SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය

මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

 

අඩු ආදායම්ලාභි පිරිස්හට ලබා දෙන සහල් කිලෝ 10 සලාකය කරුවලගස්වැව අඩු ආදායම් පවුල් 7881 කට ආසන්න පිරිසකට බෙදා දීමට රැගෙන විත් තිබුණි.

 

තිස්සමහාරමයේ සිට සහල් මෝලකින් රැගෙන විත් තිබු මෙම සහල් තොගය රුපියල් ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත බව පැවසේ.

 

සහල් තොගයේ කිලෝ 10 බැගින් ඇසුරා තිබු ඇසුරුම් වලට අමතරව තවත් උරයක මෙම සහල් අසුරා තිබු බව සඳහන් ය.

 

මීට පෙරද අඩු ආදායම්ලාභි පවුල් සදහා බෙදාහැරිමට සූදානම් කර තිබූ සහල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණය වී තිබුණි.