SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් 

මාසිකව රුපියල් ලක්ෂ   දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

 

වෙනත් පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම  දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මෙලෙස දීමනා ලබන  පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව කියැවේ.

 

ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර ඇත.

 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ  එවැනි තොරතුරක්  තමාටද  ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවය.

 

asianmirror වාර්තාවකින්.

නවතම ලිපි