටියට ජාත්‍යාන්තර කීර්තියට පත් වී සිටියේ ය. ප්‍රේමදාස ජනාධිපති වෙද්දී රිචඩ් ද සොයිසා ‘ඉන්ටර් ප්‍රෙස් සර්විස් [ ] නම් අන්තර් ජාතික පුවත් සේවයේ කොළඹ ශාඛාවේ ප්‍රධානියා විය.

 

1990 පෙබරවාරි 18 වන විට ප්‍රේමදාස = රන්ජන් විජේරත්න, දේශප්‍රේමි ජනතා ව්‍යා​පාරය මුලුමනින්ම සමුල ඝාතනය කර මාස තුනකටත් අධික කාලයක් ගෙවී තිබුණේය. එහෙත් 1990 පෙබරවාරි 18 උදෑසන ප්‍රේමදාසගේ පොලිස් මිනීමරු බලකායේ නායකයා වූ නියෝජ්‍ය පොලිස්පති රෝනී ගුණසිංහ ඇතුළු සන්නද්ධ කණ්ඩායමක් රිචඩ් ද සොයිසා පැහැර ගත්තේය. 19 වෙනිදා මරා මුහුදේ ගිල්වනු ලැබු රිචඩ් ද සොයිසාගේ සිරුර සොබා දහම මොරටු වෙරළට ගෙනැවිත් තිබුණේය…!

 

ජනාධිපති ප්‍රේමදාස කුරුදුවත්තට සංක්‍රමණයට වන විට සොයිසාවරු කුරුදුවත්තෙන් රාජගිරියේ වැලිකඩ වත්තට මාරු වී සිටියහ. මෙය නව දේශපාලන පංතිය හා පැරණි ප්‍රභූ පංතියේ ගටුමක් ද? නැතිනම් කුල ගැටුමක් ද?

 

දේමුණි සොයිසාවරු සලාගම වංශයේ කුරුදුකාර උප කුලකයේ ප්‍රභූවරුය. රණසිංහවරු සලාගම වංශයේ පහළම තට්ටුවේ උප කුලකය ​වූ හින්නා වංශිකයෝ ය. රොනී ගුණසිංහ ද අයිති මේ උපකුලකයට ය. රණසිංහ හා ගුණසිංහ එකතු වී දේමුණි සොයිසා පරපුරක කෙනෙක් මරා දැමීම අහම්භයක් ද? කුල පලි ගැනීමක් ද? ඉතිහාසය දේශපාලන මානව විද්‍යාවෙන් කියවා ගත යුත්තේ ඒ නිසාය.

 

@නන්දන වීරරත්න

‘පියාණොගේ පුතාණෝ - රණසිංහ ප්‍රේමදාසගේ අපරාධ ඉතිහාසය 1954 - 1994’ නොපළ කෘතියේ ‘ ඝාතකයා කුරුදුවත්තට පනී,’ පරිච්චේදයෙනි.

නවතම ලිපි