SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මීට අවුරුදු කිහිපයකට පෙර අපේ රටේ තිබුණු තත්ත්වය ඉතාමත්ම ඛේදනීයයි. ජනතාව නිවෙස්වල සිටිනවෙලාවට වඩා වැඩි වෙලාවක් ගත කළේ මහ පාරේ පෝලිම්වලයි.

දරුවන්ට බොන්න කිරිපිටි ටිකක්වත් හොයාගන්න බැරි තැනකට ලංකාව ඇද වැටුණා. ඉන්ධන බවුසරයක් දැක්කම ජනතාව අත්පුඩි ගැහුවා. වරායට ඉන්ධන නැවක් ආවම එය ප්‍රධාන මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා".

 

"මෙවැනි ව්‍යාකූල අවස්ථාවක කිසිකෙනෙක් මේ රටේ වගකීම බාරගන්න ඉදිරියට ආවේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දෙකෝටි විසිලක්ෂයක් ජනතාව වෙනුවෙන් ඉදිරියට පැමිණ ඒ වගකීම බාරගත්තා.

 

රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට පිළිබඳ දැක්මක් සහ ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු නිසා මේ වැටුණු රට බාරගෙන ඉතාම කෙටි කාලයක් තුළ නැවත රට ගමන් කළ වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව ලැබුණා"

 

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව පවසා ඇත්තේ ඊයේ (26), ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙ‍ෙහයුම් කාර්යාලයේදී පැවැත්වුණු  දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමකදී ය.