SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොලිවියාවේ රජය පෙරළා දමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට තැත් කළ එරට

හමුදා ජෙනරාල් ජුආන් ජෝසි සුනිගා අත්අඩංගුවට ගැනීමට බොලීවියානු පොලිසිය සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

ඔහුගේ නායකත්වය යටතේ හමුදා කණ්ඩායමක් ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට ඊයේ සවස කඩා වැදී තිබුණි.

 

එසේම රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටා ඇති මුරිල්ලෝ චතුරශ්‍රයේ හමුදා සන්නද්ධ රථ ස්ථානගත කර තිබුණි. පසුව එම හමුදා කණ්ඩායම් ඉවත් වී තිබේ.

කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවය.

 

ජනාධිපති ලුවී ආර්ස් පවසා ඇත්තේ සිය රට අස්ථායි කිරීමට ගන්නා උත්සාහය ප්‍රතික්ෂේප කරන බවය.