SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නීතීපති සංජේ රාජරත්නම් ගේ සේවා කාලය  පසුගිය ඊයේ (27) දිනෙන් අවසන් විය.

නීතීපති දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් පුරා  සේවය කළ නීතිපති සංජේ රාජරත්නම් විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපති දෙපාර්තමෙන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව  වාර්තා වේ.

 

නීතීපති සංජේ රාජරත්නම් ගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර දීම ප්‍රතික්‍ෂෙප කෙරිණී.

 

ජනාධිපතිවරයා ගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායක සභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.