SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔහුගේ කාර්යාලයේදී හමුවීමට පසුගිය දා

ලංකා සංචාරයට පැමිණි  ඉන්දීය විදේශ අමාත්‍යවරයා කටයුතු කර තිබිණි.

 

එහිදී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා වී ඇතැයි මාධ්‍ය වාර්තා වලින් කියැවේ.

 

ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේගයට මුහුණ දීමට සමගි ජන බලවේගය මගහැර යා නොහැකි සාධකයක්ව පවතින අතර කලාප දේශපාලනය මේ පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇති බව පෙනෙන්නට ඇති කාරණයකි.

 

විපක්ෂනායක සජිත් හමුවූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයශංකර් ඉන්දීය අගමැතිවරයාගේ ආරාධනයක් ඔහුට ලබාදී ඇත.

 

“ඔබතුමාගෙ පැමිණීම මෝදි අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ඔබතුමා කරුණාකරලා ඉන්දීය නිල සංචාරයකට එකතු වෙන්න"

 

සාකච්ඡාව අවසානයේ නිල වශයෙන්ම ශ්‍රී ලංකා විපක්ෂ නායකවරයාට බලාපොරොත්තුවෙන් සිටි ඉන්දීය ආරාධනාව ලැබී ඇතැයි පාක්ෂිකයින්ගේ මතය වී ඇත.