SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති හමුවේදී අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර කියා සිටියේ

තම පාසැල් අවදියේ, විශ්ව විද්‍යාලයේ සහ ජීවිතයේ විවිධ තැන්හිදී හමුවූ මිතුරන් විශාල සංඛ්‍යාවක් හමුවේ ඔවුන්ව ඇමතීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණක් බවයි.

 

දිලි 10 

“මම අකමැතිම දේ මේ ‌දේශපාලනයයි. ඒත් අපිට මේ දේශපාලනයට එන්න සිද්ධ උනා. මගේ මිතුරන් ගොඩක් දෙනා දන්නවා මම මේ දේශපාලනයේ හිටපු හැටි. මොකද අපි කුඩා කාලයේ ඉඳල දැක්ක දේශපාලනය තමයි අපිව මෙහෙයවන්නෙ කියල. අපි උත්සාහ කළා විවිධ විදිහට මේ රටේ අපේ මව්බිමේ අනාගතය වෙනස් කර ගන්නට.

ඒ අතරතුර අපි විවිධ රාජ්‍ය නායකයින්ට, පක්ෂවලට උදව් කළා.  ඉතාම අවාසනාවන්ත විදිහට අපේ ඒ බලාපොරොත්තු කැඩුන. ඒ කැපකිරීම් වලට අපිට ලැබුනෙ මඩ. අපිට ලැබුනෙ අවලාද, ඇගයීම් නෙවෙයි. ඒත් ම‌ගෙත් එක්ක හිටපු මගේ මිත්‍රයෝ දන්නව ඒ පෙට්ටි කඩේ රොටී කෑවෙ ඒ දිලිත්ම තමයි කියල. ඒ රොටී කාපු හැමෝම මෙතන ඉන්නව. ඒ ටික් ටොක් එකේ රඟපාන දිලිත් නෙවෙයි කියල, මෙතැන ඉන්න බොහෝමයක් දෙනා දන්නවා”.

 

 

 දිලි 2දිලි 3දිලි 4දිලි 6දිලි 7දිලි 8දිලි 9

#SAMAARA PARANAVITHANA

නවතම ලිපි